Showing posts with label දේශපාලන සහ වෙනත්. Show all posts
Showing posts with label දේශපාලන සහ වෙනත්. Show all posts

Friday, May 22, 2015

රාජ්‍යපාලනය බිඳ දැමීම හෙවත් Regime Change



රාජ්‍ය තන්ත්‍රය වෙනස්වීම පිලිබඳ සංකල්පය ගොඩනගා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙහි පවතින දුගී දුප්පත් රටවල් වල නායකයන් කෙරෙහි පවතින වෛරවාන්විත හැගීම් උඩ බව නොයෙක් අවස්තාවලදී දිස්වූ සත්‍යයකි.මෙම ධනවාද රටවල් වල පරමාර්ථය වන්නේ දියුණුව කරා ගමන් කරන රටවල් වල මහජන බලය සීමාකිරීමට බලවත් හේතුවක් මත බැවින් දැන් රාජ්‍ය තන්ත්‍රයන් වෙනස්වීම් ලොවෙහි සෑම ප්‍රදේෂයෙහිම පවතින්නේය.


රාජ්‍ය තන්ත්‍රයන් ක්‍රියාවන්නේ කෙසේද?


මෙයට මුල් වන්නේ “සමාජයීය මැදහත්වීම”යන වචනය වෙයි.මෙය තරුණ කොට්ටාශය අතර අදහස් හුවමාරු කරගැනීමේ අලුත් සහ ජනප්‍රිය මාර්ගයක් ලෙස සලකනු ලැබේ.ඇත්ත වශයෙන්ම මෙම මතය රටවල් වලට බලෙන් ගෙන ඇත්තේ දියුණුව කරා ගමන් කරන රටවල් වලට බාධාවන් ඇති කිරීම සඳහා බව ඔප්පුවී තිබේ.මෙම සමාජ මාධ්‍ය නැමැති ආයුධය තුවක්කු සහ වෙඩි උන්ඩ වලට වඩා බලසම්පන්න බව කාහටත් මනාව පෙනෙන්නට තිබේ.

මෙම සමාජයීය අයහපත් ලෙස ක්‍රියාකරන්නේ කෙසේද?

එය ඉතාමත් පහසු දෙයකි.බටහිර එන්.ජී.ඕ. ආයතන සීරුවෙන් ඔවුන් විසින් කුරුමානකර ගත් රටවල් ඇතුලෙහි ඉංග්‍රීසි මධ්‍යස්ඨාන ලෙස හඳුන්වමින් රටෙහි සෑම ප්‍රදේශයකම “සයිබර් කුටි”පිහිටුවනු ලැබේ.මෙහි පරමාර්ථය වන්නේ රටෙහි පදිංචිව සිටි ජීවිතයෙහි නොයෙකුත් අප්‍රසාද තත්වයන්ට මුහුණ දී සිටින තරුණ පරම්පරාව “සමාජ මාධ්‍ය” නමැති කලාව කෙරෙහි ප්‍රගුණ කිරීම බැව් දැනට ප්‍රත්‍යක්ෂවී තිබේ.ඔවුන් පළමුවෙන්ම එම තරුණයන්ට විද්‍යුත් භාණ්ඩ වන කොම්පියුටර්,දුරකථන යනාදිය සපයාදෙනු ලැබේ.තවද මේ සමඟම රටෙහි නායකත්වයට විරුද්ධව ඇති චෝදනා අඩංගු ලිඛිත සටහන්ද සපයාදෙනු ලැබේ.මෙයට ආධාරයක් වශයෙන් වෙනත් රටවල තරුණ පරම්පරාවද යොදවනු ලැබේ.ඊට පසු යම් බලවත් විරෝධ ව්‍යාපාරයක් ඇති කිරීමේ පරමාර්ථය උඩ මෙම නායකත්වයට විරුද්ධව නඟා ඇති චෝදනාවල් අවුරුදු කිහිපයක් යනතුරු මෙම තරුණයන් විසින් මහජනයාගේ සිත් වලට කාවද්දති.

අවසානයේදී මෙම චෝදනාවල් සත්‍ය බව මහජනයා විසින් පිළිගනු ලැබේ.තවද කටින් කට ගොස් මෙම පණිවුඩය සත්‍ය එකක් ලෙස පිළිගැනීමට මහජනයා පසුබට වන්නේ නැත.මෙම නිශ්ශබ්ද ලෙස ගෙනයන යුද්ධයන් නිසා බොහෝ රටවල නායකත්වය විනාශ මුඛයට පත්වන්නේය.


ශ්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්ද?


