Saturday, October 25, 2014

සාමාජිකයන්ට මුදල් ගෙවන සමාජ ජාලය - tsu




මේ සමාජ ජාලය හදුන්වා දීලා දැන් සතියක් වගේ 





මේකත් Face Book /Twitter වගේ නමුත් මේකේ විශේෂත්වය වන්නේ ලැබෙන ආදයමෙන් 90% සාමාජිකයන් අතරේ බෙදනෙ එකයි.




ඊලග කාරනය මේකේ බෙදාහරින්න ඕනා ඔබගේ නිර්මාණ (Original Content) තමයි මොකද ඔබ Copyright දැම්මොත් ඒවා මෙකෙන් අයින්වෙනවා .ඔබේ අනුගාමිකයින් (Followers) වැඩි වෙන තරමට ඉපයීම වැඩි වෙනවා.
මේක ප්‍රෝඩාවක් නොවන බව පැහැදිලියි. මොකද දැනටට්මත් මේ අය සතුව ඩොලර් මිලියන 7 අරමුදලක් පවතිනවා.
මේකෙ සමාජිකයෙක් වෙන්න කෙලින්ම බෑ. ඒකට ආරාධනාවක් අවශ්‍යයි පහත ලිගුවෙන් ගිහින් ඔබත් එකතු වෙන්න.


Saturday, July 19, 2014

අලුත්ගම මුස්ලිම් ප්‍රහාරය - නවතම වීඩියෝව




බෞද්ධයා ලොව ඉදිරියේ අවමානයට ලක්කළ අළුත්ගම සිදුවීමේ ඇත්ත මෙන්න..
ජිහාඩ් ගොඛෙල්ස්වාදයට, සත්‍ය යටපත් කිරීමේ රාජ්‍ය මර්දනයට එරෙහිව ජනබල මාධ්‍ය මෙහෙයුම - MONARAWILA

Friday, May 2, 2014

පච්ච කතගේ බුද්ධ භක්තිය



වෙලාව පාන්දර 3 පමණ වන්නට ඇත. මම ගුවන්තොටුපළ රාජකාරි කරමින් සිටි. මාගේ යාලුවෙක් පැමිණ පවසා සිටියේ " ඒයි අන්න අර ගෑණි බුදුහාමුදුරුවන්ගේ පච්චයක් ගහන් ඇවිත්" මා ඒ දෙසට යන්නට වූ අතර ඒ වන විටත් අප හිතවතුන් කීප දෙනෙක් ඇයට කීවේ පච්චය ආවරණය කරගන්නා ලෙසත් එසේ නොමැතිවව ඔබ පිට වූ හොත් එලියේ පිරිස් කලබලකාරී වි ඒ අනුව ඔබව පොලිස් අත් අඩංගුවට පත්විය හැකි බවයි.එ කිසිවක් ගණන් නොගත් ඇය , ගුවන් තොටුපළ පමිණීමේ පිවිසීමේන් එලියට යන්නට විය. ඒ අනුව මාද තව කීපදෙනෙකුද ඇය පසුපසින් එලියට ගියේ සිදුවන්නේ කුමක්දැයි දැක ගැනීමට හා පොලීසියේ ආධාර ලබාගැනීමේ අදහසිනි. ඇයව කීප දෙනෙක් වට කරගත්තේ " අම්මට සිරි බලපන් බුදුහාමුදුරුවන්ගේ පච්චයක්" කියමිනි. මේ හේතුවෙන් පොලීසිය කැඳවීමට අපට සිදුවිය , මම ඇගෙන් කරුණු විමසූ විට ඇය කීවේ තමන් 3 වරක් ලංකාවට ආ බවත් මේක ප්‍රශ්නයක් නොවූ බවත් , ඇය බුදුදහමට කැමති බවත්. නමුත් මම ඇයට කියා සිටියේ මහා ගෞරවයක් දක්වන්නාවූ ශාස්තෘවරයෙක් විලාසිතාවක් නොවිය යුතු බවයි.එය එසේ උවහොත් පසුකලකදී උන් වහන්සේගේ දර්ශනයත් විහිලුවක් විය හැකි බවයි. තත්වය එන්න එන්නම භයානක වූයෙන් ඇයව පොලීසිය විසින් කැඳවාගෙන යන ලදී.

