Tuesday, August 23, 2011

ජිහාඩ් හා ඊළාම් නරුමයෝ



කහවත්තේ සිදුවූ ඝාතන රැල්ලත් සමග කරළියට පැමිණෙන්නේ ග්‍රීස් යකා යැයි කියාගත් මනංකල්පිත සංකල්පයයි. මෑත අතීතයේදී සිදුවූ ග්‍රීස් ඇගගාගත් මානසික පීඩිතයින් ගෑණුන් භයකිරීමෙන් මෙම ග්‍රීස් යකා සංකල්පය ගොඩ නැගිනි. එය මැකීගොස් හමාර වී තිබියදී එකවිටම නැවත මෙම කාරණය කරළියට ඒම භයංකර සුලුවිය. නමුත් මෙහි ක්‍රියාවලිය දෙස නොත්යොමුකර බැලීමේදී පැහැදිළි වූ කාරණාව මෙම ලිපියෙන් පැවසීමට පසුබට නොවෙමි.

ඊළාම් යනු නැවත නැවත මතක්කල යුතු කාරණාවක් නොවේ, එය ලබාගැනීමේ සටන යුධමය අතින් පරාධවී හමාරය. නමුත් අලුයට ගිණි සේ එම සංකල්පය හිත්හී තබාගත් නරුමයින් නැවත ක්‍රියාත්මක වීමට උත්සාහකරමින් සිටී. දෙමළ දේශපාලන පක්ෂයක් හරහා ඔවුන් නැවත ග්‍රීස්යකා පිටින් ගොඩනැගීමට උත්සාහ කරයි. ඒ ජාතිවාදී අරගලයක් හා හමුදාව පොළීසිය මෙයට හේත්තු කොට ජාත්‍යන්තරයට අමුතු කථාවක් පෙන්වාදීමයි. මඩකලපුවේ සිදුවූයේ එවැනි දෙයකි.ඔවුන් නාවිකහමුදා කදවුරට පවා ප්‍රහාර එල්ලකලේය. මාතෘභූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගත් අප වීරයන්ට පහරදීම මොනතරම් නම් නිවට වැඩක්ද? ඒ අප සිංහලයන්ගේ ලේ කෝපකිරීමේ අරමුනයි.
මේ කාරණාව මෙසේ ක්‍රියාත්මක වන අතර මෙහි හැංගිහොරා තවත් පිරිසක් සිටී, ඒ ජිහාඩ් නම් වූ අන්තවාදී කල්ලියයි. ජිහාඩ් යනු ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ ප්‍රසාරණය වීමේදී මුස්ලිම් නොවන සටන්කරැවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරැවන්‍ හෝ ප්‍රචන්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරින්ට යටත් නොවන රාජ්‍ය වලට විරැද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරැන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.
අහිංසක පැදුරු වෙළෙන්දන් දෙදෙනෙක් මරාදැමෙන්නේ මේ අතරය , ඊට අමතරව පුත්තලමේදී රාජකාරියේ යෙදීසිටි පොළිස් කොස්තාපල් වරයෙක් මරාදමන ලදී.

මොවුන්ගේ අරමුණැ රටතුල ග්‍රීස් යකෙක් මුදාහැර රාජ්‍ය අස්ථාවර කිරීමයි, තවද සිංහල ගම්තුළ මෙය කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරවීමයි. එවිට බොහෝ නූගත් පිරිස් ගමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන්ට පහරදීමටත් , මරාදැමීමටත් පෙලබේ. මෙය ලිපිය ලිවීමේ අරමුණ එය ඉතා පැහැදිළිව වටහා දීමයි. කිසිවිටකත් කිසිවෙකුට පහර නොදෙන්න , සැකසහිතනම් පොලිසීයට දන්වන්න. එයයි කල යුත්තේ. නීතිය අතට ගැනීමට ඔබට කිසිදු බලතලයක් නැත. මේ කරණය නිවැරදිව වටහාගන්න.

මේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අස්ථාවර කර ජාත්‍යන්තරයට ඇගිල්ලෙන් ඇන මේකයි තත්වෙ යැයි කීමේ මූලික ක්‍රියාදාමයයි. මෙම කුමන්ත්‍රණකරුවන් , බොරුප්‍රචාරකයන්, අන්තවාදීන් ගැන හෝඩුවාවක් ඇත්නම් වහාම පොලීසියට දන්වන්න. එය මාතෘභූමිය නිවටයින්ගෙ බේරාගැනීමට මනා පිටුවහල්ක් වේවි.

9 comments:

  1. මේ බිය මුලින්ම ඇතිවුවේ රට මැද පිහිටි සිංහල බහුතරයක් ජීවත්වන ගම්මාන වල නොවේද.? ඉන්පසුව එය නැගෙනහිර උතුර ආදී සුළු ජාතිකයන් බහුල ප්‍රදේශවල ජනතාව අතරට ගිය බව ඔබට සිහිකළ හැකිද? සැබවින්ම ග්‍රීස් යකා සංකල්පය මේ තරමට ජනතාව අතරට රැගෙන ගියේ කලදුටුකල වල ඉහ ගන්න අප රටේ ජනමාධ්‍ය විසිනි.රජය විසින් කල යුතුව තිබුනේ ජනතාව අතර පැතිර ගිය බිය නැතිකිරීම සදහා උපක්‍රම යෙදීමයි.තාවකාලික මුර පොළවල් යෙදීම,රාත්‍රී මුර සංචාර පොතට සීමා නොකර ක්‍රියාත්මක කිරීම,සිවිල් ආරක්ෂක කමිටු නැවත පැනවීම ආදිය ඉන් සමහරකි.මේවා හරිහැටි සිදුනොවීම බොහෝ ගැටළු වලට මුල්වුව යන්න මගේ අදහස වේ.ජිහාදය කෙසේ වෙතත් පසුගිය යුද සමයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව කොටි ත්‍රස්ත වාදයට එරෙහිව ආරක්ෂක අංශවලට කොතරම් සහයෝගයක් දුන්නේද යන්න ඔබ නොදන්නවා ඇති.සහෝදරයා,තේ කෝප්පයේ කුණාටු දකිනවාට වඩා කලයුත්තේ නැවත ජාතිවාදී අරගල නොවීම පිණිස වැඩ කටයුතු කිරීමය.නැගෙනහිර සාමාන්‍ය ජනතාවට ජිහාදයට වඩා තමන්ගේ කෙතේ අස්වැන්න නෙලාගැනීම වැදගත් බව ඔබ නොදන්නවාට මම දනිමි.ඒ ඇයිදැයි මගෙන් නොඅසන්න.ඔබට වඩා මා රටට ආදරය කරන බව පමණක් මා සහතික කර කියමි.මා හාන්සිපුටු දේශප්‍රේමියකු නොවෙන බවද කියන්නෙමි.

    ReplyDelete
  2. කහවත්තේ සිද්ධිය මම කියල තියෙනව, ග්‍රීස් වේසයෙන් එන හොරු, තක්කඩි ගැන අහලත් ඇති නේද? කින්නියා , මඩකලපුව , යාපනය වගේ ප්‍රදේශ වල සියලු ග්‍රීස් යකුන් දුවන්නේ ආමි කදවුරු වලටය. එහි යමක් ඔබට පෙනේද? ත්‍රස්තවාදී සටන වෙලේ උදව් කරන්නට ඇත. මක්නිසාද එය ඔවුන්ටත් කරදරයක් වූ නිසාය. මේ කාරණාව තුල මම හෑම මුස්ලිම් කෙනෙකුට ඇගිල්ල දික්කර නැත. ජිහාඩයේ මූලිකයන්ට ඇගිල්ල දික්කරන්නේ ,ඔවුන් මෙහි සම්බන්ධ නිසාය. ඔබගේ වැරදි වටහා ගැනීම නම් මේ කාරණාය මුස්ලිම් වරුන්ට ඔබ පොදුකොට සැලකීමයි. ජාතිවාදයක් නැවත්වීම වූ කලී මෙහි මූලික අරමුණයි. ඔබේ රටට ආදරය කිරීම මට වඩායැයි කීමට ඔබට සාධක නැත

    ReplyDelete
  3. මම ඉන්නෙ හද්ද සිංහල ගමක. මේ වටපිට ගම්මානත් එහෙමයි. එතකොට මෙහෙ රෑට හොල්මං කරන්නෙත් ඔය ඊලාම්වාදියොද?

