Thursday, April 26, 2012

බරපතල පරිගණක වෛරසයක්




පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සඳහන්.
htt://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්‍ෂත කර ගැනීමට පියවර ගත හැක.
කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදය පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපද විදේශ පරීක්‍ෂණ කාර්යයංශය (FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැත.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ.

lankacnews , ADA Derana

1 comment: