Thursday, August 18, 2011

ග්‍රීස් යකුන් ලවා රටට කෙලවීම





ග්‍රීස් යකා කාලයක් පැරණි සංකල්පයකි. ග්‍රීස් හා තෙල් ගාගෙන පැමිණෙන මොවුන්ගේ ආශාවන් විකෘති වේ. ගැහැණුන් නෑම, රාත්‍රියේ නිදාගැනීම , ගැහැණු යට ඇදුම් සොරා ගැනීම මොවුන්ගේ ආශාව වේ.
එය කෙමින් මැකීගියමුත් දැන් තකහනියක් නැවත කරලියට පැමිණ තිබේ.
මෙහි වර්ග ගණනාවක් සම්බන්ධයෙන් යම් යම් කාරණා ඉස්මතුවෙමින් පවතී.
ඉන් එකක් ග්‍රීස් යකුන් යැයි හගවා හොර මැරකම් කිරීමයි,
තවත් කාරණා ලෙස දේශපාලන කුමන්ත්‍රණ ,
මූලධර්මවාදී ක්‍රියාකාරකම් ආදී වේ. 

නැගෙනහිර පළාතේ පසුගිය දා සිදුවූයේ අන්තවාදී මූලධර්මවාදී පිරිසකගේ ක්‍රියාකලාපයකි. ග්‍රීස් යකෙකු කරළියට ගෙන හමුදාවටත් , පොලිසියටත් පහරදීමට උත්හාස කිරීමයි. මෝඩයන් මෙන් ග්‍රීස් යකුන්ට පහර දීමටත් නීතිය අතට ගැනීමටත් උත්සාහ නොකරන්න , එසේ කිරීමටද කිසිදු අයිතියක් නැත. ගොන් කමේ ප්‍රතිඵලයක් ලෙස අහිංසක පැදුරු වෙලෙදුන් දෙදෙනෙක් ඝාතනය විය.

මෙය යම්කිසි භයානක තත්වයකි. හේතුව නම් මෙය තවත් පැතිරීයාමට ඇති හැකියාවයි. කින්නියාහි ඇති නාවික කදවුර ඉවත්කරගැනීමේ සැලැස්මක් මේ අතර වූබව කිව යුතුමය. හමුදාව විසින් දැන් නැගෙනහිර තවත් හමුදා කදවුරු පිහිටවීමට තීරණය කර තිබේ, එය ඉතා හොද තත්වයකි. නැතිනම් නීතිය අතට ගෙන අන්තවාදී පිරිස් මෙහි රජ කිරීමට ඉඩ ඇති බවකි, තවද මෙය දේශපාලන කුමන්ත්‍රණයක පියවරක් ලෙස සමහරුන්ගේ විශ්වාසයයි. නමුත් තවමත් එකී කාරණාවක් ගැන පැහැදිළි සාක්ශි ඉස්මතු වී නැත.

කෙසේ වුවද එක් කාරණාවක් කිවයුතුමය, එනම් අපේ රට නැවත අස්ථාවර තත්වයකට ගෙන ඒමට මුස්ලිම් අන්තවාදීන් , දෙමළ අන්තවාදීන් සහ ඇතැම් සිංහල කොටස් උත්සාහ කරණ බවයි. කින්යාහී තත්වය පැහැදිළිය , මඩකලපුවේ සිදුවූ කාරණයට සම්බන්ධව දෙමළ මන්ත්‍රී වරුන් පිරිසක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

චැනල් ෆෝ තාමත් කරළියේය, යුධ අපරාධ ගැන තාමත් කතාවේ , කච්චතිව් ලබාගැනීමේ උත්සාහයක, ජිනීවා සාකච්ඡා ලග ලගම , 

ඒ අනුව යම් කාරණාවක් මනාව පසක් වනවා ඇත. වගකීමෙන් යුතුව කටයුතුකෙරිය යුතුය. නැවත රට අස්ථාවර වීමට ඉඩ නොදිය යුතුය.

Tuesday, August 16, 2011

පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

මේ HNB CARD විදිය දැන් පොඩ්ඩක් ලෙඩ දෙන්න පටන් අරන් , මෙන්න මේ පල්ලැහැ ලින්ක් එකේ තමයි 100% නීත්‍යානුකූලම විදිය. පේපෑල් එක හදාගන්න පුලුවන් , මොකද ඇමරිකන් බේස් බැංකු ගිණුමකුත් ඔයාලට නොමිලේම හම්බවෙන නිසා .

Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew


" http://asipiya.blogspot.com/2012/08/payoneer-card-atm-withdrew.html"





මේ පල්ලැහැ තියෙන්නේ පරණ ක්‍රමේ , ඒක දැන් වැඩකරන්නෑ , උඩ තියෙන ලින්ක් එකෙන් අලුත් ක්‍රමේට ගන්න පුලුවන්



එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ් පත පමණයි

( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)


Code:    https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/
1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න

Code:

www.paypal.com
2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්න




3.දැන් Sign Up යන්න




4. Personal Get start

 


5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න 



( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.



7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )




8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි




9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.



10. දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න.






බැංකුවේ Code අංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට ජාත්‍යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක් පවත්වාගන්න.



11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම  ඔබගේ කාඩ්පතට Withdrew කරගත හැක.







 

Monday, August 1, 2011

FB ගිණුම හැක් වෙලාද? මෙන්න විසදුම.



 



ඒකට යන්න කලින් FB දැන් Security අතින් ගොඩක් පහසුකම් දීල තියෙන්නේ  ඒ සේරම කරගන්න අමතක කරන්න එපා , ඒව කරන්නේ මෙහෙමයි

Account Settings



 Security හි පහත සියල්ල Enable කරන්න , 




ඔබගේ දුරකථන අංකයක් ලබා දෙන්න, අලුත් පරිගණකයකින් ලොග් වීමට උත්සාහ කලොත් ඔබට දුරකථනයට Code 1 ලැබේ, එය නැතිව කිසිවිටකත් ලොග් විය නොහැක.

දැන් වැඩේට බහිමු....


ඔබගේ ගිණුමක් හැක් වී ඇතිනම් , පහත පියවර අනුගමනය කිරීමෙන් ඉතා පහසුවෙන් නැවත ඔබේ ගිණුම ලබාගත හැක.

පහත ලින්ක් එකට යන්න

[CODE]http://www.facebook.com/hacked/[/CODE]එහි "My account is compromised " යන්න Click කරන්න



ඔබ ඇතුලත් කල E-mail ලිපිනය , දුරකථන අංකය , හෝ ඔබේ නම යොදා ගිණුම සොයාගන්න , එසේ නැතිනම් ඔබට පහල වම්කෙලවරේ ඇති "I can't identify my account click කිරීමෙන් FB වෙත දැනුම් දීමක් කල යුතුය .එහි ඇති ෆෝරමය නිවැරදිව පිරවීමෙන් ඔවුන් නැවත ඔබ හා සම්බන්ධවේ




ඔබේ ගිනුම සොයාගැනීමට පුලුවන් වූයේනම් ,පහත දැක්වෙන පරිදි ඔබේ ගිණුම දිස්වේ , එහි "Don't know your password?" යන්න Click කරන්න



ඔබගේ E-mail ගිණුම එහි දිස්වේනම් එයට හරිය දමා ඔබගේ Password Reset code ගෙන්වා ගන්න , නැතිනම් ඔබේ දුරකථන අංකයද එහි දිස්වේ , ඔබේ E-mail ලිපිනය වෙනස් කර ඇත්නම් දුරකථන අංකයට පමණක් හරිය දමා Password Reset code ගෙන්වා ගන්න, ඒ කිසිවක් නැත්නම් "No longer have Access to these" වෙත යන්න



ඉන්පසුව ඔබේ E-mail ලිපිනය සදහන් කර Submit කරන්න




ඉන්පසුව ඔබ දුන් රහස්‍ය පිළිතර ලබා දෙන්න




එය ලබාදුන් පසුව ඔබේ වැඩේ සාර්ථකයි , දැන් නව Password දී Submit කරන්න



.ඔබගේ නව E-mail ලිපිනයට E-mail 1 ලැබේ , එම ලින්ක් එකෙන් ගිය විට , ඔබගේ ගිණුම Lock එක වන අතර , නැවත පැය 24 පසුව ලොග් විය හැක.