ඉන්දියන් සාගරයෙහි ඒකාධීකාරය සම්පූර්ණයෙන්ම ලබාගැනීම ඉතාමත් අවශ්‍ය කරුණක් බව ඇමරිකා එක්සත් ජනපදය සලකති.ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය නගාසිටුවීම සඳහා නොයෙක් ව්‍යාපෘතීන් ඉටුකිරීම වෙනුවෙන් චීනය විසින් අඩු පොලියට මුදල් ලබාදී තිබේ.1950 වර්ෂය වැනි ආදිකාලයක සිට චීනය ලංකාවේ පැරණි මිත්‍රයෙක් වන්නේය.එහෙයින් චීනයෙන් ආධාර ලබාගැනීම ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවන්නේය.නියමිත කාල සීමාවන් ඇතුලත චීනය විසින් තම ව්‍යාපෘති ඉටු කිරීමෙන් පසු මෙරටින් පිටවන්නේය.ශ්‍රී ලංකාවට චීනය විසින් උදව් කිරීම ගැන ඇමරිකාව නොසතුටට පත්ව සිටී.බටහිර රටවල් මෙම කරුණු නිසා ඉතාමත් අසතුටුදායක තත්වයක සිටී.එයට හේතූන්?

ආහාර අතින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වන අතර එය දියුණු කිරීමට යහපත් තීරණයන් රැසක් ගනිමින් සිටී.මේ හේතුවෙන් ආධික පොළී සහිත ණය මුදල් සහ සහනාධාර උඩ පිටි ඇමරිකාවෙන් ගැනීමට අවශ්‍ය නොවන්නේය.

ඇමරිකාව කෝපාවිෂ්ට වීමට හේතුව?

එරට ඇති වැඩි පිටි තොග විකිණීමට නොහැකිවීම සහ ණය මුදල් ලබාදීමෙන් අධික පොළී ප්‍රමාණයන් අයකරගැනීමට නොහැකිවීම.ඇමරිකාව චීනයට ණයගැතිව සිටින අතර එය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 17ක් වේ.එහෙයින් චීනයට මෙම ණය ගෙවීම සඳහා ඇමරිකාවට මුදල් අවශ්‍ය වී ඇත.


ශ්‍රී ලංකාවට වෛර කරන්නන් කවුද?


සිංහලයන්ගේ මනුෂ්‍ය අයිතිවාසිකම් වලට විරුද්ධව දරුණු අපරාධයන් බ්‍රිතාන්‍ය විසින් සිදු කොට තිබේ.ශ්‍රී ලංකාවට නිදහස ලැබුනායින් පසුද බ්‍රිතාන්‍ය විසින් එය ඔවුන්ට අයිති කොලනියක්  ලෙස සලකන අතර ශ්‍රී ලංකාවට සුදුසු මොනවාදැයි ඔවුන් විසින් තීරණය කිරීමට උත්සහ කරති.බ්‍රිතාන්‍ය විසින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ ජාතිකයන් ගෙන ඇත්තේ මාර්ගයන් තැනීම සඳහා වන්නේය.මෙම ද්‍රවිඩ ජාතිකයන් යොදවා වැඩගත් පසු ඔවුන් ශ්‍රී ලංකාවට බරක්වන පරිදි ශ්‍රී ලංකාවෙහි පදිංචි වීමට ඉඩදෙන ලදී.තවද බ්‍රිතාන්‍ය යටතෙහි තිබුණු අනිකුත් රටවල් වලටද මෙවැනි තත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ.

රටෙහි වෙනත් ප්‍රදේශ වලට නොමැතිව උතුරෙහි විශේෂ පහසුකම් සහිත පාසල්,පුස්තකාල ඇමරිකන් මිෂනාරිවරුන් විසින් පිහිටුවන ලදී.

මෙරට සිංහලයන් පාලනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් යොදවාගත් ප්‍රතිපත්තිය වන්නේ “බෙදා පාලනය කිරීම”වන්නේය.සුළු ජාතිකයන් වන දෙමල ජනයාට සැලකීමක්  දක්වූ අතර,සිංහලයන් ගැන එවැනි සැලකීමක් නොපෙන්වන ලදී.

කොළඹ පදිංචිව සිටි දෙමල අය බටහිර සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමල කොටි ත්‍රස්තවාදී සංවිධානය පිහිටුවාගන්නා ලදී.අඩුකුල වලට අයිති දෙමල ජනයා සටන්කිරීම සඳහා බලෙන් බඳවාගන්න ලදී.එවකට ඇමරිකාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉතාමත් මිලේච්ජ,කුරිරු සංවිධානයක් ලෙස නම් කරන ලදී.එල්.ටී.ටී.ඊ.ඩයස්පෝරාවෙහි ජන්ද දිනාගැනීම සඳහා එංගලන්තය සහ කැනඩාව ඔවුන්ට පක්ෂව ක්‍රියාකරති.තවද ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවෙහි ඊලමක් ස්ථාපිත කිරීම සඳහා මෙම හාදකම ප්‍රයෝජනයට ගෙන ආයුධ ආදිය ලබාගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිති.

