මෑත ඉතිහාසයේ බිහිවූ වීරයන් අතර සරත් ෆෝන්සේකාට ලැබී තිබුනේ විශේෂිත ස්ථානයකි. අපේ විරුවන් ත්‍රස්ථයන්ගේ මර්මස්ථාන එකින් එක ඩැහැගනිද්දී ඒ අනගිතම ආඩම්බරකම අප විරුවන් කෙරෙහි හිත් තුල ලියලා වැඩෙන්නට විය.
හංදියක් හංදියක් ගානේ මහා පුවරුමත දිස්වූයේ ඔවුන්ය. සේනාධිනායක , ආරක්ෂක ලේකම් , එවකට හමුදාපති සරත් ෆෝන්සේකා ඒ අතරින් ප්‍රධාන විය. මන්ද මෙහි සම්පූර්ණ වගකීම ඔවුන් අත රැදී පැවතීම හැම දෙනාම දන්නා වූ කරුණක් වීමය. කෙසේ හෝ අපේ විරුවන් මාතෘ භූමිය ත්‍රස්තයන්ගෙන් බේරාගැනීමට සමත් විය.
එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් සිදුවූයේ කිසිවෙක් අපේක්ශා නොකල දෙයකි , බලය උදුරාගැනීමට මාන බලමින් සිටි ජවිපය සහ එක්සත් ජාතික පක්ශය බල තන්හාවේ පෙත්ත ෆෝන්සේකාට ගිල්වීමට සමත් වීමයි. එතැන් පටන් සියලු කාරනා අමතක කොට කෙසේ හෝ බලය ලබාගැනීමට ෆෝන්සේකා ඇතුලු පිරිස උත්සාහ කරන්නට විය, සුදු කොඩි කථා දිගහැරෙන්නට විය. චැනල් 4 සදහා වීඩියෝ පට එළියට යන්නට විය .කෑ පතේ පහරන්නන් කෙරෙහි අප ජනතාවගේ හිතෙහි කිසිදු ආදරයක් නොතිබුනා විය. ජෙනරාල් කෙරිහි වූ ගෞරවය හිත් වලින් වියැකී යන්නට විය. ෆෝන්සේකා බල ලෝබිත්වය හමුවේ තමන්ගේ වල තමා විසින්ම කපාගන්නට විය.
දැන් සියල්ල සිදුවී හමාරය. ලබාගත් ජයග්‍රහණ සතු කරගනිමින් එක්ව ගිය ගමන ෆෝන්සේකා ආරක්ෂා කලේනම් ඔහු අදටද අතිවිශිෂ්ඨ විරුවෙකි.....
මර්වින් සිල්වා යනු අප රට තුළ විශාල භූමිකාවක් ඉසිලූ චරිතයක් බවට පත්වී තිබිණි. හිටි හැටියේ සිදුවූ ගස් බැඳීමක් හේතුවෙන් මහා ආන්දෝලනයක් පසුගිය සතිය තුළ ඇතිවිය.
දැන් සුලු වේලාවකට පෙර ලැබුණු තොරතුරු අනුව දැනගැනීමට ලැබුනේ ඔහුව අමාත්‍ය දූරයෙන් මෙන්ම පක්ශයෙන්ද නෙරපා ඇතිබවය.
මෙය කිසිවෙකුට හිතා ගැනීමටවත් පවා නොහැකි කාරණාවක් බව කිවයුතුමය.
පක්ශයට විශාල දායකත්වයක් දුන් ,
මුලසිටම පක්ශයේ ප්‍රබලයෙකු වූත් ,
කුඩාකල සිටම මහින්ද ලඟින්ම ඇසුරු කල පුද්ගලයෙකු
සම්බන්දයෙන් මෙසේ තීරණයක් ගනීවිද??
මහින්ද රාජපක්ශ මෙය කෙලින්ම තීරණය කලේද?