    ReplyDelete
  4. වටහා ගන්න ඔය එන්නේ , හොරු ,මංකොල්ලකාරයෝ , පුද්ගලික තරහ කාරයෝ , මානසික රෝගියෝ , මොකද දැන් කථාව ගොඩ නැගිල ඉවරනෙ , අස්සෙන් එන්නේ ඒකයි . ඔය ඊලාම්වාදීන්ටයි , ජිහාඩ්ලටයි කරගන්න ඕන ඕකතමයි, පේනවද අරාජික වීමේ මූලික ලක්ෂණ. කියවන්න මම ලියපු ලිපියෙ අන්තිම ටික. කියෙව්වෙ නැද්ද ඔක්කොම

    ReplyDelete
  5. බොහොම නරුම විදියට පර්ශ්නය විග්‍රහකරලා තියෙන්නේ.
    කියන්න කනගටුයි ලොකුම ජිහාඩ් කාරයො ඉන්නේ පාලක ප0තියත් ඵක්කයි දෑන්.හකීම් ල නෙවෙයිද ලොකුම ජිහාඩ් කරයො?
    අපිට කොලේ හ0ගලා ගහන්න ඵපා ජිහාඩ් පිටින් දාල තමා මේ පාර ගේම ගහන්නෙ!!!!!!!!!!!!

    ReplyDelete
  6. පළමු කොමෙන්ටුව දැමු ඇනෝ වෙමි.ඔබට වඩා මා රටට ආදරය කරන පැවසුවේ නිකම්ම නොවේ.එක දිගට ආරක්ෂක කදවුරු බිඳ වැටෙමින් සෙබළුන් දහස් ගණන් එක තැන මියයන යුගයකදී මා ආරක්ෂක සේවයකට බැඳුනු අතරම තව දුරටත් එහි සාමාජිකයෙක් වෙමි.මා එම රැකියාව තොර ගත්තේ තුන්වේල කෑමට නැති නිසා නොවෙන බව කියමි.මට එතරම් අගහිගයක් කවදත් තිබුනේ නැත.මගේ වයසේ තරුණයන් දහස් ගණන් මිය යද්දී කාර්යාලීය රැකියාවක් කරගෙන මගේ පාඩුවේ සිටින්නට මට සිතුනේ නැත.මා කලදේ ඔබද කර ඇතිනම් මම වැරදි බව පිලිගනිමි.අපේ රටේ ජනයාගෙන් අතිමහත් බහුතරයට ධර්ම රාජ්‍ය,ඊලම හෝ ඉස්ලාමික අධිරාජ්‍යයක් උවමනා නැත.තමන්ගේ රැකියාවක් කරගෙන සාමකාමිව ජීවත් වීම ඔවුනගේ අරමුනයි.ඔබ වැන්නවුන්ගේ අදහස් නිසා නැවත රට තුල රුධිර ගංගා ගලායාමට ඉඩ ඇතිබව මට සිතේ.

    ReplyDelete
  7. ඔය ග්‍රීස් යක්කු ගන නම් කතා කරලා වැඩක් නෑ.
    යුද්දය ඉවර උනා විතරයි දැන් තවත් එකක් !!!

    ReplyDelete
  8. මචෝ ජාති වාදය අවුස්සන්න හදන්න එපා. ඕක මිස්සුන්ගේ අවදානය වෙන අතකට හරවන්න කරපු වැඩක් කියලා හැමෝම දන්නවා.

    ReplyDelete
  9. ubalage sinhala un veradi karanne nethi pinvanthayo ne . udeta news paper eka arang balang duwawa thaththa rape kara kiyala ethi a okkoma sinhalas un thamai .

    ReplyDelete