Friday, May 2, 2014

පච්ච කතගේ බුද්ධ භක්තිය



වෙලාව පාන්දර 3 පමණ වන්නට ඇත. මම ගුවන්තොටුපළ රාජකාරි කරමින් සිටි. මාගේ යාලුවෙක් පැමිණ පවසා සිටියේ " ඒයි අන්න අර ගෑණි බුදුහාමුදුරුවන්ගේ පච්චයක් ගහන් ඇවිත්" මා ඒ දෙසට යන්නට වූ අතර ඒ වන විටත් අප හිතවතුන් කීප දෙනෙක් ඇයට කීවේ පච්චය ආවරණය කරගන්නා ලෙසත් එසේ නොමැතිවව ඔබ පිට වූ හොත් එලියේ පිරිස් කලබලකාරී වි ඒ අනුව ඔබව පොලිස් අත් අඩංගුවට පත්විය හැකි බවයි.එ කිසිවක් ගණන් නොගත් ඇය , ගුවන් තොටුපළ පමිණීමේ පිවිසීමේන් එලියට යන්නට විය. ඒ අනුව මාද තව කීපදෙනෙකුද ඇය පසුපසින් එලියට ගියේ සිදුවන්නේ කුමක්දැයි දැක ගැනීමට හා පොලීසියේ ආධාර ලබාගැනීමේ අදහසිනි. ඇයව කීප දෙනෙක් වට කරගත්තේ " අම්මට සිරි බලපන් බුදුහාමුදුරුවන්ගේ පච්චයක්" කියමිනි. මේ හේතුවෙන් පොලීසිය කැඳවීමට අපට සිදුවිය , මම ඇගෙන් කරුණු විමසූ විට ඇය කීවේ තමන් 3 වරක් ලංකාවට ආ බවත් මේක ප්‍රශ්නයක් නොවූ බවත් , ඇය බුදුදහමට කැමති බවත්. නමුත් මම ඇයට කියා සිටියේ මහා ගෞරවයක් දක්වන්නාවූ ශාස්තෘවරයෙක් විලාසිතාවක් නොවිය යුතු බවයි.එය එසේ උවහොත් පසුකලකදී උන් වහන්සේගේ දර්ශනයත් විහිලුවක් විය හැකි බවයි. තත්වය එන්න එන්නම භයානක වූයෙන් ඇයව පොලීසිය විසින් කැඳවාගෙන යන ලදී.

පසුව මටද තව කීප දෙනෙකුටද පිරිස් විශාල වශයෙන් දෝශාරෝපන එල්ල කරන්නට වූයේ "පච්චයක් ගහන් ආවට උබලට අමාරුද" කියමිනි. ඒ කිසිවක් ගණන් නොගත් අපේ එකම මතය වූයේ බුදුන් විළාසිතාවක් නොවිය යුතු යන්නයි"

හැම වෙබ් අඩවියකම පාහේ ඇගේ විස්තරය පලවූ අතර අපට ආ දෝශාරෝපන එන්න එන්නම වැඩිවිය. " ඒකි බුදුදහම කැමතීලු , උබලාට ඕන්නැති මගුලක් නෑ"

දින කීපයක් එසේ යද්දී ඇයගේ ප්‍රොෆයිලයේ තිබී මෙම ඡායාරූපය හමුවූ අතර එය කිසිවෙකු විසින් ඵලකරන ලද අතර මමද එය උපුටා ගෙන ඉදිරිපත් කරන ලදී.



2008 දී ලංකාවට ආ අවස්ථාවේ ගත් ඡායාරූපයක්


දැන් විස්තර කලාවුන්ගේ කටවල් වැසී ඇත. එය මෙම ඡායාරූපය හා 2008 ශ්‍රී ලංකා යන මුල් ඇල්බමයද මකා දමා ඇත.


ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිලය

Code:
https://www.facebook.com/profile.php?id=1275276540

7 comments:

  1. 1. බුද්ධ රූපය ඇඟේ ගසාගැනීමෙන් පේන්නෙ බුද්ධාගම ගැන හසරක් නොදැන නිකංම නිකං ඔහේ යන්නං වාලේ යන එළදෙනක් තමයි මේ. බෞද්ධයො බටහිර හුඟ දෙනෙකුගෙ බුද්ධාගම ඕක තමයි. පින්තූරය ගැන කියන්න තියෙන්නෙත් ඒක තමයි. ලස්සනයි කියල හිතෙන ගහක් ගලක් ලඟ ඉඳගෙන පින්තූර ගන්න තියන අපේ කැමැත්තම තමයි බුද්ධ ප්‍රතිමාව ලඟ ඉඳගෙන පින්තූරයක් ගන්න මෙයාගෙත් කැමැත්ත. එතනදි අපහාසයක් කිරීමේ චේතනාවක් තිබුන කියල හිතන්න බෑ. අපහාස කරන්න ඕන දෙයක් නං ඇ‍ෙඟේ ගහගන්නෙ නෑ නෙව.

