Wednesday, February 8, 2012

ගයාන් බුදුදහමට අපහාස කලාද?


ගයාන් විසින් නිර්මාණය කරන ලද " ටිකෙන් ටික " ගීතය කරලියට එන්නේ මට මතක විදියට මීට මාස කීපයකට පෙර. නමුත් එක විටම බුදුදහමට අපහාස කලායැයි කියමින් බොල්ග් අඩවි , ෆේස්බුක් හරහා ලිපි හුවමාරු වන්නට වූයේ දැන් දින කීපයකට පෙර දීයි. එය එසේ සිදුවද්දි මාත් මෙම ගීතය හරියටම නැරඹුවේ අදයි. එහෙනම් ඔන්න මගේ අදහස , ඔයාලගේ අදහසුත් මේක දාන්න.

මටනම් මේ ගිතයේ වැරැද්දක් පේන්නෑ , ඒකට හේතුව ඔහු එම පසුබිම් ගායනය අවස්ථාව අනුව යොදාගත්ත කියලයි මගේ හැඟිම , ඊලග කාරනය සෑම නව විවාහ යුවලකටම මෙම ගාථාව යොදාගෙන ආශිර්වාද කරනවා. ඉතින් ඒක ඉවර වෙලා ඒ අයත් යන්නේ තමන්ගේ මධුසමය ගතකරන්න.තමන්ගේ ලිංගික ජීවිතය ආරම්භ කරන්න. එහෙනම් එම ගාථාව ඒ වගේ දේවලට යොදාගැනිමත් වැරදී. මේකනම් අංතවාදී අදහසක් විදියටයි මට හැගෙන්නේ.බුදුදහමට අපහාස කරන දේවල් මේව නෙමේ. ඔය අයගේ අදහසුත් පලකරලා යන්න.

වීඩියෝව පල්ලැහින් බලන්න




24 comments:

  1. තෙරුමක් නැහැ බන් මෙ වගෙ දෙවල් ගැන කතා කරලා.ගයාන් ගයාන් කරනදෙ ගෙනියයි, මෙව්වට විරුද්දව කතා කරන උන් උන් කරන දෙ ගෙනියයි, අපි අපි කරන දෙ ගෙනියයි.

    ReplyDelete
    Replies
    1. මචන් රවා, ගෙනියන එක නෙවේනෙ බන් මෙතන ප්‍රශ්නෙ. ගයානයා මහන්සිවෙලා සින්දුවක් හදල තියනවා. එහෙම කරේ නිකන් ගේ ඇතුලට වෙලා කිය කියා ඉන්ඩ නෙවේනෙ. ඒක මිනිස්සුන්ට අහන්ඩ දෙන්ඩ, එහෙම කරල කීයක හරි හොයාගන්ඩ, මං එළ සින්දුවක් හැදුව කියල ආතල් එකක් ගන්ඩ. ඉතින් මුන් කියනවනන් ඒක බුදුන්ගේ නාමයෙන් තහනන් කරන්ඩ කියල මට ඒ බුදුන් ගැන දුක හිතෙනව මචන්. බ්‍රේන් වොශ් කරපු මුස්ලීම් අන්තවාදීන්ගෙයි නිදහස් බෞද්ධයන්ගෙයි වෙනසක් මං නන් බලාපොරොත්තුවෙනව.

      Delete
  2. එකඟයි. ඒක විතරක් නෙවේ, අර සිත්තිමනීලා සින්දුව තහනන් කරපු එකත්, ඩා වින්සි කෝඩ් චිත්‍රපටිය ලංකාවේ පෙන්නන එක තහනම් කරපු ඒවත් මේ වගේම තමයි. ගොන් පාට්.

    ReplyDelete
  3. මොචෝ... ගයාන්ගේ ඒ සින්දුවේ. භවතුසබ්භ මංගලම් කොටසේ තේරුමක් නෑනෙ.. එක නොදැම්මා කියල සින්දුවේ රසයේ වෙනසක් වෙන්නේ නැනේ..

    ReplyDelete
    Replies
    1. yes, that part is not necessary at all, and I believe they want to insult sinhalese/budhhist culture.

