Sunday, October 24, 2010

දේශපාලනය වමනෙට



දශක 3 ගිනිදැල් නිවුනු දේශයේ මහින්ද නම් ජනපති කෙරෙහි මිනිස් සිත් ඇඳ බැද තබාගන්නට සමත් වුවද ඔහුගේ බලය ප්‍රයෝජනයට ගන්නා කාලකන්නි හැතිකරය හුදී ජනයාගේ මූලික අවශ්‍යතාවයක් වන්නාවූ ජොබ් නොහොත් රක්ෂා කෙරෙහි කාලකින්නි තම අත පෙවීම දිගින් දිගටම කරගෙන් යන්නාවූ බව කෙසේ හෝ කිවයුතු වන්නේය. ඔහුගේ නෑයෙකු වන බැසිල් ගම්පහ ද්‍රිස්ත්‍රික්කයේ වැඩ අල්ලා අවසන්ය. ඔහුගේ අණට එපිටින් කුරුල්ලෙකුටවත් ජොබකට පැමිණිය නොහැක. සෑම තැනකම පාහේ මේවූ සිද්ධාන්තය ක්‍රියාත්මක වීමෙන් ඉදිරියේදී කිසිදු ක්‍රියාවලියකට යටත්ව මහින්දගේ මැති ඇමති සගයන්ට ගම්, නියම්ගම් වලට පැමිණිය නොහැකිවනු ඇත.

"එතනට අමාරුයි , චමල්ගෙන් ලියුමක් ඕන , බෑ බෑ , බැසිල් මහත්තයගෙන් තමයි දැනගන්න වෙන්නේ , ආහ් ඕක බබාට ඇරෙන්න වෙන කාටවත් කොරන්න බෑ "

මෙවැනි වදන් ජොබක් සොයාගැනීමට යන්නා බොහෝදෙනාගේ කන් වල පිලිරැව් දෙනබව හොදටම දන්නා කරුණකි. රටේ සංවර්ධන ක්‍රියාවලීන් සිදුවන බව හැබෑවකි. නමුදු ඒ ඒ වූ ස්ථාන කෙරෙහි අනවශ්‍ය දේශපාලන ඇත පෙවීම, ඒ වූ පුද්ගලයන්ගේ දේශපාලන ගමන අවසන්කිරීමේ සාධකය වනු ඇත.

.....පිටපත මගෙන්මයි....

Friday, September 3, 2010

ඇණ සහ බණ




යේසුස් ක්‍රිස්තුස් ඇණ ගසා මරාදමන්නේ බොහෝ කලකට පෙරය. මේ ඒ කතාව ගැන පසු වදනක් නම් නොව , ඇණ 24 පනපිටින් ගසා ලංකාවට නැවත එව් කාන්තාවක් ගැනය. ඇය නමින් එල්.පී ආරියවතී මහත්මියයි. පැතුම් පොදි පිටින් හිත් දරා රට යන ඇය නැවත් පැමිණෙන්නේ ඒ සියල්ල සුනු විසුනු කර දමමින්ය. මේ කාරණාව සම්බන්ධයෙන් ඒ වූ වගකිවයුතු පුදගලයන් හසුකර ගත්තද සෞදි තානාපති කාර්‍යලය පවසන්නේ , මේ සිද්ධිය සම්බන්ධයෙන් වූ (60) පුද්ගලයා දියවැඩියාවෙන් පෙලෙන බවත් ඔහුට ඇණ ගැසීමට තියා තමන්ගේ වැඩ කරගැනීමටවත් නොහැකි බවත්ය. ඔවුන් තවදුරටත් පවසන්නේ මැගේ මානසික ආතතිය නිසා මෙය සිදුකරගන්නට ඇති බවත් තහවුරු කර ඇත.
මේ සීනිබෝල කතාවට අනුව ඇය තමන් විසින්ම ඇණ ගසාගෙන ඇතිබව කියාපායි. වෛද්‍ය වරුන්ගේ නිර්දේශ වලට අනුව ඇයගේ ශරීරයේ තුවාල දවස් 10 වඩා පරණ යන්නත් හා ඇගේ මානසිකත්වය සාමාන්‍යපරිදි තිබෙන බවත්ය.