ඔබ රහස්‍ය පදයක් සකස් නොකලේ නම් , ඔබට ඔබගේ යහලුවන් 3 තෝරාගැනීමට සිදුවේ , එම තොරාගත යාලුවන්ට Code 1 Send කරණු ලබයි , ඉන්පසු එම යහලුවන් සම්බන්ධකරගෙන එම කෝඩ් පහත දැක්වෙන ලෙස ඇතුලත් කල යුතුය.





ඉන්පසුව මෙවන් පිටු තුනක් ඔබට ලැබේ . ඒ හැම පිටුවකදීම එක් යාලුවෙක් පමණක් Select කිරීමට අවස්ථාව ලැබේ.




ඉන්පසුව දැක්වෙන පරිදි " Send code friend" Click




ඉන්පසු අදාල යාලුවන්ට කතා කර , ඔවුන්ට ලැබුනු කෝඩ් ඉල්ලා ගෙන සටහන් කරන්න



ඉන්පසුව , නැවත ඔබට New Password ඇතුලත් කිරීමට අවස්ථාව ලැබේ..

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ......

Sunday, July 31, 2011

Flying Fish (Igillena Maluwo) ඉගිල්ලෙන මාලුවෝ




මේ කියන්නේ ලංකාවේ නිර්මාණයක් ගැන. මේක Tiger Awards Competition එකේදි හොදම අධ්‍යක්ශනයට හිමි සම්මානයත් දිනාගෙන තියෙනවා , ඇමරිකාවේ තමයි තිරගත වුනේ මුලින්ම , දැන් මේක ලෝකෙ වටේ යනව කියලයි ආරංචිය ,

මේක අධ්‍යක්ශනය කරල තියෙන්නේ "සංජීව පුශ්පකුමාර"

රගපෑමෙන් දායක වනවා

චමින්ද සම්පත් ජයවීර
රත්නායක මාරසිංහ
සිත්ති මරියම්
සංජීව දිසානායක
සුමති සිවමෝහන්
කව්ශල්‍යා ප්‍රනාන්දු

උතුරේ යුද්ධය දරුණුවට පැවති අවදියේ සිදුවූ එකිනෙකට සම්බන්ධ අසාමාන්‍ය කතා තුනක් පිළිබඳව මේ චිත්‍රපටය ගොඩ නැගෙනවා

මෙතන තව විස්තර ඇති


[CODE]http://www.filmfestivalrotterdam.com/en/films/igillena-maluwo/[/CODE]
 

මෙන්න IMDB ලින්ක්

[CODE]http://www.imdb.com/title/tt1830645/[/CODE]
 

මාත් ඇතුලුව ගොඩක් අය මේක භාගත කරගන්න විදියක් හෙව්ව ඒත් හම්බුනේ නෑ. නමුත් මෙහි විකිණීම් කරන අය මට හොයාගන්න පුලුවන් වුනා, මෙන්න

Asia Digital Entertainment Ltd.

කොළබ කට්ටිය ඉන්නවනම් ,ලෝක වෙළද මධ්‍යස්ථානයට ගිහින් මේක ගන්න පුලුවන් වෙයි. වැඩි විස්තර පහල ඇති.




[CODE]http://www.flyingfishmovie.com/[/CODE]

Wednesday, July 27, 2011

උතුරේ දෙමෙළ්ලු බලුද?



