Sunday, April 24, 2011

කොටිකිරි බොන මූන්



යුද්ධය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයකි. නමුත් ඒ අදුරු සෙවනැලි තවමත් මැකීගොස් නැත. වසර තිහක් පැවති දරුණු ත්‍රස්තවාදයේ කිසිදු මානුශීය මුහුණුවරක් අප කිසි දිනක නොදුටුවෙමු. ප්‍රභාකරන් ඇතුලු ලේ පිපාසිත මෘගයින් ඇකයේ කිරිබිව් දරුවන් පවා මරාදැමීය. මේ වූ කුරිරි තිරිසනුන් මේ භූමියෙන් ඉවත් කල අපගේ විරුවන්ට දැන් යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් තිබේ. මෙය මහත් විහිලුවකි. වසර තිහක් පුරා ත්‍රස්තයන් සිදුකල මිනිස් ඝාතන ඔවුනට පලක් නැති ගානය. ලංකාවේ යුද අපරාධ සෙවීමට පත්කල බන්කිමූන්ගේ කමිටුව දෙස හැරී බැලුවහොත් දැකගත හැකිවන්නේ එය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන් තිදෙනෙකුගෙන් සමන්විත වී ඇතිබවයි. ඊට අමතරව එහි ඉදිරිපත් කර ඇතිකාරණා බොහොමයක් ඒකපාර්ශිකවත්, සාවද්‍ය කාරණා හා කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කාරණා ලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ වූ කරුණු කාරණා සම්බන්ධයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපට කිසිසේත් එකග විය නොහැකි අතර මේවා මද්‍යස්ථ ඇසකින් බලන්නෙකුටත් කිසිසේත් එකග විය නොහැකි බව කිව හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයාම සිදුවිය හැකිනමුත් මූන් ඉදිරිපත් කරන වාර්ථාවේ සදහන් වන්නේ අවසාන මානුශීය සටනේදී මියගිය ගනන 40000 පමණ වන බවයි. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණකි. මානුශීය මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 1500 - 2000 අතර පිරිසක් බවයි සදහන්.
අවසාන වශයෙන් සදහන් කර හැක්කේ මෙම වාර්තාව සම්පූර්ණ ඒකපාර්ශවික, කොටිහිතාවාදීන්ගේ රාජ්‍යනොවන සංවිධාන, විවිධ පුද්ගලයින්, ඇමරිකාව හා එංගලන්තය යන රට වල උවමනාකම් වලින් පදනම් වී ඇතිබවයි.

මොවුන් මේ දත කන්නේ යුරෝපීයන්ට නොහැකි වූද, ඔවුන්ට ඇහුම්කන් නොදුන්නා වූද , තවත් බටහිර රූකඩ නොවූවාවූද සමස්ථ නායකයන් , යුධ විරුවන් පෝරකයට කුදලාගෙන යාමේ ගමනයි. එමනිසා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පක්ශ , පාට බේදයෙන් තොරව , මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් එක්ව නැගීසිටින ලෙසයි, එවිට ඔය කියන්නාවූ කිසිදු බලවේගයකට මේ මව්බිමට හානියක් කල නොහැකිවනු ඇත.

Friday, April 22, 2011

ජපන් වාහන මිල ගණන් ඉහලට




දැනට රට තුල පවතින ජපන් වාහන මිලගණන් ඉදිරි සති තුලදී ඉහල යනු ඇතිබවට දැනට ආරංචි ලැබී ඇත.මේ දිනවල ගෙන්නවන සහ ඉදිරියේදී ගෙන්වීමට නියමිත් පාවිච්චි කරන ලද ජපන් වාහන මිළදී ගැනීමට පාරිභෝගිකයා තුළ ඇති අකමැත්තක් පවතින අතර ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජපනයේ සිදුවූ සුනාමියට ලක්වූ වාහන ගෙන්වීවියැයි ඇති බියයි. කෙසේ නමුත්
ලක්ශ 40 පමණ වටිනා කමකින් යුත් වාහන තව ලක්ශ 10 කින් පමණ ඉහල යනු ඇත.