      Delete
  4. කොහෙද ඉතින් අපෙ එවුන් මොකක් හරි එකක බොරුවට හරි විවේචනය කරන්න පොටක් අහු උනොත් අතහරින්නෙ නැහැනෙ.. කට්ටියට කාර්ඩ්බෝර්ඩ් වීරයො වෙන්න ඕන නෙ. මම මේකෙ music video එක 100 කට වඩා බැලුවා. මේකෙ ඇත්තටම කරල තියෙන්නෙ අවස්තා නිරූපනයක් විතරයි. "තම තම නැණ පමනින් දැනගතයුතු" කියන්නෙ ඕකට තමයි. දෙයක් දැක්ක පලියට බොරුවට ගිරිය යටින් කෑගහගෙන යකා නැටුවට වැඩක් නෑ .. ඒකෙන් කියන්න හදලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම තමයි පේන්නෙ.

    ආගම කියන ලේබල් ගහන් පිස්සෝ වගේ කෑගහන උන් නිසා අන්තිමට හොද සිංදුවක් අහන්න .. වෙනස් නිර්මානයක් රසවිදින්නත් නෑ.

    ReplyDelete
  5. මගෙ අදහස .... මමනම් මෙ සින්දුවට කැමති කතොලිකයෙකු උනත් සිංදුවෙන් හරි ගයාන් මංගල චාරිත්‍රය බුදුගුන සිහිකරලා පෙන්වන එකට

    ReplyDelete
  6. උබත් එක්ක එකගයි. අපේ උන්ටත් මොකක් හරි අල්ලන් බුදුන්ගේ නාමෙන් බනිංන්ට තියෙනව නම් ඉං එහා දෙයක් නෑනේ. පහුගිය දවස්වල බුකියේ අර කෙල්ලක් බුදුන්ට අගෞරව වන විදියට පෝටෝ දාලා තිබ්බේ. අපේ උනු ඕකිට ගල් ගහල මරන්න ඕන කිය කිය කොමෙන්ට් දානව. පුදුම බෞද්ධ කමක් උන්ගේ..

    ReplyDelete
  7. උඩ තියෙන comments ඔක්කොම නම් කියවන්න උනේ නැහැ. පුද්ගලිකව මම ගයාන්ගේ සින්දු වලට කැමති නැහැ. නමුත් ඔය සින්දුවට විරුද්ධ වෙලා පොර ටෝක්ස් දාන එකෙක්වත් පන්සිල්වත් පිළිපදිනවද කියල සැකයි. කතා කරොත් මහා බෞද්ධයෝ. අරෙහෙ සිවුරු පොරවන් කට්ටියක් කරන්න ඕනේ වැඩ ඔක්කොම කරනවා. ඒ ගැන කතා කරන්න එකෙක්ට කොන්දක් නැහැ. මේ පොඩි කොල්ලෙක් උගේ කොලුකමට කරපු දෙකට මැරෙන්න හදනවා. මෙම කැසිල්ල සැදි ඇත්තෙ බුදු දහමට සිද්දවෙන අපහාසයට නෙවෙයි. ගායකයා ක්‍රිස්තියානි ආගම් කාරයෙකු නිසයි... මේක හදපු එකා නෙවෙයි ආගම්වාදී. මේකට විරුද්ධව කෑ ගහන එවුන්. අනේ ක්‍රිස්තියානි කාරයෙක් වෙලත් එය අපේ බුදු බණ තමයි ආදර්ශෙට අරන් තියෙන්නේ කියල හිතල අයි ඔය සින්දුව බලන්න බැරි...

    ReplyDelete
  8. ගයාන් කරල තියන එකම වැරැද්ද කලාව හඳුනන්නේ නැති සක්කිලියො පිරිච්ච රටක නිර්මාණයක් කරපු එක

    ReplyDelete
  9. බුද්ධාගමට නිගරු වෙන වැඩ කොච්චර මේ රටේ වෙනවද?රුවන්වැල්ලේ සෝබිත වගේ අයගෙන් ඒවා ගැන කතා නැ.මේ සිංදුවක් කිවුවා කියලා තමයි මැරෙන්න හදන්නේ.රටේ වෙන හොරකම් දුෂණ ගැන කතා කරන්න තමයි මිනිස්සු නැත්තේ.