ශ්‍රී ලංකාවට සශ්‍රීකත්වය ගෙන එම සඳහා යෙදී සිටි ජන නායකයෙක් 2015 දී රටට අහිමි විය.රාජපක්ෂ මහතාට විරුද්ධව කරන ලද දෝෂාරෝපණ කිසිවක් ඔප්පුවී නොමැත.දැන් සේවය කරන ජනාධිපති බටහිර රටවල සහ ඉන්දියාවෙහි රූකඩයක් ලෙස ක්‍රියා කර නැවත වරක් වෘකයන්ට ගොදුරුවී ඇත.


එල්.ටී.ටී.ඊ.සම්බන්ධතාවයක් ඇති වෙනත් ද්‍රවිඩ සංවිධානවලට පනවන ලද තහනම් නියෝග ඉවත් කරන ලදී.
උතුරෙහි පිහිටි හමුදා ආරක්ෂිත ප්‍රදේශයන් විවෘත කරන ලදී.ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් කරන ලද චෝදනාවල් වලට එකඟත්වය පළකර ඇත.
රජයෙහි ආයුධ ගබඩාවන් ද්‍රවිඩ ඩයස්පෝරාවට දැනගැනීමට සැලැස්වීම.

රාජපක්ෂ මහතාට දෙන ලද ආරක්ෂාව ලිහිල් කිරීම උතුරෙහි පිහිටි නමුදු බැරැක්ක ඉවත්කොට විවෘතව තැබීම.

ජාතික ගීය දෙමලෙන් ගායනය කිරීමට අනුමැතිය දීම.

උසස් තනතුරු උසුලන නිලාධාරීන් මාරු කිරීම සහ සිරභාරයට ගැනීම.

උතුරෙහි ඉඩම් ද්‍රවිඩ ජනයාට පමණක් බෙදාදීම.

තානාපතිවරුන් 24 දෙනෙක් ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් කිරීම.

මධ්‍යම බැංකුවෙහි ආණ්ඩුකාරවරයෙකු වශයෙන් සිංගප්පූරු ද්‍රවිඩයෙකු පත් කිරීම නැවත රජයේ උසස් තනතුරු ද්‍රවිඩ ජනයාට ලැබෙන්නට සැලැස්වීම

මහා මාර්ගයන් සහ ගොඩනැගිලි ඉදිකිරීම නතර කිරීම.
යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව සහ පොලීසියෙහි උසස් තනතුරු දරන නිලධාරීන් පරීක්ෂණයන්ට භාජනයකොට සේවයෙන් නෙරපා දැමීම.

Monday, December 9, 2013

බයිපාස් හා දොස්හොරු




හුස්ම ගැනීමේ අපහසුවක් හා පපුව හිරවන්නටද වූයෙන් වහා රෝගියා කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් වෙත යොමුකරන ලදී. රෝගියා පරික්ශාකල වෛද්‍ය වරයා පැවසූවේ රුධිර නාලිකා සිහින් වී ඇත්දැයි සැකයක් පවතින බැවින් "Angioplasty"නම් පරීක්ශනය සිදුකල යුතුබවයි. මේ පරීක්ශනය සදහා රු. 35000 පමණ මුදලක් වැයවන අතර ඒ අනුව එදින රොහලේ නතරව ඊට පසුදින ඒ පරීක්ශනය සිදු කෙරිනි. පරීක්ශනයේ ප්‍රතිඵල අනුව රුධිර නාල වල අවහිරතාවක් ඇත.  "Stenting" වර්ගයේ ශල්‍යකර්මයක් සිදුකල යුතුය. මුලින් සූදානම් වූවානම් "Angioplasty කරන අතරම එය සුදුකල හැකිව තිබුණි. නමුත් ඒ වන විට කිසිම සූදානමක් නොවූ බැවින් ඒ ඊලග සතියට කල් දමන ලදී. රු. ලක්ශ 8 මුදලක් ආසන්න වශයෙන් වැයවන මෙම ශල්‍යකර්මය රොගියා සිහියේ තබාගෙනම බලාසිටියදීම සිදුකරණු ලබයි. ඊට පසුදින රෝහලෙන්ද පිටව යා හැක.මෙහි වැඩි මිලක් යන්නේ "Stent" සදහායි. ඉන් එකක් ලක්ශ 2.50 පමණ වේ.

