Friday, May 22, 2015

රාජ්‍යපාලනය බිඳ දැමීම හෙවත් Regime Change



රාජ්‍ය තන්ත්‍රය වෙනස්වීම පිලිබඳ සංකල්පය ගොඩනගා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙහි පවතින දුගී දුප්පත් රටවල් වල නායකයන් කෙරෙහි පවතින වෛරවාන්විත හැගීම් උඩ බව නොයෙක් අවස්තාවලදී දිස්වූ සත්‍යයකි.මෙම ධනවාද රටවල් වල පරමාර්ථය වන්නේ දියුණුව කරා ගමන් කරන රටවල් වල මහජන බලය සීමාකිරීමට බලවත් හේතුවක් මත බැවින් දැන් රාජ්‍ය තන්ත්‍රයන් වෙනස්වීම් ලොවෙහි සෑම ප්‍රදේෂයෙහිම පවතින්නේය.


රාජ්‍ය තන්ත්‍රයන් ක්‍රියාවන්නේ කෙසේද?


මෙයට මුල් වන්නේ “සමාජයීය මැදහත්වීම”යන වචනය වෙයි.මෙය තරුණ කොට්ටාශය අතර අදහස් හුවමාරු කරගැනීමේ අලුත් සහ ජනප්‍රිය මාර්ගයක් ලෙස සලකනු ලැබේ.ඇත්ත වශයෙන්ම මෙම මතය රටවල් වලට බලෙන් ගෙන ඇත්තේ දියුණුව කරා ගමන් කරන රටවල් වලට බාධාවන් ඇති කිරීම සඳහා බව ඔප්පුවී තිබේ.මෙම සමාජ මාධ්‍ය නැමැති ආයුධය තුවක්කු සහ වෙඩි උන්ඩ වලට වඩා බලසම්පන්න බව කාහටත් මනාව පෙනෙන්නට තිබේ.

මෙම සමාජයීය අයහපත් ලෙස ක්‍රියාකරන්නේ කෙසේද?

එය ඉතාමත් පහසු දෙයකි.බටහිර එන්.ජී.ඕ. ආයතන සීරුවෙන් ඔවුන් විසින් කුරුමානකර ගත් රටවල් ඇතුලෙහි ඉංග්‍රීසි මධ්‍යස්ඨාන ලෙස හඳුන්වමින් රටෙහි සෑම ප්‍රදේශයකම “සයිබර් කුටි”පිහිටුවනු ලැබේ.මෙහි පරමාර්ථය වන්නේ රටෙහි පදිංචිව සිටි ජීවිතයෙහි නොයෙකුත් අප්‍රසාද තත්වයන්ට මුහුණ දී සිටින තරුණ පරම්පරාව “සමාජ මාධ්‍ය” නමැති කලාව කෙරෙහි ප්‍රගුණ කිරීම බැව් දැනට ප්‍රත්‍යක්ෂවී තිබේ.ඔවුන් පළමුවෙන්ම එම තරුණයන්ට විද්‍යුත් භාණ්ඩ වන කොම්පියුටර්,දුරකථන යනාදිය සපයාදෙනු ලැබේ.තවද මේ සමඟම රටෙහි නායකත්වයට විරුද්ධව ඇති චෝදනා අඩංගු ලිඛිත සටහන්ද සපයාදෙනු ලැබේ.මෙයට ආධාරයක් වශයෙන් වෙනත් රටවල තරුණ පරම්පරාවද යොදවනු ලැබේ.ඊට පසු යම් බලවත් විරෝධ ව්‍යාපාරයක් ඇති කිරීමේ පරමාර්ථය උඩ මෙම නායකත්වයට විරුද්ධව නඟා ඇති චෝදනාවල් අවුරුදු කිහිපයක් යනතුරු මෙම තරුණයන් විසින් මහජනයාගේ සිත් වලට කාවද්දති.

