Monday, February 13, 2012

තෙල් සහ අපි

 

ඩොලර් 90 විතර තිබ්බ තෙල් බැරලයක මිල මේ වෙනකොට 118 දක්වා ඉහල ගිහින්. ඉරානයට පමුනුවන සම්බාධක හමුවේ මෙසේ තෙල් මිල ඉහල ගොස් ඇති බවයි පැවසෙන්නේ , තවද ඉරානය විසින් තෙල් සැපයුම බොහෝ සෙයින් අත් හිටුවා ඇති බව විදෙස් වාර්ථා සදහන් කරනවා. මේ දේවල් මෙසේ සිදුවෙද්දි මෙය එකහෙලා ආසියාතික රට වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නෑ. අපි 100% තෙල් ලබාගත්තේ ඉරානෙන් , දැන් අපිට ඒකත් නවත්තන්න කියලා ඇමරිකාව කියනවා.එහෙම නොකලොත් ඇමරිකාව අපිටත් සම්බාධක දායි. හැමදේටම ආණ්ඩුවට කෑ ගහන් අපි මේ දේවල් ගැන මීට වඩා සැළකිලිමත්ව කටයුතු කල යුතු බවයි මගේ හැඟීම.

මේ වෙනකොට මැදපෙරදිග තෙල්සම්පත හිමි කලාපයේ සිරියාව හා ඉරානය හැරුනු කොට අනික් සෑම රටකම බලය පවතින්නේ ඇමරිකාව සතුවයි. සිරියාව තුල මේ වන විට කැරැල්ලක් දියත්වන අතර , කෙලින් සිටින එකම රාජ්‍ය ඉරානයයි. යම් හෙයකින් ඉරානයත් ඇමරිකාවේ අණසකට යට වුව හොත් මුලු මැදපෙරදිග තෙල් සම්පතෙහිම බලය ඔවුන්ට හිමිවනවා , එවිට චීනය, රුසියාව වගේ ප්‍රබල රටවලටත් ඇමරිකාව එක්ක ලොකුවට හැප්පෙන්න වේවි. උන්ගේ කැමති ගනන්වලට තෙල් විකුණා ගනීවි. අන්න එදාට උද්ඝෝශන කරන්නවත් අපිට කිලින් කටින් ඉන්නට බැරිවෙයි.

5 comments:

  1. ආණ්ඩුවේ උපදේශක කමක් වත් ළඟදීම ලැබෙයි.උදේම හඩ්සන් සමරසිංහ කියන්නෙත් ඔය ටිකමයි.වෙනසකට තියෙන්නේ යටි ගිරියෙන් කෑගහලයි මිනිහ කියන්නේ

    ReplyDelete
    Replies
    1. හඩ්සන් ගැනනම් මම දන්නෑ , නමුත් වෙන කාරණයක් මෙතන නෑනේද? මෙහෙට තෙල් උනන්නෑ , ගෙන්නනවනේ , මීට වඩා වෙනස් විදියකට දකිනවනම් ඔයාගේ අදහස කියලා යන්න

      Delete
  2. http://www.moneyweek.com/news-and-charts/market-data/oil

    තෙල් මිල මීට වඩා ඉහල ඉහල ගිය අවස්ථා ඉතිහාසයේ තිබුනා , මේ වගේ දරුණු වැඩි කිරීමකට කිසිම රටක් ගියේ නැ , අනික ඉරානය හා ඇමෙරිකාව අතර ගැටුම කල් ඇතුව දකින්න තරම් බුද්ධියක් රජයට තියෙන්න ඕනි , අපිට ඕනි විදිහට ලොකේ හැසිරෙන්නේ නැනේ ඒ නිසා එක රටක් මත පමණක් රඳාවතින්නේ නැතුව සිටිය යුතුව තිබුනා . විශේෂයෙන් 90% ඉරානය මත යැපුනු නිසා අපේ පිරිපහදු වලින් වෙනත් රටවල තෙල් පිරිපහදු කරන්න බැය කියලත් කථාවක් තියනවා

    රුසියාව කියන්නේ තනි රටක් විදිහට ලෝකේ ඉන්න දැවැන්තම තෙල් නිෂ්පාදකයා , ඒ වගේම ඉතාම ඉහල තෙල් සංචිතයක් තියන රටක් තෙල් වලින් රුසියාව නටවන්න හැකියාවක් නැ , ව්‍යාජ කරුණු ඉදිරිපත් කරන්න එපා

    ReplyDelete
    Replies
    1. මට එතනට මදපෙරදිග කෑල්ල දාන්න බැරිවෙලා , පොඩ්ඩක් ඉදපන් , අනික මම දැනන් හිටියේ නෑ රුසියාව සතුව විශාල තෙල් සම්පත්ක්තියෙන බව , ඒක හදන්නම්, ස්තූතියි දැනුවත් කලාට

      Delete
    2. අපි 100% ඉරානෙන් තමයි තෙල් අරන් තියෙන්නේ , වෙන ඒවට අපේ පිරිපහදු හරියන්නෑ , අනික අපේ ඒව අවුරුදු 40 විතර පරණයිලු. ඔයාගේ කථාව හරි අපි එන විදියකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕන. අලුත් පිරිපහදුවක් දෙකක් හදන්න කාලේ හරි වගේ

      Delete