පරීක්ශනය හා ශ්ල්‍යකර්මයේ වීඩියෝවක්




කතාව ඉන් අවසන් වේ යැයි සිතූවද එම කතාව නැවත දිගහැරෙන්නේ අවුරුදු 2-3 පමණ පසුව නැවත ඇතිවූ පපුව හිරවීමකිනි. කිසිත් සිතාගත නොහැක නැවත නාළයක් අවහිර වී තිබේ. නැවත එම ශල්‍ය කර්මය නිරිදේශ විය. එවරද ලක්ශ 8 කි. කතාව අවසානද නැත මාස 6 ගිය තැන ආයෙත් නාළ අවහිරයකි. දොස්තරවරයා පුදුමය පලකරන අතරම රෝගියාට විකල්පයක්ද නැති බව පවසයි. නැවත වරක් ලක්ශ 8 වියදම් කර ශල්‍යකර්මය සුදුකෙරිනි අවසානද? නැත. තව මාස 3 නැවත පපුව හිරවීමකි. මේ අවස්ථාවේ වෙන දොස්තරවරයෙක් සොයන්නට සියලුදෙනා උනන්දු විය.

අවසානයේ රජයේ රෝහලක සේවය කරන විදේශීය වෛද්‍යවරයෙක් පරීක්ශාකර රෝගියාගේ නෑසියන්ට දොස් තබන්නට වූයේ 3 සැරයක්ම මෙය සිදුකලේ කාගේ උවමනාවටදැයි අසමිනි.

එම විදේශීය වෛද්‍යවරයා සියලු කරුණු පහදා දී පවසා තිබුනේ එක් වරක් පමණක් ඉහතේ ගණයේ ශල්‍යකර්මය කරන බවත් ඉන්පසුව නැවත ඇති උනොත් "bypass surgery" කර එම කතන්දරය අහාවර කරන ආකාරයයි. ඒ අනුව අවසානයේ බයි පාස් සැත්කමෙන් කතාව නිමකෙරිනි. අවුරුදු 15 දිගු ආයුස වෛද්‍යවරයා සහතික කෙරිණි. මේ වනවිට එය සිදුකර අවුරුදු 2 ආසන්න වන ඔහු තමන්ගේ රාජකාරි සාමාන්‍යපරිදි සිදුකරයි.


(බයිපාස් සැත්කමද පුද්ගලික රෝහලක්දී ඉහත කී විදේශීක වෛද්‍යවරයා විසින් සිදුකෙරිණි)

 bypass surgery




 











නමුත් ඒ වනවිට ලක්ශ 30 පමණ දොස් හොරෙකු විසින් ගසාකා හමාරයි.

සියලු දෙනාගේ දැනගැනීම පිණිස පළකරන ලදී

Wednesday, May 22, 2013

බුදු කමිස







ඊයේ ගුවන් තොටුපළේදී හමුවූ මේ අමුත්තා ඇඳ සිටින්නේ කුමක්දැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. එසේ පමිණි මේ පුද්ගලයාට කරුණු පහදා දීමෙන් අනතුරුව එම කමිසය ඉවත්කරවීමට හැකිවිය. මීට පෙරද කිහිපවිටක් මෙවැනි සිදුවීම් සිදුවූ අතර ඒවා සදහා බොහෝවිටක ක්‍රියාත්මක වූයේ සංචාරකයන් සදහා ගමන්කටයුතු හා හෝටල්පහසුකම් සපයන ආයතන වල නිළදාරීන් පිරිස්ය. එක් අවස්ථාවකදී මමද තව කීපදෙනෙකු හා එක්ව මෙවන් අමුත්තෙක්ගේ කමිසයක් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ආගමන, විගමන නිළදාරියෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුහු කියා සිටියේ මේවා සම්බන්ධයෙන් වගකීමට ඔවුනට නොහැකි බවයි.එසේනම් මේ සදහා වගකිවයුත්තේ කවුරුන්ද, මේවා දිගටම සිදුවීමෙහි ප්‍රතිපලය වන්නේ බුදුන් විලාසිතා ගනයේ චරිතයක් බවට පත්වීමයි. වගකිවයුතු නිළදාරීනි , මේ ඔබගේ අවධානය සඳහායි.