කණගාටුවෙන් උවද මෙසේ කීමට සිදුවිය. සැබැවින්ම ඔවුන් එසේය.
යාපනය ප්‍රදේශයේ වුන්ගේ තත්වය තරමක් වෙනස්. ඔවුන් නිදහස භුක්ති විදින්නේ අවුරුදු 4-5 සිටය. එම ප්‍රදේශයේ සිට දකුණට වන්නට වන සියලුම උතුරේ දෙමලුන් මෙසේ යැයි කිව හැකි තරම්ය. එකෙක් දෙකෙක් හැරුණු කොට.
කන බත් පිගාන මුන්ට දුන් බවක් මතක නැත. තම කොල්ලන් දෙසිය ගනනකගේ කිරි කෝප්පය පවා මුන්ට පරිත්‍යාග කල බවක්  , එසේ කල ඔවුන්ව මුන් ගනන්වත් නොගන්නා බව ඉහල හමුදා නිළදාරියෙක් මා සමග කණගාටුවෙන් ප්‍රකාශ කලේය. තවත ඔහුගේ කථාවට කරුණු ගනනාවක් එක්විය.
සෑම නිවසකටම වතුර මෝටරයක් , බයිසිකලයක් දී ඇත. එසේ කරත් මුන් ඉන්නේ තාමත් හමුදාව සමග තරහිනි. "උබලා අපේ ගෙවල් කැඩුවානම් දැන් හදාදියව්" යැයි දැන් උන් පැහැදිළිව කියා සිටී. , හමුදාව සතු බලය මේවන විට අඩුවී ඇත. සිවිල් වැසියන්ට කිසිදු බාදාවක් පැමිණවිය නොහැක. එසේ කලහොත් ගෙදර යාමට සිදුවේ.
පසුගිය දිනක ඡන්ද ප්‍රතිපලය දැක දැන් උන් ඉල්ලන්නේ ස්වාධීන පාලනයකි. අනේ අම්මපා මුන්ට ස්වාධීන පාලනයක් දෙන්න උවමනානම් ඊලම දී අත කට පිහදා ගැනීමට තිබුනි. මෙහි තත්වය දරුණු බවක් පෙනේ රජය මේ ගැන මීට වඩා උනන්දුවෙන් විසදුමක් සෙවිය යුතුව ඇත. තවත් කරුණු රාශියක් ඉදිරියේදී ඉදිරිපත් කරමි.

Monday, July 25, 2011

උතුරේ දෙමළ ප්‍රශ්නයට විසදුම?




උතුරේ දෙමළ ප්‍රශ්නයට ත්‍රස්තවාදයෙන් විසදුම් සෙවීමේ ක්‍රමය දැන් නිමවී වසර දෙකටටත් වැඩිකාලයකි. එම ක්‍රමය විසදුම නොවන බව මනාව වැටහී ඇත. නමුත් උතුරේ දෙමළ ජනයාට පැහැදිලිව පාලන ප්‍රතිපත්තිය තුළ විසදුමක් දිය යුතුය.එකීය රාජ්‍යයක් තුල එකී විසදුම සපයන්නේ කෙසේදැයි සාඛච්ඡා වෙමින් පවතී. එම ස්ථාවරය දැනට පවතින ආණ්ඩුව දරණ අතර එක්සත් ජාතික පක්ෂයේ මතය ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සන්ධීය විසදුමකි. එය එසේ සිදුවිය යුතුනම් එල්.ටී.ටි යට ඊලම ලබාදී අත පිහදා ගැනීමක් කලේ නම් කම් නැත. ඒකීය රාජ්‍ය තුලම නියත වශයෙන්ම මෙම විසදුම සෙවිය යුතුය.
මෙය විසදීමේදී 13 , 17 ආදී වශයෙන් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් උවත් ඒවායේ ගැටලු මතුවී ඇත.

මගේ මතය නම් ලංකාවේ පැරණිතම ක්‍රියාත්මක වූ ගම්සභා ක්‍රමය ස්ථාපනය කොට ද්‍රවිඩ භාෂාව , සිංහල , ඉංග්‍රීසි ආදී සියලුම භාෂා කතාකල හැකිවුන් එහි පත්කර හැරීමයි,( මෙය දළ අදහස වන අතර , දීර්ඝ කාරණා මගින් විසදුම් ඉදිරිපත් විය යුතුය) ඔබේ මතයද මෙහි ඉදිරිපත් කරණ ලෙස ඉල්ලා සිටිමි.

Wednesday, July 13, 2011

මුත්‍රාශයේ ගල්ද?

ඉස්සර මුත්‍රාශයේ ගල් ආපුවාම ගල වට්ටන්න හෙන ගේමක් දෙන්න ඕන , තව ඒක හරිම ආමාරුයි, මොකද ගල පිටින්ම වැටෙන්න ඕනනේ, දැන් ඒකට අලුත් විසදුමක් තියෙනවා , ඒ අංශුමය වශයෙන් ගල ඉවත් කරන එක , රෝහල් වල නවතින්න ඕනත් නෑ.. මෙන්න බලන්න පහල තියෙන් ෆොටෝ එක, ගත්තෙ ආසිරි රෝහලේදී.