විශේෂ රැස්වීමකට යාම සදහා ඩිපෙන්ඩර් රථය සූදානම් වෙමින් පැවිතිණි.සිය ශේෂ්ඨ නිළදාරියා කී රැස්වීමට යාමට රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය.කෙටි මගක් ඔස්සේ රථය දූවිලි වලාවන් නන්වමින් ඉදිරියට ඇදෙන්නට විය.
නොසිතූ නිමේශයකි, දූවිලි වලාවන් අතරින් විශාල ගිණි ජාලාවක් නම්වමින් රථය පුපුරා ගියේය. ඒ වන විට ජෙනරාල් වරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තවත් වාහන දෙකක සෙබළුන් පිරිසක් සිටියේය. පිපුරුම දෙසට වහාම ගිය ඔවුනට දැක ගතහැකිවූයේ විනාශ වී ගිය වාහනය අසල වැටී සිටි මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ සිරුරයි.
"ජනරාල් ගේ හුස්ම වැටෙනවා යැයි" සෙබලෙක් කෑගසා ප‍්‍රකාශ කෙළේය.
වහාම ළං වූ අන් සෙබලුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාවත් තවමත් ජීවතුන් අතර සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහවත් කෝප‍්‍රල් උපාලිවත් පලාලි රෝහලට ගෙන යන ලදී.
පසුව ජෙනරාල්වරයා කොළඹට ගෙන ආ අතර එහිදී වෛද්‍යවරුන් විස්සක් පමණ දෙනා පැය එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය සටන පරාජය කරමින් කොබ්බෑකඩුව මහතා දැයෙන් සමුගත්තේය.
මොහාන් ජයමහ මහතා ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය අතර, කෝප‍්‍රල් උපාලි පමණක් ජීවිතය බේරාගත්තේය. එහෙත් ඔහුගේ දෙපා අහිමි වී තිබුණි.
මෙලෙස 1992 අගෝස්තු මස 8 වෙනි සෙනසුරාදා යාපනයේ කයිට්ස් හි අරියාලේ හන්දියේදී පුපුරා ගිය අධි බලැති පීඩන බෝම්බයෙන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් ජී. එච්. ආරියරත්න, කර්නල් එම්. ආර්. ස්ටීවන්, කර්නල් වයි. එන්. පලිපාන, මේජර් නලීන් අල්විස්, ලුතිනන් අසංග ලංකාතිලක, ලුතිනන් චන්දිම විජයපුර, සෙබල ඩබ්ලිව්. ජී. වික‍්‍රමරත්න යන පිරිස මියගියහ.
විජයග්‍රහණය පෙනී නොපෙනී ජාතියෙන් සමුගත් මේ වීරයා ජාතිය වෙනුවෙන්ම ඉපිද ජාතිය වෙනුවෙන්ම ජීවිතය කැපකල ශේෂ්ඨයෙකු ලෙස ඉතිහාස පොතට එක්විය.
ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව
බි‍්‍රගේඩියර් විජය විමලරත්න
මේජර් නලීන් අල්විස්
කොමදෝරු මොහාන් ජයමහ
මේ සිදුවීම පිටුපස තව කොයිතරම් සැඟවුණු කතා තියෙනවද? සිංහල ජාතිය පාවල දීපු තවත් අවස්ථාවක් කියලෙ මමනම් අහල තියෙන්නෙ!!!
ReplyDeleteඅපූරුයි මේ තමා හැබෑ ජාතික වීරයො.අමතක කරල දාල ඉන්නෙ මේ හැමෝවම.
ReplyDeleteAnonymous
ReplyDeleteඔව් , මේ වීරයාව මැරුවේ හිතා මතාම තමයි , ආණ්ඩුව බය වුනා මෙයා රටේ ප්‍රධාන තැනකට එයි කියලා
ස්තූතියි මතකය අවදි කරවීම ගැන...
ReplyDeleteඅමතක වෙන්නට නොදී හැමදාම අළුත් කල යුතු මතකයක අයිතිය හිමිවිය යුතු උතුම් විරුවෙක්...