මේ සම්බන්ධයෙක් කටයුතු කල

උප සභාපති - විමල්සිරි කරුණාතිලක සංචාරක සේවා රියදුරු සංගමය , නියෝජිත - ජගත් කුමාර ශ්‍රී ලංකා හෝටල් නීතිගත සංස්ථාව , නියෝජිත - නිමල් පෙරේරා - ලංකා සංචාරක නියෝතිතයන්ගේ සංගමය

ඔබ සැමට හදපිරි ස්තූතිය. 

Monday, May 6, 2013

ඔබටත් හොර යතුරුපැදියක් හිමිද?



ඔබ ගෙන්වා ඇති හෝ දැනට පාව්ච්චි කරන යතුරු පැදිය නීත්‍යානුකූල නොවන ලෙස ගෙන්වූවක්ද? එහෙනම් දැන් ඔබට එය නීත්‍යානුකූල ලෙස භාවිතා කිරීමට රජය අවස්ථාව ලබාදී ඇත. සිලින්ඩර් ධාරිතාව 50 සිට 450 දක්වා මේ අවස්ථාව හිමිවේ.සිලින්ඩර් ධාරිතාව 50 දක්වා රු10000 මුදලක්ද , 50 සිට 200 දක්වා රු.25000 ද , 201 සිට 450 දක්වා රු 50000 අය කර මේ අවස්ථාව ඔබට ලබාගත හැක , කිසිදු ලියකියවිල්ලක් නොමැති යතුරුපැදි ධාවනය කර බලා ලියාපදිංචි කරදෙනු ඇත. මේ සදහා මසක කාලයක් ලබාදී ඇත.

Sunday, January 6, 2013

කොම්පිය්ටරේට වෛරස් ගිහින්




එහා ගෙදර මල්ලී - "අයියේ මගෙ කොම්පිය්ටරේට වෛරස් ගිහින් වගේ ස්ලෝ වෙලා , මොකද කරන්නේ?

මම - "බලමු" , "ෆොර්මැට් පාරක් දාල කැස්ප ඉන්ටර්නෙට් සිකියුරිටි දාමු" , "අවුලක් නෑ"

එහා ගෙදර මල්ලී - "හා අයියේ මම හවස් වෙලා එන්නම්" , "මම යනවා"

මම - "හා මල්ලී එළ"

මල්ලී පිටව යයි , අපේ දෙබස අසා සිටි මල්ලිගේ අක්කා පැමිණේ

එහා ගෙදර අක්කා - "බලන්නකො මල්ලි" , "අපේ එකා කොම්පියුටරේ ගෙනල්ල සතියයි වෛරස් දාගෙනනේ !!!"

මම - "ඔව් අක්කේ ඉතින් ඔය පෙ...." (අක්කා බාදා කරමින් කථාව පටන් ගනී)

එහා ගෙදර අක්කා -මූට කොච්චර කිව්වත් අහනවයේ , ඔය කොම්පියුටරේ පියන ඇරගෙනමයි කොයිවෙලාවෙත් , ඕක ඇරලා තියෙද්දී කොච්චර වෛරස් යනවා ඇද්ද? එසේ මෙසේ දේවල්ද එනවා ඇත්තේ....

මම - .................................................. ..............

Sunday, November 25, 2012

ළදරු හිතේ ලිංගික රැඟුම්


මේ සිද්ධිය වෙන්නේ අවුරුදු 21 විතර පිරිමි ළමයෙක්ට ,  මෙහෙමයි කථාව මේ ලමයා ඉන්න ගෙදරට එහා ගෙදර ඉන්නවා පොඩි ගෑණු ළමයෙක් , වයස කිව්වොත් පෙරපාසල් යන්නේ අවුරුදු 4-5 වගේ , ඉතින් මේ පොඩි එකා මේ ළමයගේ  ගෙදර යන එනවා  , ටිකක් ලෙන්ගතුයි. දවසක් පිරිමි ළමයා විතරක් ගෙදර ඉන්න වෙලාවක මේ පොඩි දරුවා ආවා මේ ගෙදරට, ඒ එනකොට පිරිමි ලමයා කාමරේට වෙලා පොඩි ඇලට් එකක් දාගෙනයි හිටියේ.  එක පාරටම කාමරයට ආපු පොඩි එකා අර පිරිමි ලමයාගේ බඩ උඩට නැගලා උරහිසෙන් අල්ලගෙන ලිංගික හැසිරීමක් කරන ආකාරයට එහාට මෙහාට පැද්දෙන්න අරන්. කොල්ල තැති ගැන්විලා පොඩි එකාව ඇඳේ අනික් පැත්තට විසිකරලා , ගෙදර යන්නයි කියලා , පස්සේ පොඩි එකා ඇඳෙන් බැහැලා කොල්ලගේ පස්සට තට්ටුවක් දාලා පස්සත් හොඳට මිරිකලා , දොරලගට ගිහින් කින්ඩි හිනාවකුත් දාලා ගෙදර ගිහින්. මේක දැන් හරි ප්‍රශ්නයක් , මොකද කියනවනම් පොඩි එකා කොහොමද එහෙම පුරුදු උනේ , දෙමව්පියෝ කරනවා දැක්කද? එහෙම දැක්කත් පස්ස මිරිකලා කින්ඩි හිනාවක් දාන්න තරම් දෙයක් වෙන්න බෑ, නැත්නම් මේක සංසාරේ මතකයන්ද? සිතීමට ඔබට  බාරයි

