Thursday, February 23, 2012

බුදුන්ගේ උපත ලංකාවේද?




මේක මට බොල්ග් එකක තිබිලා හම්බුනේ , මේකේ තියෙන විදියටනම් ඉතිහාසය වෙනස් කරල කියලයි කියන්නේ , ඒ කියන්නේ ප්‍රති නිර්මාණය කිරීමක්. මට දැනගන්න ලැබුනු විදියට මේ ගැන පරීක්ශන පවත්වනවලු. හරියටම තොරතුරක් තාම නෑ , කියවල බලන්න මෙන්න අඩවිය.

 

http://jambudvipaya.wordpress.com/

Monday, February 13, 2012

තෙල් සහ අපි

 

ඩොලර් 90 විතර තිබ්බ තෙල් බැරලයක මිල මේ වෙනකොට 118 දක්වා ඉහල ගිහින්. ඉරානයට පමුනුවන සම්බාධක හමුවේ මෙසේ තෙල් මිල ඉහල ගොස් ඇති බවයි පැවසෙන්නේ , තවද ඉරානය විසින් තෙල් සැපයුම බොහෝ සෙයින් අත් හිටුවා ඇති බව විදෙස් වාර්ථා සදහන් කරනවා. මේ දේවල් මෙසේ සිදුවෙද්දි මෙය එකහෙලා ආසියාතික රට වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නෑ. අපි 100% තෙල් ලබාගත්තේ ඉරානෙන් , දැන් අපිට ඒකත් නවත්තන්න කියලා ඇමරිකාව කියනවා.එහෙම නොකලොත් ඇමරිකාව අපිටත් සම්බාධක දායි. හැමදේටම ආණ්ඩුවට කෑ ගහන් අපි මේ දේවල් ගැන මීට වඩා සැළකිලිමත්ව කටයුතු කල යුතු බවයි මගේ හැඟීම.

මේ වෙනකොට මැදපෙරදිග තෙල්සම්පත හිමි කලාපයේ සිරියාව හා ඉරානය හැරුනු කොට අනික් සෑම රටකම බලය පවතින්නේ ඇමරිකාව සතුවයි. සිරියාව තුල මේ වන විට කැරැල්ලක් දියත්වන අතර , කෙලින් සිටින එකම රාජ්‍ය ඉරානයයි. යම් හෙයකින් ඉරානයත් ඇමරිකාවේ අණසකට යට වුව හොත් මුලු මැදපෙරදිග තෙල් සම්පතෙහිම බලය ඔවුන්ට හිමිවනවා , එවිට චීනය, රුසියාව වගේ ප්‍රබල රටවලටත් ඇමරිකාව එක්ක ලොකුවට හැප්පෙන්න වේවි. උන්ගේ කැමති ගනන්වලට තෙල් විකුණා ගනීවි. අන්න එදාට උද්ඝෝශන කරන්නවත් අපිට කිලින් කටින් ඉන්නට බැරිවෙයි.

Wednesday, February 8, 2012

ගයාන් බුදුදහමට අපහාස කලාද?


ගයාන් විසින් නිර්මාණය කරන ලද " ටිකෙන් ටික " ගීතය කරලියට එන්නේ මට මතක විදියට මීට මාස කීපයකට පෙර. නමුත් එක විටම බුදුදහමට අපහාස කලායැයි කියමින් බොල්ග් අඩවි , ෆේස්බුක් හරහා ලිපි හුවමාරු වන්නට වූයේ දැන් දින කීපයකට පෙර දීයි. එය එසේ සිදුවද්දි මාත් මෙම ගීතය හරියටම නැරඹුවේ අදයි. එහෙනම් ඔන්න මගේ අදහස , ඔයාලගේ අදහසුත් මේක දාන්න.

