Friday, December 22, 2017

Bitcoin & Cryptocurrency Sinhala | බිට්කොයින් සිංහලෙන්

බිට්කොයින් යනු කුමක්ද?


බිට්කොයින් කියන්නේ ඩිජිටල් මුදල් වර්ගයක්  , මෙහි ඇති ප්‍රධානතම කාරණය වන්නේ ලොව ඇති කිසිම ආණ්ඩුවකට , බැංකුවකට යටත් නොවී පාලනය නොවී පැවතීමේ හැකියාවයි. බිට්කොයින් ගිණුමක් තියෙන ඕනාම පුද්ගලෙක්ට තවත් එවැනි ගිණුමක් හිමි අයෙක්ට කිසිදු අතරමැදියෙකු නොමැතිව මුදල් යැවීමේ හැකියාව මේ හරහා ලැබෙනවා.


බිට්කොයින් හි ඉතිහාසය

බිට්කොයින් සම්බන්ධ මුල්ම ප්‍රකාශනය සිදුවුනේ 2008 ඔක්තෝබර් 31 වනදා. සතෝශි නිකමෝටෝ කියන අන්වර්තනාමයෙන් පෙනී හිටපු අයෙක් තමයි මෙය ඉදිරිපත් කලේ. එහි මාර්තෘකාව ලෙස "A Peer-to-Peer Electronic Cash System " ලෙස දක්වා තිබුනා.2009 ජනවාරියේදී බිට්කොයින් ජාලය කරලියට පැමිණිය අතර මුල්ම බිට් කොයින් 50 මයින් කිරීම නිකමෝටෝ විසින් ඒ අවස්ථාවේදී සිදුකලා.සෑම බිට්කොයින් සංසරණයක්ම ලෙජරයක සටහන් වනවා , එය බොලොක් චේන් ලෙස හඳුන්වා දී තිබෙනවා.


බිට්කොයින් වොලට් එකක් හදමු 

 https://www.blockchain.com  මෙහි ඔබට බිට්කොයින් වොලට් එකක් හදාගන්න පුලුවන් , ඒ වගේම , https://btc.com/ , යන ඒවාගේ ඔබට වොලට් එකක් හැදීමේ හැකියව තිබෙනවා.

 බිට්කොයින් වොලට් එකට සල්ලි දාමු

මම මේ ඉදිරිපත් කරන එකෙන් ඔයාට පුලුවන් වෙනවා බිට්කොයින් කාඩ් එකකින් මිලදී ගන්නත් , නැවත් කාඩ් එකට , බැංකුවට නැවත ගන්නත්. පහත පින්තූරය මත ක්ලික් කරලා ඔයාලට අදාල තැනට යන්න පුලුවන්, මෙම සයිට් එක ඇතුලෙත් ඔයාට බිට් කොයින් වොලට් එකක් හිමිවෙනවා , අවශ්‍යනම් මෙහි ඔබගේ බිට්කොයින් පවත්වාගෙන යා හැකියි.

Buy Bitcoin at CEX.IO

  

 මේකෙනුත් පුලුවන් ගන්න

 

Coinmama: Buy Bitcoins with Credit Card 

 

කොහොමද බිට්කොයින් ටේඩ් කරන්නේ

මේවායේ මිලගනන් විටින් විට ඉහල පහල යනවා , ඒ වගේම විවිධ වර්ගයේ කොයින් අලුතින් එක්වෙන්වා , මේවායේ මිලගනන් ඔයාලට https://coinmarketcap.com/ වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්.


ඒවාගේම කොයින් සම්බන්ධ ප්‍රවෘත්ති , අනාවැකි පහත සදහන් වෙබ් අඩවි වලින් ඔයාලට බලාගන්න පුලුවන්.

අනාවැකි

ප්‍රවෘත්ති

ඉතින් මේ අනාවැකි , ප්‍රවෘත්ති බලලා , මිල ඉහල යන ඒවා මොනාද කියලා බලලා , ඔයාලා ට්‍රේඩ් කරන්න.

බිට්කොයින් ට්‍රේඩ් කරන් තැන්

https://poloniex.com/   https://www.binance.com/  එකේ ඔයාට පුලුවන් බිට්කොයින් සහ අනික්  කොයින් වල මුදල් ආයෝජනය කරන්න. මම ඉහලින් ඉදිරිපත් කරපු cex.io  අඩවියෙන් Coinmama  අඩවියෙන් ඔබට මුදල් අරන් මෙහි ට්‍රේඩ් කරන්න පුලුවන් හැකියාව තිබෙනවා. ට්‍රේඩ් කරන්න හොඳ කොයින් එකක් අධ්‍යනය කරලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. 
ට්‍රේඩ් කරන වීඩියෝවක් පහලින්