පසුව මටද තව කීප දෙනෙකුටද පිරිස් විශාල වශයෙන් දෝශාරෝපන එල්ල කරන්නට වූයේ "පච්චයක් ගහන් ආවට උබලට අමාරුද" කියමිනි. ඒ කිසිවක් ගණන් නොගත් අපේ එකම මතය වූයේ බුදුන් විළාසිතාවක් නොවිය යුතු යන්නයි"

හැම වෙබ් අඩවියකම පාහේ ඇගේ විස්තරය පලවූ අතර අපට ආ දෝශාරෝපන එන්න එන්නම වැඩිවිය. " ඒකි බුදුදහම කැමතීලු , උබලාට ඕන්නැති මගුලක් නෑ"

දින කීපයක් එසේ යද්දී ඇයගේ ප්‍රොෆයිලයේ තිබී මෙම ඡායාරූපය හමුවූ අතර එය කිසිවෙකු විසින් ඵලකරන ලද අතර මමද එය උපුටා ගෙන ඉදිරිපත් කරන ලදී.



2008 දී ලංකාවට ආ අවස්ථාවේ ගත් ඡායාරූපයක්


දැන් විස්තර කලාවුන්ගේ කටවල් වැසී ඇත. එය මෙම ඡායාරූපය හා 2008 ශ්‍රී ලංකා යන මුල් ඇල්බමයද මකා දමා ඇත.


ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිලය

Code:
https://www.facebook.com/profile.php?id=1275276540

Thursday, April 10, 2014

Heartbleed bug - Virus warning - දැවැන්ත වෛරසයක් අන්තර්ජාලයේ





දැවැන්ත සමාගම් වල වෙබ් අඩවි සර්වර් වල දත්ත කියවිය හැකි වෛරසයක් මුදා හැරේ, ඊ-මේල් ලිපින , ක්‍රෙඩිට් කාඩ් සේවා සියල්ල හැකර් කරුවන්ගේ ග්‍රහනයට ලක්විය හැකිබවට අනතුරු අගවා ඇත. ඒ අනුව පහත සදහන් සියලු සේවාවල මුරපද වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.








සියලු ආයතන

Code:
http://mashable.com/2014/04/09/heartbleed-bug-websites-affected/

Monday, December 9, 2013

බයිපාස් හා දොස්හොරු




හුස්ම ගැනීමේ අපහසුවක් හා පපුව හිරවන්නටද වූයෙන් වහා රෝගියා කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලක් වෙත යොමුකරන ලදී. රෝගියා පරික්ශාකල වෛද්‍ය වරයා පැවසූවේ රුධිර නාලිකා සිහින් වී ඇත්දැයි සැකයක් පවතින බැවින් "Angioplasty"නම් පරීක්ශනය සිදුකල යුතුබවයි. මේ පරීක්ශනය සදහා රු. 35000 පමණ මුදලක් වැයවන අතර ඒ අනුව එදින රොහලේ නතරව ඊට පසුදින ඒ පරීක්ශනය සිදු කෙරිනි. පරීක්ශනයේ ප්‍රතිඵල අනුව රුධිර නාල වල අවහිරතාවක් ඇත.  "Stenting" වර්ගයේ ශල්‍යකර්මයක් සිදුකල යුතුය. මුලින් සූදානම් වූවානම් "Angioplasty කරන අතරම එය සුදුකල හැකිව තිබුණි. නමුත් ඒ වන විට කිසිම සූදානමක් නොවූ බැවින් ඒ ඊලග සතියට කල් දමන ලදී. රු. ලක්ශ 8 මුදලක් ආසන්න වශයෙන් වැයවන මෙම ශල්‍යකර්මය රොගියා සිහියේ තබාගෙනම බලාසිටියදීම සිදුකරණු ලබයි. ඊට පසුදින රෝහලෙන්ද පිටව යා හැක.මෙහි වැඩි මිලක් යන්නේ "Stent" සදහායි. ඉන් එකක් ලක්ශ 2.50 පමණ වේ.

පරීක්ශනය හා ශ්ල්‍යකර්මයේ වීඩියෝවක්




කතාව ඉන් අවසන් වේ යැයි සිතූවද එම කතාව නැවත දිගහැරෙන්නේ අවුරුදු 2-3 පමණ පසුව නැවත ඇතිවූ පපුව හිරවීමකිනි. කිසිත් සිතාගත නොහැක නැවත නාළයක් අවහිර වී තිබේ. නැවත එම ශල්‍ය කර්මය නිරිදේශ විය. එවරද ලක්ශ 8 කි. කතාව අවසානද නැත මාස 6 ගිය තැන ආයෙත් නාළ අවහිරයකි. දොස්තරවරයා පුදුමය පලකරන අතරම රෝගියාට විකල්පයක්ද නැති බව පවසයි. නැවත වරක් ලක්ශ 8 වියදම් කර ශල්‍යකර්මය සුදුකෙරිනි අවසානද? නැත. තව මාස 3 නැවත පපුව හිරවීමකි. මේ අවස්ථාවේ වෙන දොස්තරවරයෙක් සොයන්නට සියලුදෙනා උනන්දු විය.