    ReplyDelete
  10. මට මතක් උනෙ ඩාවින්සි කොර්ඩ්. මේ ආගම් (සකලවිධ ආගම්... කිසිම ආගමක් අනෙකට වෙනස් වෙන්නෙ නෑ... ඔක්කොම මිනිස්සුන්ගෙ කකුල් පටලල වැරදිපාරට දක්කනව) මිනිසාගෙ නවචින්තනයට නිර්මාණශීලීත්වයට හතුරුයි. ආගම් කරන්නෙ මිනිස්සුන්ව අන්ධ කරල සූරාකෑමට ලක්කරන්න උඩගෙඩි දෙන එක..... මිනීමරන්න හමුදාසොල්දාවොන්ගෙ අතේ පිරිත්නූල් ගැටගහල පහන් පූජා තියල සිවුරු කරට අරන් කරපු ජෝගිය මතකනෙ. දෙමළ මැරුවහම කෙලින්ම නිවංයන්න පුලුවං.ඒක ප්‍රානඝාතයක් නෙමෙයි.කන්න ඕන උනාම කබරගොයා වල් ඌර වෙනව. ඒකතමයි ආගම්වල සැබෑ ස්වරූපය... ආගම අබිං.... ගයාන්ගෙ සින්දුව සිරා සින්දුවක් නොවුනට මේකෙන් පේන්නෙ මේ කුහක පජාති මූලධර්මවාදියො කොහොමද නිර්මාණාත්මක චින්තනයට හතුරු වෙන්නෙ කියල..... හැම මිනිහෙකුටම කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියෙනව ඒක තමන්ගෙ පෞද්ගලික අයිතියක්.ඒක හුදෙක් තමංගෙ ඇදහිල්ලක් විතරයි.තමන්ට අදහගන්න බෑරිනං ඕන ලබ්බක් ඔය ආගමත් එක්ක කොරගන්න පුලුවං. ඒත් ආගම මුලට දාගෙන කාටවත් බලපෑම්කරන්න කිසිම අයිතියක් නෑ. මෙ කෙහෙල් මල් ආගම් ඉස්සරහට දාගෙන අනිත් අයට නීති දාන්න එන උන්ට ගහල පන්නන්න ඔනෙ... බුදු හාමුදුරුවො හොඳවෙලාවට පිරිනිවංපෑවෙ.. නැත්තං මුන්මෙ කරන නිගාව දැකල එක්කො බෙල්ලෙ වැල දාගන්නව එක්කො පුක පැත්තට පිහියෙං ඇනගෙන මැරෙනව නැත්තං හාක්‍රොස් පටාස් ගහල මැරෙනව.. ගෞතම බුද්දටත් වඩා බක්තිවන්තයොනෙ

    X-Porter

    ReplyDelete
    Replies
    1. මුං ඇවිල්ලගෞතම බුද්ධටත් වඩා බක්තිවන්තයොනෙ

      X-Porter

      Delete
    2. මචන් උම්බෑ කියන්නේ නැතිව ඉන්නවද. මොකද එහෙම වෙනකොට තමා ගොනෙක් කියල ලෝකෙටම පේනවා.(මුං ඇවිල්ලගෞතම බුද්ධටත් වඩා බක්තිවන්තයොනෙ)උඹ දාපු කොමෙන්ට් එක උඹම අරගෙන පලයන් බුරුවා

      Delete
    3. සැදැහැවත් ඇනෝ..... ගෞතම බුද්ධ තමා කියන දේ අවබෝද කරගෙන ඒඅනුව ජීවිතේ හැඩගසා ගනීම ගැන කිව්ව මිසක් උදේ හවස මල්පහන් පූජ කරකර ආගමේ නාමයෙන් මරාගන්න නෙමෙයි. අනික ගෞතම බුද්ධ කියන්නෙ ආගමික සාතෲවරයෙක් නෙමෙයි පැරිනි ඉන්දියවෙ හිටිය විශිෂ්ඨ දාර්ෂනිකයෙක්., විශිෂ්ඨ චින්තකයෙක් ඒනිසා ඔය විහිලු ලබ්ධියක් පටෝගෙන නොකං එතුමාට අපහාස කරන්න එපා.ඒ මනුස්සය කිවුව එකක් හරි තේරුං අරං පිලිපදින එකෙක් පෙන්නපං ඔය රෙද්ද උස්සං එන උන්ගෙන්.... මැටිවලින් , කොට වලින් හදපු රූප එල්ලගෙන පහන් පත්තුකරගෙන මල් තියාගෙන පුක උඩ දාගෙන වඳින්නෙ ඔය මැටි ගොඩවල් වලටයි කොට වලටයි.....ඕවට තමයි කියන්නෙ අන්ධ භක්තිය කියල.. ඕව තමයි ගොංපාට්........ඒ මනුස්සය යුද්දෙට විරුද්දවෙලා කියනදේ අහන්නැති කොට තොපි මරා ගනිල්ල කියල අත ඇරල දාල කැලේ වැදුන.. ඒකට අද සිවුරු හොරු ටික අනුගාමිකයොත් එක්කසු කොරං දෙමලා මරපියවු කොටපියවු කියං රෙදි උස්සං ආව පිරිත් කිවුව මිනීමරන්න .... දැන් මේ සින්දුවක් අල්ලං උඩ පනිනව.පාංකාලක් කාල බුදියගනිං බං.....

