Sunday, January 20, 2013

Megaupload හිමිකරුගේ නවතම MEGA අඩවිය එළිදකී



Kim Dotcom ගේ මෙන්න නවතම වෙබ් අඩවිය MEGA , මෙයට හරියටම වසරකට පෙර ඇමරිකානු රජය විසින් MegaUpload වෙබ් අඩවිය වසා දමනු ලැබුව අතර Kim Dotcom හා එහි ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනුනා . එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ මිලියන ගණනක චිත්‍රපට , ගීත පිටපත් මේ හරහා බාගත කොට ගැනීමයි. මෙසේ ඩොලර් මිලියන පන්සියයක් චිත්‍රපට හා ගීත රචකයන්ට අහිමි වෙද්දී Kim Dotcom ඉපයූ මුදල ඩොලර් මිලියන දහයකට අධිකයි.

නමුත් Kim Dotcom කියා සිටියා අන් අය එක්කරන Data සම්බන්ධයෙන් තමන්ට වගකීමට නොහැකි අතර තමන් කරන්නේ ඉල්ලාසිටීමදී එසේ වෙබ් අඩවියට යොමුකරන නිතිවිරෝධී පිටපත් මකාදැමීම පමණක් බවයි. 2012 පෙබරවාරි 22 Kim Dotcom ඇප මත නැවත නවසීලන්තයටම මුදාහරිනු ලැබුලා.

" අදුරු යුගයේදී ඔවුන් පොත්පත් ගිණිබත් කලා , අද ඔවුන් වෙබ් අඩවි ගිණිබත් කරනවා , නමුත් මෙගා මේ සියල්ල උඩුයටිකුරු කරන අවසානයකට රැගෙනයනවා"

Kim Dotcom මෙසේ පැවසුවේ ඔක්ලන්ඩ්වල අයිස්ක්‍රීම් වෙළදසලක් තුලදීයි.

මෙම අලුත් MEGA වෙබඩවිය නොමිලේ Gigabyte 50 ධාරිතාවක් පරිශීලකයන්ට ලබාදෙන අතර , මෙය Drop-box ,Google Drive වලට සමානකම් උසුලනවා ,

මෙහි encryption , decryption දත්ත හුවමාරුව තමන්ව නීතිමය කුටිවලින් ඈත්කර තබන බවයි Kim Dotcom පැවසුවේ , මන්ද මෙහි decryption දත්ත හුවමාරුව සිදුකරනුවා පරිශීලකයන් පමණයි , MEGA අඩවිය නොවේ , එවිට මෙහෙ කුමන දත්තයන් හුවමාරුවනවාද යන්න දන්නේ පරිශීලකයන් පමණයි , ආයතනය කිසිවක් නොදනී

“As of this minute one year ago (hash)Megaupload was destroyed by the US Government. Welcome to http://Mega.co.nz,”

මෙගා අඩවිය සජීව වන අවස්ථාවේදී මෙසේ Kim Dotcom ගේ Twitter ගිනුමේ සදහන් වුනා ,

මේ වෙනකොට 250,000 අධික ප්‍රමාණයක් මෙම අඩවිය හා සම්බන්ධ වී අවසානබවයි සදහන්.

Sunday, January 6, 2013

කොම්පිය්ටරේට වෛරස් ගිහින්




එහා ගෙදර මල්ලී - "අයියේ මගෙ කොම්පිය්ටරේට වෛරස් ගිහින් වගේ ස්ලෝ වෙලා , මොකද කරන්නේ?

මම - "බලමු" , "ෆොර්මැට් පාරක් දාල කැස්ප ඉන්ටර්නෙට් සිකියුරිටි දාමු" , "අවුලක් නෑ"

එහා ගෙදර මල්ලී - "හා අයියේ මම හවස් වෙලා එන්නම්" , "මම යනවා"

මම - "හා මල්ලී එළ"

මල්ලී පිටව යයි , අපේ දෙබස අසා සිටි මල්ලිගේ අක්කා පැමිණේ

එහා ගෙදර අක්කා - "බලන්නකො මල්ලි" , "අපේ එකා කොම්පියුටරේ ගෙනල්ල සතියයි වෛරස් දාගෙනනේ !!!"

මම - "ඔව් අක්කේ ඉතින් ඔය පෙ...." (අක්කා බාදා කරමින් කථාව පටන් ගනී)

එහා ගෙදර අක්කා -මූට කොච්චර කිව්වත් අහනවයේ , ඔය කොම්පියුටරේ පියන ඇරගෙනමයි කොයිවෙලාවෙත් , ඕක ඇරලා තියෙද්දී කොච්චර වෛරස් යනවා ඇද්ද? එසේ මෙසේ දේවල්ද එනවා ඇත්තේ....

මම - .................................................. ..............