අවසානයේ රජයේ රෝහලක සේවය කරන විදේශීය වෛද්‍යවරයෙක් පරීක්ශාකර රෝගියාගේ නෑසියන්ට දොස් තබන්නට වූයේ 3 සැරයක්ම මෙය සිදුකලේ කාගේ උවමනාවටදැයි අසමිනි.

එම විදේශීය වෛද්‍යවරයා සියලු කරුණු පහදා දී පවසා තිබුනේ එක් වරක් පමණක් ඉහතේ ගණයේ ශල්‍යකර්මය කරන බවත් ඉන්පසුව නැවත ඇති උනොත් "bypass surgery" කර එම කතන්දරය අහාවර කරන ආකාරයයි. ඒ අනුව අවසානයේ බයි පාස් සැත්කමෙන් කතාව නිමකෙරිනි. අවුරුදු 15 දිගු ආයුස වෛද්‍යවරයා සහතික කෙරිණි. මේ වනවිට එය සිදුකර අවුරුදු 2 ආසන්න වන ඔහු තමන්ගේ රාජකාරි සාමාන්‍යපරිදි සිදුකරයි.


(බයිපාස් සැත්කමද පුද්ගලික රෝහලක්දී ඉහත කී විදේශීක වෛද්‍යවරයා විසින් සිදුකෙරිණි)

 bypass surgery




 











නමුත් ඒ වනවිට ලක්ශ 30 පමණ දොස් හොරෙකු විසින් ගසාකා හමාරයි.

සියලු දෙනාගේ දැනගැනීම පිණිස පළකරන ලදී

Sunday, December 8, 2013

මුහුද යටින් හමුවූ මිනිසා



මෙය මහා පුදුමය උපද්දවන කතාවකි. අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝ පටයක දැක්වනුයේ දින 3 පෙර මුහුදුබත් වූ නෞකාවක වුන් මිනිසෙක් අතින් අදින ආකාරයයි.

මෙය හරියට චිත්‍රපටයක් මෙනි. දොළොස්දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් නෞකාවක් ආත්ලාන්තික් සාගරයේ නයිජීරියාවට ආසන්න මුහුදෙදී ගිලී යයි.සිරුරු සොයා කිමිදුන් කරවන් දෙදෙනෙක් පිටත්ව යන අතර ඒ වන විට දින දෙක හමාරකට වැඩි ගනනක් ගතවී ගොසිනි.ඒ අනුව නැවේ සිටි සියලු දෙනා මිය යා යුතුය.

අරුමයකි , මුදුද යටින් නිරුපද්‍රිතව මිනිසෙකු මතුවෙයි ඒ අඩි 4 * 4 වායුව රැදුනු කුඩා කුටීරයකිනි.ඔහු නමින් හැරිසන් ඔකෙනේය. දින තුනක් ඔහු එහි සිරවී සිට ඇති අතර ආහාර නොමැතිව ඔහුව ජීවත් කරවූයේ එක් කොකා-කෝලා බෝතලයකිනි.


Tuesday, November 26, 2013

බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට?




බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ පැරණිතම සාක්ෂිය සොයාගැනීමට විද්වතුන් සමත්ව තිබෙනවා , ඒ අනුව මේ වනවිට සොයා ගැනුනු ක්‍රිස්තු පූර්ව 550 සියවසට අයත් නටඹුන් වලට වඩා තව අවුරුදු 100 පස්සට මෙම නටඹුන් දිවයන බවයි විද්වතුන් පවසන්නේ. නේපාලයේ ලුම්බිණිය බුදුන් උපන් බිම ලෙස හදුන්වන අතර සිදුහතුන් උපත ලබද්දී මහාමායා දේවිය රුකුල් දුන් සල් ගස පිහිටි ස්ථානයේ එය ආවරණයට ඉදිකල විහාරයක නටඹුන් මෙසේ හමුවී තිබෙනවා. සිදුහත් කුමරුගේ උපත සම්බන්ධයෙන් මෙතෙක් පැවති මත ගැටලු මේ අනුව නිරාකරණය වන බවයි පැවසෙන්නේ