      Delete
  11. මචන්ලා හැමෝටම මේ ගැන අදහස් පලකරන්න නිදහස තියෙන්න ඕනෑ කියල මම හිතනවා, ගයන් එහෙම දෙයක් හිතා හෝ නොහිතා කරාද කියන එක දන්නේ ගයන්මයි. ඔය මියුසික් වීඩියෝ එක කරේ සිංහල බෞද්ධ කොල්ලෙක්. ඒ නිසා තමන් කරන දේ අරගෙන යන්නේ තමන්මයි. මම හැමෝටම කියන්නනේ මේ බ්ලොග් එකේ තමන්ගේ කොමෙන්ට් දාලා තමන්ගේත් අනුන්ගේත් ආගම වලට අගෞරව කරන්න එපා කියල.

    ReplyDelete
  12. @ AnonymousFeb 9, 2012 04:23 AM

    ගෞතම බුදුන් කියන්නේ ශාස්තෘවරයෙක් , ආගමක නෙමේ දර්ශණයක. ඒක තමයි බෞද්ධ දර්ශනය. බුදුන් කොහෙවත් කියල නෑ පිළිමයක් තියන් වදින්න කියලා. නමුත් බෞද්ධයන් ඒ දේ කරන්නේ අමා මෑණියන්ට කියපු දේ මෙනෙහි කරමින් ගෞරවය දැක්වීමට. උදේට හවසට අම්මට , තාත්තට වදින අපි, ඒ අය මියගියාම පින්තූරෙකට මල්මාලයක් දාල වඳින්නේ " පුතේ මම මැරුනු දාට පින්තූරයක් තියන් වැඳපන්" කියලා කිව්ව නිසා නෙමේනේ ඒ හදපු වඩපු ගෞරවයට. ඒක නිසා බුදුන් දෙසූ දහමයි , ඒ දහම අනුගනය කරන්නන්ගේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියයි වරදවා වටහා ගන්න එපා

    ReplyDelete
  13. මේව අල්ලගෙන කෑ ගැහුවට අද අපේ රටේ ඇත්තටම බුද්ධාගමට නිගරු කරන්නේ චීවරය දාගත්ත අයමයි.ඒත් ඉතින් මහ රජතුමා මේ වගේ අවස්ථා හොය හොයා ඉන්නේ.තව ටික දවසකින් පොර වගේ මේ සිංදුව තහනම් කරල හෙනම ආගම දහමට ලැදි පොර වේවි

    ReplyDelete
  14. කවුරු හරි එකෙක් පෝස්ට් එකක් කොහේ හරි දාල කිව්වම මේක බුද්දාගම විනාශ කරනව කියල අපේ ඉන්න යතුරු පුවරු වීරවරු සෙට් එක රෙදි උස්සන්... කුණුහරුප වපුරගෙන යනවා බුද්දාගම රැකගන්න... එක්කො ෆේස් බුක් එකේ.. බ්ලොග් එහෙක.. එතනින් එලියේ සද්ද නෑ.

    මේ ගීතයේ එහෙම කිසිම වැරද්දක් මම එදා දැක්ක්කෙත් නෑ.. අද දකින්නෙත් නෑ.. මල් ගහන... හිරෙන් පැනල ගේම් දෙන.. සින්දු එක්ක බලද්දි මේක උපරිමයි.

    කවුද කියල තිබ්බ මේ සින්දුවෙන් රාගය ඇති වෙනව කියල.. සංසාරේ එහෙව් එකෙක්ව මඟුල් ගෙදරකටවත් වද්ද ගන්න පුළුවන් කමක් නෑනේ...

    පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි.

    This is what i posted in their fan page.

    ReplyDelete
  15. thopita kehilla hedenne buddhagamata apahasa karupu ewunta wirudda wenakota . rathmalane lamai wikunanakota , irajge sinduwa thahanam karaddi , davinchi code lankawe thahanam karaddi thopi katha kalada ? . cardinal rate neethiyata pitin weda karaddi , neethiyata balapem karaddi samanathmathawaya, nirmanawala nidahasa katha karana kalakanni hitiye koheda ? ubala kiyanne thamunge ammawa ,wifewa,duwawa rape karaddith eka uge aithiwasikamak, uta ona deyak karanna nidahasa thiyenna one kiyala balan inna kiyalada ? . ponnayantanam ehema karanna puluwan ethi . budunwahanse katawath thamunta wadinna kiwwe ne . namuth minissu wadinne wiewaya thula minisekuta labanna puluwan uthumma paadawiya labapu nisa . mekath mathaka thiyaganna "wapurapu widihatai aswenna nela ganne "

    ReplyDelete
  16. බුදු හාමුදුරුවො දේශන කරල නැ ජාතිවාදය අවුස්සන්නන් කියල්
    එත් උන්වහන්සේ දේශනා කරල තියෙනව උන්වාහන්සේ පෙන්න්න්නල දීපු චතුරාර්ය සත්‍ය වෙනස් වෙන්න නොදී
    ව්කෘති වෙන්න නොදී ආරාක්ශා කරන්න කියල

    එ මෙන්න මෙහෙම
    මෙ මම කලින් තැනක දාපු කමෙන්ට් එකක් මෙක හොඳට් බලපන්

    බුදු රජාණන් වහන්සේ නමක් පිරිනීවන් පාල කාලයක් යද්දි ලෝකයෙන්
    බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා යනව,මෙකට හේතුව වෙන්නෙ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන පිරිස් නැතිවී යාම
    මේ බව සංයුක්ත නිකයේ "ආණි" කියන සූත්‍රයේ පෙන්නල දීල තියෙනව,බුදු රජාණන් වහන්සේ වදාලා,මහණෙනි
    ඉස්සර කාලෙ ආණක කිය රජ පරම්පරාවකට තිබුණා මිහිඟු කියල බෙරයක් මෙ පරම්පරාවෙ අය මේ බෙරයට ගහන එක තමයි කරගෙන ආවෙ
    පරම්පරාවෙන් පරම්පරාවට එද්දි මෙ බෙරයේ කඳ එක පැත්තකින් පැළුණ,ඊට පස්සෙ මෙ අය එතනට ඇණයක් හිර කලා
    ඊට පස්සෙ පුරුදු විදියට බෙරේ ගැහුව,එ බෙරේ කඳ තවත් දෙතුන් තැනකින් පැළුණ,එ හැම සැරේම් ඇණ හීර කර කර තමයි බෙරේ ගැහුවෙ
    මෙ විදියට බෙරේ ගහගෙන යද්දි කාලෙකති බෙරේ කඳට වඩා ඇණ ගොඩක් තමායි අවසානෙට ඉතුරු වුනෙ,අන්තිමේට බෙරේට ගහද්දි එන්නෙ
    බෙර හඬ නෙමේයි හහිකරපු ඇණ වල හඬ
    බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්න
    කාලයාක් යනකොටා මේ වගේ අයගෙ වැඩ නිසා ධර්මය සහ සංස්කෘතිය වෙනස් වෙලා ඒව නැතිවෙලා යන හැටි

    මෙව වෙනස් විය යුතු දෙවල් නෙමෙයි
    ඉස්සරහට මෙ අය ආම්ම තාත්තවත්,මේ සංස්කෘතිය සහ සදාචාරයත් රීමික්ස් කරල ගනීවී
    අන්න එතකොට ඉතින් අපිට අර කතාවෙ වගේ ඉතුරු වෙන්නෙ අවසානෙට මොකක්ද කියල තෙරෙනවනෙ
    අන්න එ නිසා මේ සම්බුද්ධ ශාසනයත් ධර්මයත් රැක ගැනීම අපේ යුතුකමක්,වගකීමක්
    මෙ වගේ දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න
    (අවසානෙට අපිට dj කරපු ගාථා ටිකක් අහන්න තියන්න එපා)

    ReplyDelete