Tuesday, April 19, 2011

යුරෝපා කොට්ටොරුවන්ගේ විහිලු



බංකි මූන්ලා නැවතත් අප රටට අතපය දැමීමට සැරසේ , ලිබියාවට පහර දීම ගැන හාවක් හූවක් නැත. මේක මහා මොංගල් විකාරයකි. විටෙක කොළබට ගොස් UN එක කුඩුවෙන්නට ගහන්නටත් සිතේ , නමුත් පළක් නැත. තවත් පැත්තකින් බ්‍රිතාන්‍යයන් ලිබියාවේ කැරලිකරුවන්ට ආයුධ හා යුධපුහුණුව රාජකාරිමය වශයෙන් ලබා දෙන බවට දැන් ප්‍රවෘත්ති වලින් අසන්නට ලැබුණි. ඒකනම් මාරම විකාරයකි.හරියට පෙනි පෙනී ත්‍රස්තවාදීන්ට සහය දීමකි. මෙවන් විකාර දෙස කෙසේ බලන්නේදැයි තවමත් සිතාගත නොහැක. 


"British military officers to be sent to Liby" British military officers will be sent to Libya to advise rebels fighting Colonel Muammar Gaddafi's forces, the UK government has said. 

Monday, April 18, 2011

දිගටම නිල් බැලුවොත්



මේ අපේ පෝන් වීඩියෝ බලන අපේ සහෝදර සහෝදරියන්ටයි. කිසිදාක කිසිවෙක්
පෝන් නොබැලුවායැයි කිව නොහැක. මක්නිසාද අප සැම පුථුජ්ජන වන බැවිනි. නමුත් මොළය මෝරනා අවදියෙදී මෙයට ඇබ්බැහි වුවහොත් කුමක් වේවිද? සමහර විට ගනිකාවන් ඇසුරට වැටෙන්නට බැරි නැත. මේවා නොබලුවොත් නින්ද නොයන්නටද ඉඩ ඇත.

එය පසකෙ දමා මෙහි ඇති භයානකම කාරණාව ගැන සැලකීමට ලක් කලහොත් කිවහැකි වන්නේ, ඔහු/ඇය විසින් අවබෝධකරගන්නා ලිංගිකත්වය  ඔහු /ඇය සංසර්ගයට පමණක් සීමා කිරීමයි.ලිංගිකත්වය යනු සංසර්ගය පමණක් නොවේ , ආදරය , කරුණාව , දයාව , හුරතලය ආදී වූ මනරම් දෙයකි.

සංසර්ගයට පමණක් සීමාවීමෙන් ඔහුගේ අනාගත පවුල් ජීවත විනාශවීම සිදුවේ. එම නිසා කිසිදිනක මේවාට ඇබ්බැහි නොවන්න , අනාගත පරපුර රැකගන්න.

Friday, April 8, 2011

අනේ මගේ දරුවට පිහිටවෙන්න















කට්ටිය එක පාරට බලන්න ඇති මේ ඉක්කවැටෙන සීන් එක මොකද්ද කියල. සීන් එක මේකයි , අපේ අය පාරෙ තොටේ යනකොට දකිනවනෙ ටවුන් වල , මිනිස්සු වැඩිය ගැවසෙන තැන්වල වෑන් රථ වල ඉස්සරහින්ම බෝඩ් එකක් එහෙම ගහල

"හ්ර්‍ද රෝගයක් තියෙන අසරණ .... සිගිති පුතුට එහෙම නැත්නම් දියණියට ලක්ෂ වලින් මෙච්චරයි , ආධාරයක් කරන්න."

එහෙම දැකල ඇතිනෙ ,

ඔන්න ඔය වෑන් එකේ එන්නෙ කොන්ත්‍රාත් කාරයයි ගෝලයො ටිකයි , වැඩේට ලක්ෂ 10 යනවනම් මේ අය ඊට වැඩි ගානක් හොයනව , කොන්ත්‍රාත්තුව දෙන්න අසනීප පාර්ශවය පැත්තෙන් , ඒ අය (ක්‍රොන්ත්‍රාත්කාරයා) පොරොන්දු වෙනව ලක්ශ දහයක් එහෙම නැත්නම් යන ගාන හොයල දෙනව ඔය අය අපිට ලක්ශ 2, 3 වගේ ගානක් ගෙවන්න කියල , ඒක නිසා ඊට වැඩි මුදලක් අනිවාර්යයෙන්ම හොයන්න සිදුවෙනව,

බලන් ගියාම මේකෙන් පෝසත් වෙන්නෙ ක්‍රොන්ත්‍රාත්කරු. වෙන විදියකුත් නෑ අසරණයන්ට කරන්න.

මේක මෙහෙම දැම්මෙ දැනගැනීම සදහා පමණයි. අසරණයෙක් දැක්කොත් පිහිට වෙන්න. අපි හිත හොදින්නේ සේරම කරන්නේ.