Saturday, February 16, 2013

Pen Drive , Memory Card වල Data පෙන්නන්නැද්ද? එහෙනම් මෙන්න පිළියම



Pen Drive  , Memory Card වලට Data අපි එහෙට මෙහෙට ගෙනියද්දි සමහර වෙලාවට ඔය Virus එහෙම එන්න පුලුවන් , මොකද හැමෝටම Virus Guard  දාගන්න හැකියාව තිබ්බත් ගොඩක් වෙලාවට අන්තර්ජාල පහසුකම් නැති නිසා යාවත්කාලීන වෙන්නෑ. ඉතින් සමහර Pen වල , Memory card වල , Data ප්‍රමාණය පාවිච්චි වෙලා කියලා පෙන්නුවත් ඇතුලට ගිහින් බැලුවාම මුකුත් නෑ. කැමරාවට දාපුවාම පේනවා , කොම්පියුටරේදී නෑ. ඉතින් වටිනා කියන දේවල් වලට ඔහොම උනාම පුදුම තරහක් තමයි එන්නේ. මේකට ඉතින් පිලියම් විදියට සමහරු Recover කරන්න හදනවා, බැරිවුනොත් Format කරලා නිකන් ඉන්නවා.ඔන්න ඔහොම එකක් මටත් වෙලා මාත් ඔය දේවල් ආපහු ගන්න පොඩි ක්‍රමයක් හොයාගත්තා , අන්තර්ජාලෙ එහෙට මෙහෙට කැරකිලා Forum Helper කෙනෙක්ට පින් සිද්ධ වෙන්න තමයි හොයාගත්තේ , මේකෙන් වෙන්නේ Virus එකෙන් හානිකරපු Memory ය , Pen එක යතාතත්වයට ගන්න එක. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි

මුලින්ම Dos වලට යන්න වෙනවා ඊට පස්සේ මේ දාල තියෙන විදියට Command ටික Type කරාම හරි.

අපි හිතමු ඔයාගේ Pen එක E කියලා, Dos වලට යන්න, දාල තියෙන විදියට ටයිප් කරන්න

( Start > Accessories > Command prompt or start > run > type cmd )

මේ හැම එකක් එක්ක ඉඩක් තියලා ටයිප් කරන්න

attrib -s -h -r E:*.* /s /d

මේ තියෙන්නේ එකින් එක කමාන්ඩ් ටික
attrib
-s
-h
-r
E:*.* /s

 ( මේ E කියන්නේ ඩ්‍රයිවර් ලෙටර් එක , ඒක ඔයාගේ වෙනස් නම් අදාල එක භාවිතා කරන්න)

දැන් වැඩේ හරි

4 comments:

  1. මට තේරුනේ නැ :O

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද? මාර කේස් එක

      Delete
  2. ela machan eka weda .Tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxx machan

    ReplyDelete