නැතිනම්
මර්වින් සිල්වා සමග සාඛච්චා කොට තීරණය කලේද?
මොහොතක් සිතාබැලීමට කාලය.................
ඒ 1992 අගෝස්තු 8 වෙනිදායි , හරියටම අදට 18 වසරකට පෙරය. "ෆයිනල් කවුන්ට් ඩවුන්" නම් වූ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි. දවස් දෙක තුනකින් ඇරඹීමට නියමිත මෙම මෙහෙයුම අප මාතෘ භූමිය ත්‍රස්තයන්ගෙන් ගලවාගැනීමේ මෙහෙයුම බවට මෙම නිළදාරියාට විශ්වාසය තිබුණි.
විශේෂ රැස්වීමකට යාම සදහා ඩිපෙන්ඩර් රථය සූදානම් වෙමින් පැවිතිණි.සිය ශේෂ්ඨ නිළදාරියා කී රැස්වීමට යාමට රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය.කෙටි මගක් ඔස්සේ රථය දූවිලි වලාවන් නන්වමින් ඉදිරියට ඇදෙන්නට විය.
නොසිතූ නිමේශයකි, දූවිලි වලාවන් අතරින් විශාල ගිණි ජාලාවක් නම්වමින් රථය පුපුරා ගියේය. ඒ වන විට ජෙනරාල් වරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තවත් වාහන දෙකක සෙබළුන් පිරිසක් සිටියේය. පිපුරුම දෙසට වහාම ගිය ඔවුනට දැක ගතහැකිවූයේ විනාශ වී ගිය වාහනය අසල වැටී සිටි මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ සිරුරයි.
"ජනරාල් ගේ හුස්ම වැටෙනවා යැයි" සෙබලෙක් කෑගසා ප‍්‍රකාශ කෙළේය.
වහාම ළං වූ අන් සෙබලුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාවත් තවමත් ජීවතුන් අතර සිටි රියර් අද්මිරාල් මොහාන් ජයමහවත් කෝප‍්‍රල් උපාලිවත් පලාලි රෝහලට ගෙන යන ලදී.
පසුව ජෙනරාල්වරයා කොළඹට ගෙන ආ අතර එහිදී වෛද්‍යවරුන් විස්සක් පමණ දෙනා පැය එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය සටන පරාජය කරමින් කොබ්බෑකඩුව මහතා දැයෙන් සමුගත්තේය.
මොහාන් ජයමහ මහතා ද රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය අතර, කෝප‍්‍රල් උපාලි පමණක් ජීවිතය බේරාගත්තේය. එහෙත් ඔහුගේ දෙපා අහිමි වී තිබුණි.
මෙලෙස 1992 අගෝස්තු මස 8 වෙනි සෙනසුරාදා යාපනයේ කයිට්ස් හි අරියාලේ හන්දියේදී පුපුරා ගිය අධි බලැති පීඩන බෝම්බයෙන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු මොහාන් ජයමහ, කර්නල් ජී. එච්. ආරියරත්න, කර්නල් එම්. ආර්. ස්ටීවන්, කර්නල් වයි. එන්. පලිපාන, මේජර් නලීන් අල්විස්, ලුතිනන් අසංග ලංකාතිලක, ලුතිනන් චන්දිම විජයපුර, සෙබල ඩබ්ලිව්. ජී. වික‍්‍රමරත්න යන පිරිස මියගියහ.
විජයග්‍රහණය පෙනී නොපෙනී ජාතියෙන් සමුගත් මේ වීරයා ජාතිය වෙනුවෙන්ම ඉපිද ජාතිය වෙනුවෙන්ම ජීවිතය කැපකල ශේෂ්ඨයෙකු ලෙස ඉතිහාස පොතට එක්විය.
ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව
බි‍්‍රගේඩියර් විජය විමලරත්න
මේජර් නලීන් අල්විස්
කොමදෝරු මොහාන් ජයමහ