ඒ අනුව අපට නිගමනය කල හැක්කේ , 60 හැවිරිදි සෞදි බාබා එපා කියද්දී මෑ විසින්ම ඇණ 24 ආසාවට ගහාගෙන ඇති බවයි
.

Saturday, August 14, 2010

රැකගත්තානම් අදටත් විරුවෙකි

 

මෑත ඉතිහාසයේ බිහිවූ වීරයන් අතර සරත් ෆෝන්සේකාට ලැබී තිබුනේ විශේෂිත ස්ථානයකි. අපේ විරුවන් ත්‍රස්ථයන්ගේ මර්මස්ථාන එකින් එක ඩැහැගනිද්දී ඒ අනගිතම ආඩම්බරකම අප විරුවන් කෙරෙහි හිත් තුල ලියලා වැඩෙන්නට විය. 
හංදියක් හංදියක් ගානේ මහා පුවරුමත දිස්වූයේ ඔවුන්ය. සේනාධිනායක , ආරක්ෂක ලේකම් , එවකට හමුදාපති සරත් ෆෝන්සේකා ඒ අතරින් ප්‍රධාන විය. මන්ද මෙහි සම්පූර්ණ වගකීම ඔවුන් අත රැදී පැවතීම හැම දෙනාම දන්නා වූ කරුණක් වීමය. කෙසේ හෝ අපේ විරුවන් මාතෘ භූමිය ත්‍රස්තයන්ගෙන් බේරාගැනීමට සමත් විය. 


 එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් සිදුවූයේ කිසිවෙක් අපේක්ශා නොකල දෙයකි , බලය උදුරාගැනීමට මාන බලමින් සිටි ජවිපය සහ එක්සත් ජාතික පක්ශය බල තන්හාවේ පෙත්ත ෆෝන්සේකාට ගිල්වීමට සමත් වීමයි. එතැන් පටන් සියලු කාරනා අමතක කොට කෙසේ හෝ බලය ලබාගැනීමට ෆෝන්සේකා ඇතුලු පිරිස උත්සාහ කරන්නට විය, සුදු කොඩි කථා දිගහැරෙන්නට විය. චැනල් 4 සදහා වීඩියෝ පට එළියට යන්නට විය .කෑ පතේ පහරන්නන් කෙරෙහි අප ජනතාවගේ හිතෙහි කිසිදු ආදරයක් නොතිබුනා විය. ජෙනරාල් කෙරිහි වූ ගෞරවය හිත් වලින් වියැකී යන්නට විය. ෆෝන්සේකා බල ලෝබිත්වය හමුවේ තමන්ගේ වල තමා විසින්ම කපාගන්නට විය.
දැන් සියල්ල සිදුවී හමාරය. ලබාගත් ජයග්‍රහණ සතු කරගනිමින් එක්ව ගිය ගමන ෆෝන්සේකා ආරක්ෂා කලේනම් ඔහු අදටද අතිවිශිෂ්ඨ විරුවෙකි.....

Tuesday, August 10, 2010

මහින්ද මාමා සිරාවටමද??



මර්වින් සිල්වා යනු අප රට තුළ විශාල භූමිකාවක් ඉසිලූ චරිතයක් බවට පත්වී තිබිණි. හිටි හැටියේ සිදුවූ ගස් බැඳීමක් හේතුවෙන් මහා ආන්දෝලනයක් පසුගිය සතිය තුළ ඇතිවිය.
දැන් සුලු වේලාවකට පෙර ලැබුණු තොරතුරු අනුව දැනගැනීමට ලැබුනේ ඔහුව අමාත්‍ය දූරයෙන් මෙන්ම පක්ශයෙන්ද නෙරපා ඇතිබවය.
මෙය කිසිවෙකුට හිතා ගැනීමටවත් පවා නොහැකි කාරණාවක් බව කිවයුතුමය.