මටනම් මේ ගිතයේ වැරැද්දක් පේන්නෑ , ඒකට හේතුව ඔහු එම පසුබිම් ගායනය අවස්ථාව අනුව යොදාගත්ත කියලයි මගේ හැඟිම , ඊලග කාරනය සෑම නව විවාහ යුවලකටම මෙම ගාථාව යොදාගෙන ආශිර්වාද කරනවා. ඉතින් ඒක ඉවර වෙලා ඒ අයත් යන්නේ තමන්ගේ මධුසමය ගතකරන්න.තමන්ගේ ලිංගික ජීවිතය ආරම්භ කරන්න. එහෙනම් එම ගාථාව ඒ වගේ දේවලට යොදාගැනිමත් වැරදී. මේකනම් අංතවාදී අදහසක් විදියටයි මට හැගෙන්නේ.බුදුදහමට අපහාස කරන දේවල් මේව නෙමේ. ඔය අයගේ අදහසුත් පලකරලා යන්න.

වීඩියෝව පල්ලැහින් බලන්න




Monday, February 6, 2012

XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න විසදුම



ගොඩක් කට්ටියගෙ මෙහෙයුම් පද්ධතිය මැල්වෙයා නිසා අවුල් සහගත තත්වයන්ට පත්වෙනවා. එහෙම උනාම ඉතින් කට්ටියම කරන්නේ ලේසිම වැඩේ ෆොර්මැට් කරන එක. මෙහෙම ෆොර්මැට් කරපුවාම සමහරුන්ගෙ ලිපිගොනු වලට හානි වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට මේ මැල්වෙයා වලින් සිද්ද කරන්නේ අපේ රෙජ්ස්ට්‍රිය වෙනස් කරන එක. Task Manager Disable  කරනවා , Folder option නැතුව යනවා, File වල extension නැතිකරනවා වගේ දේවල්. මේ වගේ දේවල් පරිගණකය Format නොකර හදාගන්න තමයි මේ කියල දෙන්න හදන්නේ. පොඩි Tool වගේකුත් තියෙනවා ඒව Download කරලා තියාගන්න.තව ගැටළු තියෙනවනම් ඉදිරිපත් කරන්න ඒවත් විසදලා දෙන්න්න බලන්නම්.


1. මුලින්ම Task Manager ආපහු ගමු. ඒකට මෙන්න මේ Tool 1 පාවිච්චි කරන්න



මේ වගේ පණිවිඩයක් එනවනම් , මේක ක්‍රියාත්මක කරල බලන්න , වැඩේ හරියටම හරි



[CODE]http://www.mediafire.com/?8jq71licg1sh1p9[/CODE]


2.Folder Option ආපහු ගමු




[CODE]
Open regedit in your start>run>regedit browse to HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\Curre ntVersion\Policies\Explorer or HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Curr entVersion\policies\Explorer

If you find "NoFolderOptions" value, delete it.



The other way open gpedit in your start>run>gpedit.msc Browse to User Configuration>Administrative Templates>Windows Explorer>Removes the Folder Options item from Tools Menu Set state to disabled.
[/CODE]

3.File Extension ආපහු තිබුනු තත්වෙට ගමු



මේ Tool එක බාගන්න


[CODE]http://www.mediafire.com/?118zxnebr9l1bq6[/CODE]


දැන් මේකෙන් ඔයාගේ පරිගණකය සුද්ද කර ගන්න



[CODE]http://www.malwarebytes.org/[/CODE]
.......................................................................................
[CODE]http://asipiya.blogspot.com/[/CODE]

Sunday, February 5, 2012

Premium Accounts නැතුව ෆිල්ම් බාමු





චිත්‍රපටියක් බාන්න ගියාම කට්ටියටම එන ප්‍රශ්නයක් නේද Premium Accounts කතාව. ඔන්න දැන් දෙන්න යන්නේ නියම Server එකක් , ඔය ලින්ක් එතනට දාල ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.Premium Accounts ඕන වෙන්නෑ වැඩේට. මෙන්න මේකට ගියාම වැඩේ කරගන්න පුලුවන්.


[CODE]http://tigerleech.com/[/CODE]



ඔය පෙන්නල තියෙන් තැනට Link දාල Direct Download click කරාම ඔයාට Download කරගන්න පුලුවන්.

හොද Films ගන්නවනම් මෙන්න මේකෙන් ගන්න , සේරම High quality encode කරපුවා


[CODE]http://www.300mbunited.com/[/CODE]