    2.මේ කාන්තාවට බුදු දහම ගැන තියන අවබෝධයම තමයි මෙයා රටින් පිටකල අපේ ඊනියා බෞද්ධයන්ට තියෙන්නෙත්. මේ දෙගොල්ලගෙ කිසිම වෙනසක් නෑ මට නං.

    ReplyDelete
  2. රාජ් සමඟ එකඟයි.ඇයට බුදුදහම විලාසිතාවක් වී ඇති අතර අපේ ගොන්නුන්ට එය තමන්ගේ හෙළුව වසාගන්නා රෙදිකඩක් වී ඇත.

    ReplyDelete
  3. මේ සිද්ධිය ගැන මොකුත්ම නොකියා බොහොම ප්‍රසිද්ධ අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ කියපු කතාවක් ලියන්නම්. මතකද ඉරාකයේදි ඇමරිකන් හමුදාවෙ අය කුරාන් පොතේ කොල ටොයිලට් පේපර් වලට ගත්තා කියල හරි පොතම ටොයිලට් එකෙට දැම්මා කියල හරි මුස්ලිම් අය බොහොම තදින් කෑගැව්වා කලකට පෙර.ඉතින් මේ දවස්වලම බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගෙන් මාධ්‍යවේදියෙක් (ලංකාවෙ වගෙ බෝතල් මාධ්‍යවේදියෙක් නෙමෙයි) අහලා දැන් කවුරුහරි ඔබලාගෙ පූජනීය ත්‍රිපිටකය ඔබේ පන්සලේ ටොයිලට් එකට දැම්මොත් මොකද කරන්නෙ කියල. හාමුදුරුවො කියල මම වහාම පයිප්ප වැඩ කරන කෙනෙක්ව ගෙන්නල බ්ලොක් වුන ටොයිලට් එක හදව ගන්නව කියල.

    ඕන විදියකට හිතා ගන්න බුද්ධාගමට ගරු කරන්නෙ කොහොමද කියල.

    ReplyDelete
  4. කමෙන්ට් කරන අය තමන්ගේ ආගමික ඇදහිල්ලත් කියලම කමෙන්ට් කරොත් හොඳයි. මොකද අපේ දර්ශනයේ තියෙන නිදහස් බව නිසා බොහෝ දෙනා "අපි ගහන්නම් උඹලා ඉවසපල්ලා" කියන මතයේ ඉන්න බව කාලයක් තිස්සේ පෙනුණ නිසා. මේ කතගේ මට තියෙන ප්‍රශ්නේ එයාව අනුකරණය කරන්න අපේ අය ඉදිරිපත් වුණා නම් කියන ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම , තමන්ගේ නියෝජනය මොකද්ද කියල කවුරුත් දාලා නෑ , එක රටක බුදුහාමුදුරුවන්ගේ පච්ච පස්ස පැත්තෙත් ගහන් යන්න පටන් අරන් අන්තිමට ඒ රටේ ආගමික පච්ච ගහන එක තහනම් කරලා තියෙනවා , මේවට දැම්ම අපි ක්‍රියාත්මක නොවුනොත් අපිත් ලගදිම ඒ තැනට වැටෙයි

      Delete
    2. රටේ නමත් කිව්ව නම් නේද හොද සහෝදරයා?

      Delete
  5. සුද්දෙක් සුද්දියෙක් ඔහොම එනවා දැක්කම සිංහල ලේ තියන කොල්ලෙක්ගේ ඇගේ ලේ කෝපවෙන එක සාධාරණයි. ඇයව ඒ ගැන දැනුවත් කිරීමත් සාධාරණයි. නමුත් එතනින් එහාට සිදුවුන දේ ගැන නම් ප්‍රශ්න ටිකක් තියනවා. ඒක රටින පිටුවල් කිරීමට තරම් කාරණයක්ද? හොදයි ශ්‍රී ලාංකික බොදුනුවෙක් මෙහෙම පච්චයක් ගහගෙන ආවෝතින් මොකද කරන්නේ? (ලෝකයේ කිසිම රටක ගුවන්තොටු පොළක් වැනි ස්ථානයකින් රටට ඇතුළු වන විදේශිකයන්ව ප්‍රශ්න කිරීමට ඒ රට සිවිල් වැසියන් පෙළබෙනවා නම් ඒක බොහොම අවාසනාවන්ත තත්වයක්. එක පාරක් හරි රට ගිය කෙනෙක් දන්නවා ආගමන විගමන අංශ වලින් පරීක්ෂා කර රටට ඇතුළුවෙන්න අවසර දුන්නාට පස්සේ සිවිල් පුද්ගලයෝ ඇවිත් ප්‍රශ්න කරනවා නම් අප පත්වන අපහසුතාවය.)

    ReplyDelete