Thursday, August 18, 2011

ග්‍රීස් යකුන් ලවා රටට කෙලවීම





ග්‍රීස් යකා කාලයක් පැරණි සංකල්පයකි. ග්‍රීස් හා තෙල් ගාගෙන පැමිණෙන මොවුන්ගේ ආශාවන් විකෘති වේ. ගැහැණුන් නෑම, රාත්‍රියේ නිදාගැනීම , ගැහැණු යට ඇදුම් සොරා ගැනීම මොවුන්ගේ ආශාව වේ.
එය කෙමින් මැකීගියමුත් දැන් තකහනියක් නැවත කරලියට පැමිණ තිබේ.
මෙහි වර්ග ගණනාවක් සම්බන්ධයෙන් යම් යම් කාරණා ඉස්මතුවෙමින් පවතී.
ඉන් එකක් ග්‍රීස් යකුන් යැයි හගවා හොර මැරකම් කිරීමයි,
තවත් කාරණා ලෙස දේශපාලන කුමන්ත්‍රණ ,
මූලධර්මවාදී ක්‍රියාකාරකම් ආදී වේ. 

නැගෙනහිර පළාතේ පසුගිය දා සිදුවූයේ අන්තවාදී මූලධර්මවාදී පිරිසකගේ ක්‍රියාකලාපයකි. ග්‍රීස් යකෙකු කරළියට ගෙන හමුදාවටත් , පොලිසියටත් පහරදීමට උත්හාස කිරීමයි. මෝඩයන් මෙන් ග්‍රීස් යකුන්ට පහර දීමටත් නීතිය අතට ගැනීමටත් උත්සාහ නොකරන්න , එසේ කිරීමටද කිසිදු අයිතියක් නැත. ගොන් කමේ ප්‍රතිඵලයක් ලෙස අහිංසක පැදුරු වෙලෙදුන් දෙදෙනෙක් ඝාතනය විය.

මෙය යම්කිසි භයානක තත්වයකි. හේතුව නම් මෙය තවත් පැතිරීයාමට ඇති හැකියාවයි. කින්නියාහි ඇති නාවික කදවුර ඉවත්කරගැනීමේ සැලැස්මක් මේ අතර වූබව කිව යුතුමය. හමුදාව විසින් දැන් නැගෙනහිර තවත් හමුදා කදවුරු පිහිටවීමට තීරණය කර තිබේ, එය ඉතා හොද තත්වයකි. නැතිනම් නීතිය අතට ගෙන අන්තවාදී පිරිස් මෙහි රජ කිරීමට ඉඩ ඇති බවකි, තවද මෙය දේශපාලන කුමන්ත්‍රණයක පියවරක් ලෙස සමහරුන්ගේ විශ්වාසයයි. නමුත් තවමත් එකී කාරණාවක් ගැන පැහැදිළි සාක්ශි ඉස්මතු වී නැත.

කෙසේ වුවද එක් කාරණාවක් කිවයුතුමය, එනම් අපේ රට නැවත අස්ථාවර තත්වයකට ගෙන ඒමට මුස්ලිම් අන්තවාදීන් , දෙමළ අන්තවාදීන් සහ ඇතැම් සිංහල කොටස් උත්සාහ කරණ බවයි. කින්යාහී තත්වය පැහැදිළිය , මඩකලපුවේ සිදුවූ කාරණයට සම්බන්ධව දෙමළ මන්ත්‍රී වරුන් පිරිසක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

චැනල් ෆෝ තාමත් කරළියේය, යුධ අපරාධ ගැන තාමත් කතාවේ , කච්චතිව් ලබාගැනීමේ උත්සාහයක, ජිනීවා සාකච්ඡා ලග ලගම , 

ඒ අනුව යම් කාරණාවක් මනාව පසක් වනවා ඇත. වගකීමෙන් යුතුව කටයුතුකෙරිය යුතුය. නැවත රට අස්ථාවර වීමට ඉඩ නොදිය යුතුය.

2 comments:

  1. දැන් නම් ග්‍රිස් යක්කු මාන්සික ලෙඩ්ඩු කියලා අහක දාන බෑ. ග්‍රීස් යක්කු මුවාවෙන් එක එක මංකොල්ල කෑම්වල යෙදෙන උන් වැහි වැහැලා.

    ReplyDelete
  2. මේකටත් ජාතිවාදය ගාව ගන්න එක තමයි ලේසිම එක නේද බන්. මේක කරන්නේ කව්ද කියලා මුළු ලංකාවම දන්නා කොට ඒක මුස්ලිම් එවුන්ගේ පැත්තට හරවන්න එපා.

    ReplyDelete