Friday, November 16, 2012

පෑන්ටි දැක බිය වීම


මේක අපේ හිතවතෙක්ගේ ගෙදරක සිද්ධවෙච්ච දෙයක් ,
මෙහෙමයි සිද්ධිය , ඔය කියන ගෙදර හදපු මුල්කාලේ ඉතින් වයරින් කරන්නත් ඕනනේ , ඔන්න මෑන්ස් කෙනෙක්ට එන්නයි කියලා වැඩේ කොරන් යනවලු. කාමර තුන හතරක් කරාට පස්සේ , ඔය මැද්දෙ කොටසේ තියනවා පොඩි කොරිඩෝ කෑල්ලක් ඔන්න දැන් ඕකෙත් වැඩ පටන් අරන් විනාඩි දහයක් යන්න ලැබුන්නෑලු මහ සද්දයක් ඇවිත්.

කට්ටිය දඩි බිඩිගාලා දුවන් ආපුවාම මෙන්න මේක ඉනිමගත් කඩාගෙන වැටිලලු , නිකන් නෙමේ පෑන්ටි 6-7 වනලා තිබ්බ වැලකුත් කඩාගෙන ,

ඔන්න ඉතින් දඩි බිඩිගාලා මූව කෙලින් කොරලා ඉතුරු කාමර දෙකෙත් වැඩ ඉවරකරලම යන්න කිව්වලු.ඉතින් වැඩේ ඉවර කරලා පොර ගිහින්. පස්සෙ ඉතින් හා හා පුරා කියලා ලියිට් දාන්න හිතාගෙන ටිප් එක දැම්මලු. මෙන්න ඒ මගුල දාන්න දාන්න ඕෆ් වෙන්නෙ.  මල මගුලයි දැන් ඉතින් අනිත් දවසෙ උදේ වෙන එකෙක්ව ගෙන්නලා මුල ඉදන් පරික්ශාකරලා බලලා තියෙනවා. මුලින් වයරින් කරපු කාමර වල අවුලක් නෑලු. දැන් අර කිව්ව කොරිඩෝ කෑල්ලයි, ඊට පස්සෙ හයිකරපු කාමර දෙකයි චෙක් කරද්දි මෙන්න වැඩේ , අරූ අර්ත් එකයි , නිවුටල් එකයි සේරම මාරුකරලාලු ගහලා තියෙන්නේ  , ඔන්න ඔහොමයි පෑන්ටි වලට බයවුනාම වෙන හරිය.

Wednesday, November 14, 2012

සල්ලි කොලේ නමන්න එපා



කට්ටිය සල්ලි කොල නමල එහෙ මෙහෙ පර්ස් එක අස්සේ දාගන්නවද? දෙකට තුනට නමලා එහෙම. මාත් ඔය වැඩේ කලා ඉස්සර . හැබැයි දැන්නම් නෑ. හේතුව මගෙ යාලුවෙකට වෙච්ච සිද්ධියක්.

යාලුවා ඉන්නේ පිටරටක. දවසක් මිනිහා කඩේකට කන්න ගිහින් . ඒකෙ වේටර්ට ටිප් එක විදියට පර්ස් එකේ හන්ගල තිබ්බ කොලයක් තමයි දීල තියෙන්නේ. මාර වැඩේ කියන්නේ වේටර් සල්ලි අරන් නෑ.
පස්සේ යාලුවටත් හෙන ප්‍රශ්නෙලු මේක. ඉතින් මිනිහා වේටර්ගෙන් අහපුවාම ඒ ගැන වේටර් මූට හෙන දේශනාවක් දීලා කියපිලු .

"උඹල ඔය සල්ලි පොඩිකරලා , නමලා දාගන ඉන්න විදිය හරි කැතයි. උඹලා සල්ලි වලට ආදරය කරන්නෑ . ඔය සල්ලි ලස්සනට තියාගනින් , මොකද අපි ඕක ආයේ කාට හරි දෙන නිසා , ඒ මිනිහා ආසාවෙන් බාරගන්නෙ ඕක ලස්සනට තිබ්බොත්. සල්ලි වලට ආදරය කරන තරමට උඹලට සල්ලි ලැබෙයි"

කිව්වලු.

