Monday, December 9, 2013

බයිපාස් හා දොස්හොරු




හුස්ම ගැනීමේ අපහසුවක් හා පපුව හිරවන්නටද වූයෙන් වහා රෝගියා කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් වෙත යොමුකරන ලදී. රෝගියා පරික්ශාකල වෛද්‍ය වරයා පැවසූවේ රුධිර නාලිකා සිහින් වී ඇත්දැයි සැකයක් පවතින බැවින් "Angioplasty"නම් පරීක්ශනය සිදුකල යුතුබවයි. මේ පරීක්ශනය සදහා රු. 35000 පමණ මුදලක් වැයවන අතර ඒ අනුව එදින රොහලේ නතරව ඊට පසුදින ඒ පරීක්ශනය සිදු කෙරිනි. පරීක්ශනයේ ප්‍රතිඵල අනුව රුධිර නාල වල අවහිරතාවක් ඇත.  "Stenting" වර්ගයේ ශල්‍යකර්මයක් සිදුකල යුතුය. මුලින් සූදානම් වූවානම් "Angioplasty කරන අතරම එය සුදුකල හැකිව තිබුණි. නමුත් ඒ වන විට කිසිම සූදානමක් නොවූ බැවින් ඒ ඊලග සතියට කල් දමන ලදී. රු. ලක්ශ 8 මුදලක් ආසන්න වශයෙන් වැයවන මෙම ශල්‍යකර්මය රොගියා සිහියේ තබාගෙනම බලාසිටියදීම සිදුකරණු ලබයි. ඊට පසුදින රෝහලෙන්ද පිටව යා හැක.මෙහි වැඩි මිලක් යන්නේ "Stent" සදහායි. ඉන් එකක් ලක්ශ 2.50 පමණ වේ.

පරීක්ශනය හා ශ්ල්‍යකර්මයේ වීඩියෝවක්




කතාව ඉන් අවසන් වේ යැයි සිතූවද එම කතාව නැවත දිගහැරෙන්නේ අවුරුදු 2-3 පමණ පසුව නැවත ඇතිවූ පපුව හිරවීමකිනි. කිසිත් සිතාගත නොහැක නැවත නාළයක් අවහිර වී තිබේ. නැවත එම ශල්‍ය කර්මය නිරිදේශ විය. එවරද ලක්ශ 8 කි. කතාව අවසානද නැත මාස 6 ගිය තැන ආයෙත් නාළ අවහිරයකි. දොස්තරවරයා පුදුමය පලකරන අතරම රෝගියාට විකල්පයක්ද නැති බව පවසයි. නැවත වරක් ලක්ශ 8 වියදම් කර ශල්‍යකර්මය සුදුකෙරිනි අවසානද? නැත. තව මාස 3 නැවත පපුව හිරවීමකි. මේ අවස්ථාවේ වෙන දොස්තරවරයෙක් සොයන්නට සියලුදෙනා උනන්දු විය.

අවසානයේ රජයේ රෝහලක සේවය කරන විදේශීය වෛද්‍යවරයෙක් පරීක්ශාකර රෝගියාගේ නෑසියන්ට දොස් තබන්නට වූයේ 3 සැරයක්ම මෙය සිදුකලේ කාගේ උවමනාවටදැයි අසමිනි.

එම විදේශීය වෛද්‍යවරයා සියලු කරුණු පහදා දී පවසා තිබුනේ එක් වරක් පමණක් ඉහතේ ගණයේ ශල්‍යකර්මය කරන බවත් ඉන්පසුව නැවත ඇති උනොත් "bypass surgery" කර එම කතන්දරය අහාවර කරන ආකාරයයි. ඒ අනුව අවසානයේ බයි පාස් සැත්කමෙන් කතාව නිමකෙරිනි. අවුරුදු 15 දිගු ආයුස වෛද්‍යවරයා සහතික කෙරිණි. මේ වනවිට එය සිදුකර අවුරුදු 2 ආසන්න වන ඔහු තමන්ගේ රාජකාරි සාමාන්‍යපරිදි සිදුකරයි.


(බයිපාස් සැත්කමද පුද්ගලික රෝහලක්දී ඉහත කී විදේශීක වෛද්‍යවරයා විසින් සිදුකෙරිණි)

 bypass surgery




 











නමුත් ඒ වනවිට ලක්ශ 30 පමණ දොස් හොරෙකු විසින් ගසාකා හමාරයි.

සියලු දෙනාගේ දැනගැනීම පිණිස පළකරන ලදී

Sunday, December 8, 2013

මුහුද යටින් හමුවූ මිනිසා



මෙය මහා පුදුමය උපද්දවන කතාවකි. අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝ පටයක දැක්වනුයේ දින 3 පෙර මුහුදුබත් වූ නෞකාවක වුන් මිනිසෙක් අතින් අදින ආකාරයයි.

මෙය හරියට චිත්‍රපටයක් මෙනි. දොළොස්දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් නෞකාවක් ආත්ලාන්තික් සාගරයේ නයිජීරියාවට ආසන්න මුහුදෙදී ගිලී යයි.සිරුරු සොයා කිමිදුන් කරවන් දෙදෙනෙක් පිටත්ව යන අතර ඒ වන විට දින දෙක හමාරකට වැඩි ගනනක් ගතවී ගොසිනි.ඒ අනුව නැවේ සිටි සියලු දෙනා මිය යා යුතුය.

අරුමයකි , මුදුද යටින් නිරුපද්‍රිතව මිනිසෙකු මතුවෙයි ඒ අඩි 4 * 4 වායුව රැදුනු කුඩා කුටීරයකිනි.ඔහු නමින් හැරිසන් ඔකෙනේය. දින තුනක් ඔහු එහි සිරවී සිට ඇති අතර ආහාර නොමැතිව ඔහුව ජීවත් කරවූයේ එක් කොකා-කෝලා බෝතලයකිනි.