Tuesday, May 24, 2011

ඇමරිකාවේ මීලග ඉලක්කය ඔබට පැහැදිලිද?

ඇමරිකාවේ මීලග ඉලක්කය ඔබට පැහැදිලිද?



බොහෝ දෙනෙක්ට නම් එය මනාව පසක් වෙමින් පවතී, මෙහි මූලාරම්භය ලෙස ඔසාමා බින්ලාඩන්ව ඝාතනය කිරීම දැක්විය හැකිය. පකිස්ථානයට හොරා භූමියට ඇතුලු වූ ඔවුන් බින්ලාඩන් ඇතුලු පිරිවර මරා නැවත පැමිණ ප්‍රකාශ කලේ " අපිට අවශ්‍ය ත්‍රස්තවාදියෙකු මැරීමට කාගෙන්වත් අවසර උවමනා නොවන බවයි" මෙයින් ඇමරිකානුවා කෙලින්ම අපට පෙන්වාදුන්නේ අවශ්‍ය උවහොත් ඕනෑම රටක් රාජ්‍යයක් ආක්‍රමණය කරන බවයි. ඉන්පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔබාමා කියාසිටියේ පක්ස්ථානය දැනුවත්ව ලාඩන් එහි සැගව සිටිබවයි. තවද දින කීපයකට පෙර ඇමරිකාව විසින් පක්ස්ථානයේ සැගවසිටින ඉතිරි ත්‍රස්තවාදින් ඔවුනට තර්ජනයක් වන බවත් තවත් ත්‍රස්තනායකයෙකු හමුවුවහොත් තමන් පකිස්ථානය ආක්‍රමණය
කරන බවත් ප්‍රකාශ කලේය. 

[CODE]http://www.csmonitor.com/World/Asia-South-Central/2011/0519/With-Al-Qaeda-weakened-US-warns-about-other-Pakistani-terror-groups[/CODE]




පුදුමයකට මෙන් අද උදෑසන වන විට මාධ්‍ය වාර්ථා කරන්නේ , ඇෆ්ගනිස්ථානයේ තලෙයිබානු නායකයා වන මුල්ලහ් ඕමාර් පකිස්තානය තුල සැගව සිටියදී ඝාතනය කර ඇති බවයි.


[CODE]http://www.globalpost.com/dispatches/globalpost-blogs/dispatches-afpak/afghanistan-mullah-omar-dead[/CODE]


නමුත් ඇෆ්ගන් තලෙයිබානුවන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ නමුත් දැන් දැන් අපට පෙනී යන්නේ , මේ ඇත්ත හෝ බොරුව හුවාදක්වමින් ඇමරිකාව තවත් ආක්‍රමණයකට සූදානම් වන බවයි. පක්ස්ථානය න්‍යශ්ටික මිසයිල වැඩිම ප්‍රමාණයක් ඇති රට ලෙස පෙන්වාදිය හැක.

 චීනය වොශින්ටනය වෙත අනතුරු ඇගවීමක් කරමින් කියා සිටින්නේ ඇමරිකාව විසින් පක්ස්ථානය ආක්‍රමණය කලහොත් එය තමන්ව ආක්‍රමණය කිරීමක් ලෙස සලකා කටයුතු කරන බවයි.
 
[CODE]http://paktribune.com/news/index.shtml?239616[/CODE]

Thursday, May 19, 2011

සමලිංගිකත්ව භීතිකාවට එරෙහි වෙමු?

මේ කියන්නේ මගේ අදහසක් ගැනනම් නෙමේ , කොලඹ 7 ජර්මන් සංස්ක්‍රතියට සම්බන්ධ ආයතනයක පල කරල තිබ්බ දැන්වීමක් ගැන. මේකෙන් කරන්නෙ හිතෙන විදියට සමලිංගිකත්වය ගැන තියෙන භීතිකාව , අප්පිරියාව කරනවයි කියන කාරණය අපේ ඔලු වලින් අයින් කරල දාන එකඇත්තටම ලාංකිකයන් වන අපට නම් මේක මහා පිළිකුල් දෙයක් , අපේ සංස්කෘතියට මේ දේවල් ගතකරන්න කරන උත්සාහයන්ට විරුද්ධ විය යුතුයි කියලයි මගේ අදහස , පුලුවන්නම් මේ ඉලක්ක කරල තියෙන ආයතන ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි.



