හුස්ම ගැනීමේ අපහසුවක් හා පපුව හිරවන්නටද වූයෙන් වහා රෝගියා කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් වෙත යොමුකරන ලදී. රෝගියා පරික්ශාකල වෛද්‍ය වරයා පැවසූවේ රුධිර නාලිකා සිහින් වී ඇත්දැයි සැකයක් පවතින බැවින් "Angioplasty"නම් පරීක්ශනය සිදුකල යුතුබවයි. මේ පරීක්ශනය සදහා රු. 35000 පමණ මුදලක් වැයවන අතර ඒ අනුව එදින රොහලේ නතරව ඊට පසුදින ඒ පරීක්ශනය සිදු කෙරිනි. පරීක්ශනයේ ප්‍රතිඵල අනුව රුධිර නාල වල අවහිරතාවක් ඇත. "Stenting" වර්ගයේ ශල්‍යකර්මයක් සිදුකල යුතුය. මුලින් සූදානම් වූවානම් "Angioplasty කරන අතරම එය සුදුකල හැකිව තිබුණි. නමුත් ඒ වන විට කිසිම සූදානමක් නොවූ බැවින් ඒ ඊලග සතියට කල් දමන ලදී. රු. ලක්ශ 8 මුදලක් ආසන්න වශයෙන් වැයවන මෙම ශල්‍යකර්මය රොගියා සිහියේ තබාගෙනම බලාසිටියදීම සිදුකරණු ලබයි. ඊට පසුදින රෝහලෙන්ද පිටව යා හැක.මෙහි වැඩි මිලක් යන්නේ "Stent" සදහායි. ඉන් එකක් ලක්ශ 2.50 පමණ වේ.
පරීක්ශනය හා ශ්ල්‍යකර්මයේ වීඩියෝවක්
කතාව ඉන් අවසන් වේ යැයි සිතූවද එම කතාව නැවත දිගහැරෙන්නේ අවුරුදු 2-3 පමණ පසුව නැවත ඇතිවූ පපුව හිරවීමකිනි. කිසිත් සිතාගත නොහැක නැවත නාළයක් අවහිර වී තිබේ. නැවත එම ශල්‍ය කර්මය නිරිදේශ විය. එවරද ලක්ශ 8 කි. කතාව අවසානද නැත මාස 6 ගිය තැන ආයෙත් නාළ අවහිරයකි. දොස්තරවරයා පුදුමය පලකරන අතරම රෝගියාට විකල්පයක්ද නැති බව පවසයි. නැවත වරක් ලක්ශ 8 වියදම් කර ශල්‍යකර්මය සුදුකෙරිනි අවසානද? නැත. තව මාස 3 නැවත පපුව හිරවීමකි. මේ අවස්ථාවේ වෙන දොස්තරවරයෙක් සොයන්නට සියලුදෙනා උනන්දු විය.
අවසානයේ රජයේ රෝහලක සේවය කරන විදේශීය වෛද්‍යවරයෙක් පරීක්ශාකර රෝගියාගේ නෑසියන්ට දොස් තබන්නට වූයේ 3 සැරයක්ම මෙය සිදුකලේ කාගේ උවමනාවටදැයි අසමිනි.
එම විදේශීය වෛද්‍යවරයා සියලු කරුණු පහදා දී පවසා තිබුනේ එක් වරක් පමණක් ඉහතේ ගණයේ ශල්‍යකර්මය කරන බවත් ඉන්පසුව නැවත ඇති උනොත් "bypass surgery" කර එම කතන්දරය අහාවර කරන ආකාරයයි. ඒ අනුව අවසානයේ බයි පාස් සැත්කමෙන් කතාව නිමකෙරිනි. අවුරුදු 15 දිගු ආයුස වෛද්‍යවරයා සහතික කෙරිණි. මේ වනවිට එය සිදුකර අවුරුදු 2 ආසන්න වන ඔහු තමන්ගේ රාජකාරි සාමාන්‍යපරිදි සිදුකරයි.
(බයිපාස් සැත්කමද පුද්ගලික රෝහලක්දී ඉහත කී විදේශීක වෛද්‍යවරයා විසින් සිදුකෙරිණි)
bypass surgery
නමුත් ඒ වනවිට ලක්ශ 30 පමණ දොස් හොරෙකු විසින් ගසාකා හමාරයි.
සියලු දෙනාගේ දැනගැනීම පිණිස පළකරන ලදී
අපේ තාත්තටත් පහු ගිය දවසක බයිපාස් එකක් කලා.. මම මේ ගැන ලියන්න හිටියෙ.. ඒත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල මට තීරනය කරන්න බැරි උනා. මොකද ඒ තරමට අත්දැකීම් ගොන්නක් තියනව හිතේ හිරවෙලා
ReplyDeleteඑන්ජීඕ එක කරන්න 40ක් වියදම් උනා.. කෙලින්ම බයිපාස් එකක් කරන්න උනා.. තත්වය ගොඩාක් සංකීර්ණ වෙලා තිබුන නිසා.. පෞද්ගලික රෝහලකින් කරන්නම කියල කිව්වා. මොකද රජයෙ රෝහලේ වේටිං ලිස්ට් එකේ ඉන්න එක කල් මදි හින්දා.. සැත්කමට විතරක් ලක්ශ 7ක් විතර ගියා.. ඊට පස්සෙත් තවත් සංකූලතා එති උනා.. රජයේ රෝහලට මාරු කලා.. ඒකෙදිත් බේත් වලට අසූදහක් විතර ගියා..
ඊට පස්සේ මොකද මචන් උනේ? 99% බයි පාස් එක සාර්ථකයි හොද දොස්තර කෙනෙක් කලොත්
ReplyDelete