අවසානයේදී මෙම චෝදනාවල් සත්‍ය බව මහජනයා විසින් පිළිගනු ලැබේ.තවද කටින් කට ගොස් මෙම පණිවුඩය සත්‍ය එකක් ලෙස පිළිගැනීමට මහජනයා පසුබට වන්නේ නැත.මෙම නිශ්ශබ්ද ලෙස ගෙනයන යුද්ධයන් නිසා බොහෝ රටවල නායකත්වය විනාශ මුඛයට පත්වන්නේය.


ශ්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්ද?


ඉන්දියන් සාගරයෙහි ඒකාධීකාරය සම්පූර්ණයෙන්ම ලබාගැනීම ඉතාමත් අවශ්‍ය කරුණක් බව ඇමරිකා එක්සත් ජනපදය සලකති.ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය නගාසිටුවීම සඳහා නොයෙක් ව්‍යාපෘතීන් ඉටුකිරීම වෙනුවෙන් චීනය විසින් අඩු පොලියට මුදල් ලබාදී තිබේ.1950 වර්ෂය වැනි ආදිකාලයක සිට චීනය ලංකාවේ පැරණි මිත්‍රයෙක් වන්නේය.එහෙයින් චීනයෙන් ආධාර ලබාගැනීම ශ්‍රී ලංකාවට අමුතු දෙයක් නොවන්නේය.නියමිත කාල සීමාවන් ඇතුලත චීනය විසින් තම ව්‍යාපෘති ඉටු කිරීමෙන් පසු මෙරටින් පිටවන්නේය.ශ්‍රී ලංකාවට චීනය විසින් උදව් කිරීම ගැන ඇමරිකාව නොසතුටට පත්ව සිටී.බටහිර රටවල් මෙම කරුණු නිසා ඉතාමත් අසතුටුදායක තත්වයක සිටී.එයට හේතූන්?

ආහාර අතින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වන අතර එය දියුණු කිරීමට යහපත් තීරණයන් රැසක් ගනිමින් සිටී.මේ හේතුවෙන් ආධික පොළී සහිත ණය මුදල් සහ සහනාධාර උඩ පිටි ඇමරිකාවෙන් ගැනීමට අවශ්‍ය නොවන්නේය.

ඇමරිකාව කෝපාවිෂ්ට වීමට හේතුව?

එරට ඇති වැඩි පිටි තොග විකිණීමට නොහැකිවීම සහ ණය මුදල් ලබාදීමෙන් අධික පොළී ප්‍රමාණයන් අයකරගැනීමට නොහැකිවීම.ඇමරිකාව චීනයට ණයගැතිව සිටින අතර එය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 17ක් වේ.එහෙයින් චීනයට මෙම ණය ගෙවීම සඳහා ඇමරිකාවට මුදල් අවශ්‍ය වී ඇත.


ශ්‍රී ලංකාවට වෛර කරන්නන් කවුද?


සිංහලයන්ගේ මනුෂ්‍ය අයිතිවාසිකම් වලට විරුද්ධව දරුණු අපරාධයන් බ්‍රිතාන්‍ය විසින් සිදු කොට තිබේ.ශ්‍රී ලංකාවට නිදහස ලැබුනායින් පසුද බ්‍රිතාන්‍ය විසින් එය ඔවුන්ට අයිති කොලනියක්  ලෙස සලකන අතර ශ්‍රී ලංකාවට සුදුසු මොනවාදැයි ඔවුන් විසින් තීරණය කිරීමට උත්සහ කරති.බ්‍රිතාන්‍ය විසින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ ජාතිකයන් ගෙන ඇත්තේ මාර්ගයන් තැනීම සඳහා වන්නේය.මෙම ද්‍රවිඩ ජාතිකයන් යොදවා වැඩගත් පසු ඔවුන් ශ්‍රී ලංකාවට බරක්වන පරිදි ශ්‍රී ලංකාවෙහි පදිංචි වීමට ඉඩදෙන ලදී.තවද බ්‍රිතාන්‍ය යටතෙහි තිබුණු අනිකුත් රටවල් වලටද මෙවැනි තත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ.

රටෙහි වෙනත් ප්‍රදේශ වලට නොමැතිව උතුරෙහි විශේෂ පහසුකම් සහිත පාසල්,පුස්තකාල ඇමරිකන් මිෂනාරිවරුන් විසින් පිහිටුවන ලදී.

මෙරට සිංහලයන් පාලනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් යොදවාගත් ප්‍රතිපත්තිය වන්නේ “බෙදා පාලනය කිරීම”වන්නේය.සුළු ජාතිකයන් වන දෙමල ජනයාට සැලකීමක්  දක්වූ අතර,සිංහලයන් ගැන එවැනි සැලකීමක් නොපෙන්වන ලදී.

කොළඹ පදිංචිව සිටි දෙමල අය බටහිර සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමල කොටි ත්‍රස්තවාදී සංවිධානය පිහිටුවාගන්නා ලදී.අඩුකුල වලට අයිති දෙමල ජනයා සටන්කිරීම සඳහා බලෙන් බඳවාගන්න ලදී.එවකට ඇමරිකාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉතාමත් මිලේච්ජ,කුරිරු සංවිධානයක් ලෙස නම් කරන ලදී.එල්.ටී.ටී.ඊ.ඩයස්පෝරාවෙහි ජන්ද දිනාගැනීම සඳහා එංගලන්තය සහ කැනඩාව ඔවුන්ට පක්ෂව ක්‍රියාකරති.තවද ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවෙහි ඊලමක් ස්ථාපිත කිරීම සඳහා මෙම හාදකම ප්‍රයෝජනයට ගෙන ආයුධ ආදිය ලබාගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිති.

ශ්‍රී ලංකාවට සශ්‍රීකත්වය ගෙන එම සඳහා යෙදී සිටි ජන නායකයෙක් 2015 දී රටට අහිමි විය.රාජපක්ෂ මහතාට විරුද්ධව කරන ලද දෝෂාරෝපණ කිසිවක් ඔප්පුවී නොමැත.දැන් සේවය කරන ජනාධිපති බටහිර රටවල සහ ඉන්දියාවෙහි රූකඩයක් ලෙස ක්‍රියා කර නැවත වරක් වෘකයන්ට ගොදුරුවී ඇත.


එල්.ටී.ටී.ඊ.සම්බන්ධතාවයක් ඇති වෙනත් ද්‍රවිඩ සංවිධානවලට පනවන ලද තහනම් නියෝග ඉවත් කරන ලදී.
උතුරෙහි පිහිටි හමුදා ආරක්ෂිත ප්‍රදේශයන් විවෘත කරන ලදී.ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් කරන ලද චෝදනාවල් වලට එකඟත්වය පළකර ඇත.
රජයෙහි ආයුධ ගබඩාවන් ද්‍රවිඩ ඩයස්පෝරාවට දැනගැනීමට සැලැස්වීම.

රාජපක්ෂ මහතාට දෙන ලද ආරක්ෂාව ලිහිල් කිරීම උතුරෙහි පිහිටි නමුදු බැරැක්ක ඉවත්කොට විවෘතව තැබීම.

ජාතික ගීය දෙමලෙන් ගායනය කිරීමට අනුමැතිය දීම.

උසස් තනතුරු උසුලන නිලාධාරීන් මාරු කිරීම සහ සිරභාරයට ගැනීම.

උතුරෙහි ඉඩම් ද්‍රවිඩ ජනයාට පමණක් බෙදාදීම.

තානාපතිවරුන් 24 දෙනෙක් ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් කිරීම.

මධ්‍යම බැංකුවෙහි ආණ්ඩුකාරවරයෙකු වශයෙන් සිංගප්පූරු ද්‍රවිඩයෙකු පත් කිරීම නැවත රජයේ උසස් තනතුරු ද්‍රවිඩ ජනයාට ලැබෙන්නට සැලැස්වීම

මහා මාර්ගයන් සහ ගොඩනැගිලි ඉදිකිරීම නතර කිරීම.
යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව සහ පොලීසියෙහි උසස් තනතුරු දරන නිලධාරීන් පරීක්ෂණයන්ට භාජනයකොට සේවයෙන් නෙරපා දැමීම.