Thursday, May 5, 2011

කිලෝ බිට් සහ කිලෝ බයිට්



ඔයාල දන්නවද දන්නෙත් නෑ , අපේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සටහන් කරල තියන විදිය ගැන. ගොඩක් අය වැරදිය හිතන් ඉන්නෙ කියලයි මම හිතන්නෙ , සමහරු දන්නෙත් නැතුව ඇති . උදාහරනයට බැලුවොත් ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් දෙන 512 ලයින් එක.

මෙන්න මෙහෙම තියෙන්නෙ

512kbps

මේකෙ තේරුම කිලෝබිට් කියන එක , ඒක කිලෝ බයිට් කරගන්නම් 8 බෙදන්න වෙනව

512 / 8 = 64 ,

අන්න එතකොට අපේ නියම බාගත කිරීමේ වේගය එනවා,

64KBps


KB = කිලෝ බයිට්
kb = කිලෝ බිට්

Wednesday, May 4, 2011

ඇමරිකන් දෙබිඩ්ඩෝ



























මීට දින දෙකකට උඩදී ඇමරිකන් හමුදාව බින්ලාඩන් නම් දරුණුතම ත්‍රස්ථාවාදියා මරා දැමීය. පසුව සදහන් කලේ අනුස්මරණය වැලකීමෙහිලා මලකද මූදට දැමූබවයි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම පිළිබද කිසිම ගැටලුවක් අපට නැත. ඒ පිළිබද විමසීමටද උවමනාවක් නැත. නමුත් ප්‍රශ්නය වන්නේ ත්‍රස්තවාදය නැතිකිරීමේ ගමනේදී ඇමරිකාව අනුගමනය කරන දෙබිඩි පිළිවතයි , බින්ලාඩන් මරා මූදට දැමූ ඔවුන් ප්‍රභාකරන්ගේ මරන සහතික ඉල්ලා සිටියේ කුමක් අරඹයාද? ගුවන්තාන්නමෝ කදවුරේ සිරකරුවන්ට දස වද දුන් ඇමරිකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු හඩක් නොනගන්නේය නමුත් ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තයින් මරා දැමූ අපට ඇගිලි දික්කරමින් සිටී. බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ඔබාමා ජාතිය අමතා ප්‍රකාශ කලේ ඔවුන් යුක්තිය ඉටුකරගත් බවත් දේශයට තර්ජනයක් වූ තැනදී ක්‍රියාත්මක වූ බවත්ය. සැබැවින්ම සත්‍ය එයයි. එය එසේ සාධාරණී කරනය කල හැක්කේය , එසේනම් එය අපටද පොදු කාරණයකි , අපේ ස්වාධීන රාජ්‍ය‍යේ ත්‍රස්ථවාදය අතුගා දැමීමටද , සාමය පතුරුවා ලීමටද අපට අයිතියක් ඇත්තේය.
එය එකී මෙකී නොකී සියලු දෙනාම තරයේ මතක තබා ගත යුතු වන්නේය.



.............................................................................

ගුවන්තාන්නමෝ සිරකදවුරේ ඡායාරූප කීපයක්













විශාල කර බලන්න


[CODE]http://www.google.lk/search?q=
guantanamo+prison&hl=en&prmd=ivnsum&
tbm=isch&tbo=u&source=univ&sa=X&ei=
DYXBTbX4N8jSrQf9tOXtBw&ved=
0CDsQsAQ&biw=1024&bih=635[/CODE]

