යුද්ධය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයකි. නමුත් ඒ අදුරු සෙවනැලි තවමත් මැකීගොස් නැත. වසර තිහක් පැවති දරුණු ත්‍රස්තවාදයේ කිසිදු මානුශීය මුහුණුවරක් අප කිසි දිනක නොදුටුවෙමු. ප්‍රභාකරන් ඇතුලු ලේ පිපාසිත මෘගයින් ඇකයේ කිරිබිව් දරුවන් පවා මරාදැමීය. මේ වූ කුරිරි තිරිසනුන් මේ භූමියෙන් ඉවත් කල අපගේ විරුවන්ට දැන් යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් තිබේ. මෙය මහත් විහිලුවකි. වසර තිහක් පුරා ත්‍රස්තයන් සිදුකල මිනිස් ඝාතන ඔවුනට පලක් නැති ගානය. ලංකාවේ යුද අපරාධ සෙවීමට පත්කල බන්කිමූන්ගේ කමිටුව දෙස හැරී බැලුවහොත් දැකගත හැකිවන්නේ එය සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ හිතවාදීන් තිදෙනෙකුගෙන් සමන්විත වී ඇතිබවයි. ඊට අමතරව එහි ඉදිරිපත් කර ඇතිකාරණා බොහොමයක් ඒකපාර්ශිකවත්, සාවද්‍ය කාරණා හා කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කාරණා ලෙස ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ වූ කරුණු කාරණා සම්බන්ධයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපට කිසිසේත් එකග විය නොහැකි අතර මේවා මද්‍යස්ථ ඇසකින් බලන්නෙකුටත් කිසිසේත් එකග විය නොහැකි බව කිව හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයාම සිදුවිය හැකිනමුත් මූන් ඉදිරිපත් කරන වාර්ථාවේ සදහන් වන්නේ අවසාන මානුශීය සටනේදී මියගිය ගනන 40000 පමණ වන බවයි. මෙය සම්පූර්ණ අසත්‍ය කරුණකි. මානුශීය මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 1500 - 2000 අතර පිරිසක් බවයි සදහන්.
අවසාන වශයෙන් සදහන් කර හැක්කේ මෙම වාර්තාව සම්පූර්ණ ඒකපාර්ශවික, කොටිහිතාවාදීන්ගේ රාජ්‍යනොවන සංවිධාන, විවිධ පුද්ගලයින්, ඇමරිකාව හා එංගලන්තය යන රට වල උවමනාකම් වලින් පදනම් වී ඇතිබවයි.
මොවුන් මේ දත කන්නේ යුරෝපීයන්ට නොහැකි වූද, ඔවුන්ට ඇහුම්කන් නොදුන්නා වූද , තවත් බටහිර රූකඩ නොවූවාවූද සමස්ථ නායකයන් , යුධ විරුවන් පෝරකයට කුදලාගෙන යාමේ ගමනයි. එමනිසා සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පක්ශ , පාට බේදයෙන් තොරව , මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් එක්ව නැගීසිටින ලෙසයි, එවිට ඔය කියන්නාවූ කිසිදු බලවේගයකට මේ මව්බිමට හානියක් කල නොහැකිවනු ඇත.