Wednesday, May 22, 2013

බුදු කමිස







ඊයේ ගුවන් තොටුපළේදී හමුවූ මේ අමුත්තා ඇඳ සිටින්නේ කුමක්දැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. එසේ පමිණි මේ පුද්ගලයාට කරුණු පහදා දීමෙන් අනතුරුව එම කමිසය ඉවත්කරවීමට හැකිවිය. මීට පෙරද කිහිපවිටක් මෙවැනි සිදුවීම් සිදුවූ අතර ඒවා සදහා බොහෝවිටක ක්‍රියාත්මක වූයේ සංචාරකයන් සදහා ගමන්කටයුතු හා හෝටල්පහසුකම් සපයන ආයතන වල නිළදාරීන් පිරිස්ය. එක් අවස්ථාවකදී මමද තව කීපදෙනෙකු හා එක්ව මෙවන් අමුත්තෙක්ගේ කමිසයක් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ආගමන, විගමන නිළදාරියෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුහු කියා සිටියේ මේවා සම්බන්ධයෙන් වගකීමට ඔවුනට නොහැකි බවයි.එසේනම් මේ සදහා වගකිවයුත්තේ කවුරුන්ද, මේවා දිගටම සිදුවීමෙහි ප්‍රතිපලය වන්නේ බුදුන් විලාසිතා ගනයේ චරිතයක් බවට පත්වීමයි. වගකිවයුතු නිළදාරීනි , මේ ඔබගේ අවධානය සඳහායි.


මේ සම්බන්ධයෙක් කටයුතු කල

උප සභාපති - විමල්සිරි කරුණාතිලක සංචාරක සේවා රියදුරු සංගමය , නියෝජිත - ජගත් කුමාර ශ්‍රී ලංකා හෝටල් නීතිගත සංස්ථාව , නියෝජිත - නිමල් පෙරේරා - ලංකා සංචාරක නියෝතිතයන්ගේ සංගමය

ඔබ සැමට හදපිරි ස්තූතිය. 

Monday, May 6, 2013

ඔබටත් හොර යතුරුපැදියක් හිමිද?



ඔබ ගෙන්වා ඇති හෝ දැනට පාව්ච්චි කරන යතුරු පැදිය නීත්‍යානුකූල නොවන ලෙස ගෙන්වූවක්ද? එහෙනම් දැන් ඔබට එය නීත්‍යානුකූල ලෙස භාවිතා කිරීමට රජය අවස්ථාව ලබාදී ඇත. සිලින්ඩර් ධාරිතාව 50 සිට 450 දක්වා මේ අවස්ථාව හිමිවේ.සිලින්ඩර් ධාරිතාව 50 දක්වා රු10000 මුදලක්ද , 50 සිට 200 දක්වා රු.25000 ද , 201 සිට 450 දක්වා රු 50000 අය කර මේ අවස්ථාව ඔබට ලබාගත හැක , කිසිදු ලියකියවිල්ලක් නොමැති යතුරුපැදි ධාවනය කර බලා ලියාපදිංචි කරදෙනු ඇත. මේ සදහා මසක කාලයක් ලබාදී ඇත.