Sunday, April 24, 2011

කොටිකිරි බොන මූන්



යුද්ධය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයකි. නමුත් ඒ අදුරු සෙවනැලි තවමත් මැකීගොස් නැත. වසර තිහක් පැවති දරුණු ත්‍රස්තවාදයේ කිසිදු මානුශීය මුහුණුවරක් අප කිසි දිනක නොදුටුවෙමු. ප්‍රභාකරන් ඇතුලු ලේ පිපාසිත මෘගයින් ඇකයේ කිරිබිව් දරුවන් පවා මරාදැමීය. මේ වූ කුරිරි තිරිසනුන් මේ භූමියෙන් ඉවත් කල අපගේ විරුවන්ට දැන් යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් තිබේ. මෙය මහත් විහිලුවකි. වසර තිහක් පුරා ත්‍රස්තයන් සිදුකල මිනිස් ඝාතන ඔවුනට පලක් නැති ගානය. ලංකාවේ යුද අපරාධ සෙවීමට පත්කල බන්කිමූන්ගේ කමිටුව දෙස හැරී බැලුවහොත් දැකගත හැකිවන්නේ එය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන් තිදෙනෙකුගෙන් සමන්විත වී ඇතිබවයි. ඊට අමතරව එහි ඉදිරිපත් කර ඇතිකාරණා බොහොමයක් ඒකපාර්ශිකවත්, සාවද්‍ය කාරණා හා කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කාරණා ලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ වූ කරුණු කාරණා සම්බන්ධයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපට කිසිසේත් එකග විය නොහැකි අතර මේවා මද්‍යස්ථ ඇසකින් බලන්නෙකුටත් කිසිසේත් එකග විය නොහැකි බව කිව හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයාම සිදුවිය හැකිනමුත් මූන් ඉදිරිපත් කරන වාර්ථාවේ සදහන් වන්නේ අවසාන මානුශීය සටනේදී මියගිය ගනන 40000 පමණ වන බවයි. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණකි. මානුශීය මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 1500 - 2000 අතර පිරිසක් බවයි සදහන්.
අවසාන වශයෙන් සදහන් කර හැක්කේ මෙම වාර්තාව සම්පූර්ණ ඒකපාර්ශවික, කොටිහිතාවාදීන්ගේ රාජ්‍යනොවන සංවිධාන, විවිධ පුද්ගලයින්, ඇමරිකාව හා එංගලන්තය යන රට වල උවමනාකම් වලින් පදනම් වී ඇතිබවයි.

මොවුන් මේ දත කන්නේ යුරෝපීයන්ට නොහැකි වූද, ඔවුන්ට ඇහුම්කන් නොදුන්නා වූද , තවත් බටහිර රූකඩ නොවූවාවූද සමස්ථ නායකයන් , යුධ විරුවන් පෝරකයට කුදලාගෙන යාමේ ගමනයි. එමනිසා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පක්ශ , පාට බේදයෙන් තොරව , මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් එක්ව නැගීසිටින ලෙසයි, එවිට ඔය කියන්නාවූ කිසිදු බලවේගයකට මේ මව්බිමට හානියක් කල නොහැකිවනු ඇත.

Friday, April 22, 2011

ජපන් වාහන මිල ගණන් ඉහලට




දැනට රට තුල පවතින ජපන් වාහන මිලගණන් ඉදිරි සති තුලදී ඉහල යනු ඇතිබවට දැනට ආරංචි ලැබී ඇත.මේ දිනවල ගෙන්නවන සහ ඉදිරියේදී ගෙන්වීමට නියමිත් පාවිච්චි කරන ලද ජපන් වාහන මිළදී ගැනීමට පාරිභෝගිකයා තුළ ඇති අකමැත්තක් පවතින අතර ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජපනයේ සිදුවූ සුනාමියට ලක්වූ වාහන ගෙන්වීවියැයි ඇති බියයි. කෙසේ නමුත්
ලක්ශ 40 පමණ වටිනා කමකින් යුත් වාහන තව ලක්ශ 10 කින් පමණ ඉහල යනු ඇත.

Tuesday, April 19, 2011

යුරෝපා කොට්ටොරුවන්ගේ විහිලු



බංකි මූන්ලා නැවතත් අප රටට අතපය දැමීමට සැරසේ , ලිබියාවට පහර දීම ගැන හාවක් හූවක් නැත. මේක මහා මොංගල් විකාරයකි. විටෙක කොළබට ගොස් UN එක කුඩුවෙන්නට ගහන්නටත් සිතේ , නමුත් පළක් නැත. තවත් පැත්තකින් බ්‍රිතාන්‍යයන් ලිබියාවේ කැරලිකරුවන්ට ආයුධ හා යුධපුහුණුව රාජකාරිමය වශයෙන් ලබා දෙන බවට දැන් ප්‍රවෘත්ති වලින් අසන්නට ලැබුණි. ඒකනම් මාරම විකාරයකි.හරියට පෙනි පෙනී ත්‍රස්තවාදීන්ට සහය දීමකි. මෙවන් විකාර දෙස කෙසේ බලන්නේදැයි තවමත් සිතාගත නොහැක. 


"British military officers to be sent to Liby" British military officers will be sent to Libya to advise rebels fighting Colonel Muammar Gaddafi's forces, the UK government has said.