Monday, July 25, 2011

උතුරේ දෙමළ ප්‍රශ්නයට විසදුම?




උතුරේ දෙමළ ප්‍රශ්නයට ත්‍රස්තවාදයෙන් විසදුම් සෙවීමේ ක්‍රමය දැන් නිමවී වසර දෙකටටත් වැඩිකාලයකි. එම ක්‍රමය විසදුම නොවන බව මනාව වැටහී ඇත. නමුත් උතුරේ දෙමළ ජනයාට පැහැදිලිව පාලන ප්‍රතිපත්තිය තුළ විසදුමක් දිය යුතුය.එකීය රාජ්‍යයක් තුල එකී විසදුම සපයන්නේ කෙසේදැයි සාඛච්ඡා වෙමින් පවතී. එම ස්ථාවරය දැනට පවතින ආණ්ඩුව දරණ අතර එක්සත් ජාතික පක්ෂයේ මතය ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සන්ධීය විසදුමකි. එය එසේ සිදුවිය යුතුනම් එල්.ටී.ටි යට ඊලම ලබාදී අත පිහදා ගැනීමක් කලේ නම් කම් නැත. ඒකීය රාජ්‍ය තුලම නියත වශයෙන්ම මෙම විසදුම සෙවිය යුතුය.
මෙය විසදීමේදී 13 , 17 ආදී වශයෙන් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් උවත් ඒවායේ ගැටලු මතුවී ඇත.

මගේ මතය නම් ලංකාවේ පැරණිතම ක්‍රියාත්මක වූ ගම්සභා ක්‍රමය ස්ථාපනය කොට ද්‍රවිඩ භාෂාව , සිංහල , ඉංග්‍රීසි ආදී සියලුම භාෂා කතාකල හැකිවුන් එහි පත්කර හැරීමයි,( මෙය දළ අදහස වන අතර , දීර්ඝ කාරණා මගින් විසදුම් ඉදිරිපත් විය යුතුය) ඔබේ මතයද මෙහි ඉදිරිපත් කරණ ලෙස ඉල්ලා සිටිමි.

2 comments:

  1. දැන් ඉතින් යුද්ධය ඉවරයිනේ.
    කරන්න තියෙන්නේ උතුරේ නැති වෙච්ච ජන ජීවිතය යලි නඟා සිටුවන එක.ඒකට ආණ්ඩුව වගේම විපක්ෂයත් එකට එකතු වෙන්න ඕනේ.

    ReplyDelete
  2. ආණ්ඩුව ඉස්සර මොනා කියෙව්වත් ඉස්සරහට 13+ යන බවක් තමා පේන්න තියෙන්නෙ

    ReplyDelete