Wednesday, November 14, 2012

සල්ලි කොලේ නමන්න එපා



කට්ටිය සල්ලි කොල නමල එහෙ මෙහෙ පර්ස් එක අස්සේ දාගන්නවද? දෙකට තුනට නමලා එහෙම. මාත් ඔය වැඩේ කලා ඉස්සර . හැබැයි දැන්නම් නෑ. හේතුව මගෙ යාලුවෙකට වෙච්ච සිද්ධියක්.

යාලුවා ඉන්නේ පිටරටක. දවසක් මිනිහා කඩේකට කන්න ගිහින් . ඒකෙ වේටර්ට ටිප් එක විදියට පර්ස් එකේ හන්ගල තිබ්බ කොලයක් තමයි දීල තියෙන්නේ. මාර වැඩේ කියන්නේ වේටර් සල්ලි අරන් නෑ.
පස්සේ යාලුවටත් හෙන ප්‍රශ්නෙලු මේක. ඉතින් මිනිහා වේටර්ගෙන් අහපුවාම ඒ ගැන වේටර් මූට හෙන දේශනාවක් දීලා කියපිලු .

"උඹල ඔය සල්ලි පොඩිකරලා , නමලා දාගන ඉන්න විදිය හරි කැතයි. උඹලා සල්ලි වලට ආදරය කරන්නෑ . ඔය සල්ලි ලස්සනට තියාගනින් , මොකද අපි ඕක ආයේ කාට හරි දෙන නිසා , ඒ මිනිහා ආසාවෙන් බාරගන්නෙ ඕක ලස්සනට තිබ්බොත්. සල්ලි වලට ආදරය කරන තරමට උඹලට සල්ලි ලැබෙයි"

කිව්වලු.

ඉතින් මේ කථාව මගෙත් බොක්කටම වැදුනා , දැන් මම සල්ලි ලස්සනට දාගෙන ඉන්නවා , නමෙන්නෙත් නැතුව. අලුත් Wallet එකකකුත් ගත්තා.
උඹලත් සල්ලි ලස්සනට පාවිච්චි කරපල්ලා





4 comments:

  1. මට නම් අලුත් ලස්සන කොලයක් හම්බුනොත් පරිස්සම් කරනවා.. පරන ජරාවක් හම්බුනොත් නං ඉතිං ඕන එකක් :D

    ReplyDelete
  2. හි හි... ඒත් පර්ස් එකේ හංඟල නොතිබ්බොත් ඒකත් වියදම් වෙනවනෙ

    ReplyDelete
  3. කතාව නම් සහතික ඇත්ත. මතකද ඒ දවස්වල ප්ලාස්ටික් කොලේක ප්‍රින්ට් කරලා තිබ්බ රුපියල් 200හේ නෝට්ටුව ? මිනිස්සු ඕකත් නැමුවා නෙ. අන්තිමට දෙකට මැද්දෙන් ඉරිලා යනකන් කවුරුත් දන්නේ නෑ.

    ReplyDelete
  4. හැබැයි වොලට් එකක සල්ලි දාලා ලස්සනට පේන්න තිබුනොත් ඒක ඇහැ ගැහැනෙ හැම වෙලාවකම සල්ලි වියදම් කරන්න වෙන බව මට නම් ෂුවර්.

    ReplyDelete