ඉතින් මේ කථාව මගෙත් බොක්කටම වැදුනා , දැන් මම සල්ලි ලස්සනට දාගෙන ඉන්නවා , නමෙන්නෙත් නැතුව. අලුත් Wallet එකකකුත් ගත්තා.
උඹලත් සල්ලි ලස්සනට පාවිච්චි කරපල්ලා





Tuesday, August 23, 2011

ජිහාඩ් හා ඊළාම් නරුමයෝ



කහවත්තේ සිදුවූ ඝාතන රැල්ලත් සමග කරළියට පැමිණෙන්නේ ග්‍රීස් යකා යැයි කියාගත් මනංකල්පිත සංකල්පයයි. මෑත අතීතයේදී සිදුවූ ග්‍රීස් ඇගගාගත් මානසික පීඩිතයින් ගෑණුන් භයකිරීමෙන් මෙම ග්‍රීස් යකා සංකල්පය ගොඩ නැගිනි. එය මැකීගොස් හමාර වී තිබියදී එකවිටම නැවත මෙම කාරණය කරළියට ඒම භයංකර සුලුවිය. නමුත් මෙහි ක්‍රියාවලිය දෙස නොත්යොමුකර බැලීමේදී පැහැදිළි වූ කාරණාව මෙම ලිපියෙන් පැවසීමට පසුබට නොවෙමි.

ඊළාම් යනු නැවත නැවත මතක්කල යුතු කාරණාවක් නොවේ, එය ලබාගැනීමේ සටන යුධමය අතින් පරාධවී හමාරය. නමුත් අලුයට ගිණි සේ එම සංකල්පය හිත්හී තබාගත් නරුමයින් නැවත ක්‍රියාත්මක වීමට උත්සාහකරමින් සිටී. දෙමළ දේශපාලන පක්ෂයක් හරහා ඔවුන් නැවත ග්‍රීස්යකා පිටින් ගොඩනැගීමට උත්සාහ කරයි. ඒ ජාතිවාදී අරගලයක් හා හමුදාව පොළීසිය මෙයට හේත්තු කොට ජාත්‍යන්තරයට අමුතු කථාවක් පෙන්වාදීමයි. මඩකලපුවේ සිදුවූයේ එවැනි දෙයකි.ඔවුන් නාවිකහමුදා කදවුරට පවා ප්‍රහාර එල්ලකලේය. මාතෘභූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගත් අප වීරයන්ට පහරදීම මොනතරම් නම් නිවට වැඩක්ද? ඒ අප සිංහලයන්ගේ ලේ කෝපකිරීමේ අරමුනයි.
මේ කාරණාව මෙසේ ක්‍රියාත්මක වන අතර මෙහි හැංගිහොරා තවත් පිරිසක් සිටී, ඒ ජිහාඩ් නම් වූ අන්තවාදී කල්ලියයි. ජිහාඩ් යනු ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ ප්‍රසාරණය වීමේදී මුස්ලිම් නොවන සටන්කරැවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරැවන්‍ හෝ ප්‍රචන්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරින්ට යටත් නොවන රාජ්‍ය වලට විරැද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරැන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සදහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.
අහිංසක පැදුරු වෙළෙන්දන් දෙදෙනෙක් මරාදැමෙන්නේ මේ අතරය , ඊට අමතරව පුත්තලමේදී රාජකාරියේ යෙදීසිටි පොළිස් කොස්තාපල් වරයෙක් මරාදමන ලදී.

මොවුන්ගේ අරමුණැ රටතුල ග්‍රීස් යකෙක් මුදාහැර රාජ්‍ය අස්ථාවර කිරීමයි, තවද සිංහල ගම්තුළ මෙය කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කරවීමයි. එවිට බොහෝ නූගත් පිරිස් ගමට පැමිණෙන ආගන්තුක පුද්ගලයන්ට පහරදීමටත් , මරාදැමීමටත් පෙලබේ. මෙය ලිපිය ලිවීමේ අරමුණ එය ඉතා පැහැදිළිව වටහා දීමයි. කිසිවිටකත් කිසිවෙකුට පහර නොදෙන්න , සැකසහිතනම් පොලිසීයට දන්වන්න. එයයි කල යුත්තේ. නීතිය අතට ගැනීමට ඔබට කිසිදු බලතලයක් නැත. මේ කරණය නිවැරදිව වටහාගන්න.

මේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අස්ථාවර කර ජාත්‍යන්තරයට ඇගිල්ලෙන් ඇන මේකයි තත්වෙ යැයි කීමේ මූලික ක්‍රියාදාමයයි. මෙම කුමන්ත්‍රණකරුවන් , බොරුප්‍රචාරකයන්, අන්තවාදීන් ගැන හෝඩුවාවක් ඇත්නම් වහාම පොලීසියට දන්වන්න. එය මාතෘභූමිය නිවටයින්ගෙ බේරාගැනීමට මනා පිටුවහල්ක් වේවි.

Thursday, August 18, 2011

ග්‍රීස් යකුන් ලවා රටට කෙලවීම





ග්‍රීස් යකා කාලයක් පැරණි සංකල්පයකි. ග්‍රීස් හා තෙල් ගාගෙන පැමිණෙන මොවුන්ගේ ආශාවන් විකෘති වේ. ගැහැණුන් නෑම, රාත්‍රියේ නිදාගැනීම , ගැහැණු යට ඇදුම් සොරා ගැනීම මොවුන්ගේ ආශාව වේ.
එය කෙමින් මැකීගියමුත් දැන් තකහනියක් නැවත කරලියට පැමිණ තිබේ.
මෙහි වර්ග ගණනාවක් සම්බන්ධයෙන් යම් යම් කාරණා ඉස්මතුවෙමින් පවතී.
ඉන් එකක් ග්‍රීස් යකුන් යැයි හගවා හොර මැරකම් කිරීමයි,
තවත් කාරණා ලෙස දේශපාලන කුමන්ත්‍රණ ,
මූලධර්මවාදී ක්‍රියාකාරකම් ආදී වේ. 

නැගෙනහිර පළාතේ පසුගිය දා සිදුවූයේ අන්තවාදී මූලධර්මවාදී පිරිසකගේ ක්‍රියාකලාපයකි. ග්‍රීස් යකෙකු කරළියට ගෙන හමුදාවටත් , පොලිසියටත් පහරදීමට උත්හාස කිරීමයි. මෝඩයන් මෙන් ග්‍රීස් යකුන්ට පහර දීමටත් නීතිය අතට ගැනීමටත් උත්සාහ නොකරන්න , එසේ කිරීමටද කිසිදු අයිතියක් නැත. ගොන් කමේ ප්‍රතිඵලයක් ලෙස අහිංසක පැදුරු වෙලෙදුන් දෙදෙනෙක් ඝාතනය විය.

මෙය යම්කිසි භයානක තත්වයකි. හේතුව නම් මෙය තවත් පැතිරීයාමට ඇති හැකියාවයි. කින්නියාහි ඇති නාවික කදවුර ඉවත්කරගැනීමේ සැලැස්මක් මේ අතර වූබව කිව යුතුමය. හමුදාව විසින් දැන් නැගෙනහිර තවත් හමුදා කදවුරු පිහිටවීමට තීරණය කර තිබේ, එය ඉතා හොද තත්වයකි. නැතිනම් නීතිය අතට ගෙන අන්තවාදී පිරිස් මෙහි රජ කිරීමට ඉඩ ඇති බවකි, තවද මෙය දේශපාලන කුමන්ත්‍රණයක පියවරක් ලෙස සමහරුන්ගේ විශ්වාසයයි. නමුත් තවමත් එකී කාරණාවක් ගැන පැහැදිළි සාක්ශි ඉස්මතු වී නැත.

කෙසේ වුවද එක් කාරණාවක් කිවයුතුමය, එනම් අපේ රට නැවත අස්ථාවර තත්වයකට ගෙන ඒමට මුස්ලිම් අන්තවාදීන් , දෙමළ අන්තවාදීන් සහ ඇතැම් සිංහල කොටස් උත්සාහ කරණ බවයි. කින්යාහී තත්වය පැහැදිළිය , මඩකලපුවේ සිදුවූ කාරණයට සම්බන්ධව දෙමළ මන්ත්‍රී වරුන් පිරිසක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

චැනල් ෆෝ තාමත් කරළියේය, යුධ අපරාධ ගැන තාමත් කතාවේ , කච්චතිව් ලබාගැනීමේ උත්සාහයක, ජිනීවා සාකච්ඡා ලග ලගම , 

ඒ අනුව යම් කාරණාවක් මනාව පසක් වනවා ඇත. වගකීමෙන් යුතුව කටයුතුකෙරිය යුතුය. නැවත රට අස්ථාවර වීමට ඉඩ නොදිය යුතුය.