පක්ශයට විශාල දායකත්වයක් දුන් ,
මුලසිටම පක්ශයේ ප්‍රබලයෙකු වූත් ,
කුඩාකල සිටම  මහින්ද ලඟින්ම ඇසුරු කල පුද්ගලයෙකු
සම්බන්දයෙන් මෙසේ තීරණයක් ගනීවිද??

මහින්ද රාජපක්ශ මෙය කෙලින්ම තීරණය කලේද?
නැතිනම්
මර්වින් සිල්වා සමග සාඛච්චා කොට තීරණය කලේද?

මොහොතක් සිතාබැලීමට කාලය.................

Sunday, August 8, 2010

ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා

ඒ 1992 අගෝස්තු 8 වෙනිදායි , හරියටම අදට 18 වසරකට පෙරය. "ෆයිනල් කවුන්ට් ඩවුන්" නම් වූ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි. දවස් දෙක තුනකින් ඇරඹීමට නියමිත මෙම මෙහෙයුම අප මාතෘ භූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගැනීමේ මෙහෙයුම බවට මෙම නිළදාරියාට විශ්වාසය තිබුණි.

විශේෂ රැස්වීමකට යාම සදහා ඩිපෙන්ඩර් රථය සූදානම් වෙමින් පැවිතිණි.සිය ශේෂ්ඨ නිළදාරියා කී රැස්වීමට යාමට රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය.කෙටි මගක් ඔස්සේ රථය දූවිලි වලාවන් නන්වමින් ඉදිරියට ඇදෙන්නට විය.

නොසිතූ නිමේශයකි, දූවිලි වලාවන් අතරින් විශාල ගිණි ජාලාවක් නම්වමින් රථය පුපුරා ගියේය. ඒ වන විට ජෙනරාල් වරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තවත් වාහන දෙකක සෙබළුන් පිරිසක් සිටියේය. පිපුරුම දෙසට වහාම ගිය ඔවුනට දැක ගතහැකිවූයේ විනාශ වී ගිය වාහනය අසල වැටී සිටි මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ සිරුරයි.

"ජනරාල් ගේ හුස්ම වැටෙනවා යැයි" සෙබලෙක් කෑගසා ප‍්‍රකාශ කෙළේය.

වහාම ළං වූ අන් සෙබලුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාවත් තවමත් ජීවතුන් අතර සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහවත් කෝප‍්‍රල් උපාලිවත් පලාලි රෝහලට ගෙන යන ලදී.

පසුව ජෙනරාල්වරයා කොළඹට ගෙන ආ අතර එහිදී වෛද්‍යවරුන් විස්සක් පමණ දෙනා පැය එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය සටන පරාජය කරමින් කොබ්බෑකඩුව මහතා දැයෙන් සමුගත්තේය.

මොහාන් ජයමහ මහතා ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය අතර, කෝප‍්‍රල් උපාලි පමණක් ජීවිතය බේරාගත්තේය. එහෙත් ඔහුගේ දෙපා අහිමි වී තිබුණි.

මෙලෙස 1992 අගෝස්තු මස 8 වෙනි සෙනසුරාදා යාපනයේ කයිට්ස් හි අරියාලේ හන්දියේදී පුපුරා ගිය අධි බලැති පීඩන බෝම්බයෙන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් ජී. එච්. ආරියරත්න, කර්නල් එම්. ආර්. ස්ටීවන්, කර්නල් වයි. එන්. පලිපාන, මේජර් නලීන් අල්විස්, ලුතිනන් අසංග ලංකාතිලක, ලුතිනන් චන්දිම විජයපුර, සෙබල ඩබ්ලිව්. ජී. වික‍්‍රමරත්න යන පිරිස මියගියහ.

විජයග්‍රහණය පෙනී නොපෙනී ජාතියෙන් සමුගත් මේ වීරයා ජාතිය වෙනුවෙන්ම ඉපිද ජාතිය වෙනුවෙන්ම ජීවිතය කැපකල ශේෂ්ඨයෙකු ලෙස ඉතිහාස පොතට එක්විය.




ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව



බි‍්‍රගේඩියර් විජය විමලරත්න



මේජර් නලීන් අල්විස්


කොමදෝරු මොහාන් ජයමහ