Saturday, June 18, 2011

චැනල් 4 සහ අපි



දශක තුනක යුද්ධය අවසන්ව අවුරුදු 2 කටත් වැඩි කාලයක්,.නමුත් තවමත් අඳුරු සෙවනැළි අප ලුහුබඳිමින් සිටී.ඒ චැනල් 4 නැවතත් කරලියට ඒමයි.  නවතම චැනල් 4 වීඩියෝ පටය මහත් වෙහෙසක් දරා නිර්මාණය කර තිබෙන බව දැක්විය හැක. වාර්තාමය වැඩසටහනක් ලෙස ඉදිරිපත්කර ඇති මෙය එල්ටීටීයට සුලු වැරදි පටවමින් දැඩි හානියක් ලංකා හමුදාවටත්, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභයටත් සිදුකර ඇති බව වැටහී යයි. විවිධාකාර රූප රාමු ඔස්සේ , ලංකා හමුදාව සිවිල්වැසියන්ට පහර එල්ල කිරීම , රෝහල්වලට පහර දීම , යටත්වන ගැහැණුන් දූශණයකර මරා දැමීම , යටත් වූ සියලුම ත්‍රස්තයන් ඝාතනය කිරීම ආදී ලෙස කරුණු ගනනාවක් ඔස්සේ වැරදි පටවා ඇත. ඒ අනුව ඔවුන් කියා සිටින්නේ මේ අපරාධ සම්බන්ධයෙන් යුධ අධිකරණයට යා යුතු බවයි. කෙසේ නමුත් සමහ දර්ශනර රගපාන බවක් පෙනියයි. තවද මෙහි එන බොහෝ දෑ ප්‍රෝඩාකාරීය ලක්ශගානක් බේරාගැනීමට ගොස් කීපදෙනෙක් මියයාහැකිය, නමුත් ඒවා ඉලක්කගත පහරදීම් නොවන බව අපි දනමු, සිවිල් වැසියන් මැරීමට සැබැවින්ම උවමනානම් ලක්ශ ගානක් බේරාගැනීමට ඔච්චර කටුකන්නට උවමනා නැත,යුද්ධයකදී මෙවන් දෑ සිදුවිය හැකිය. යුද්ධයක සැබෑ ස්වරූපය එයයි.

මොවුන් කිසිවිටකත් 30 යුද්ධය ගැන කතාකිරීමටවත් , එල්ටීටිය සිදුකල සංහාර ගැන කතාකිරීමක්වත් සිදුනොකරයි. ඒ මන්ද>>??


මේවා මහත් වූ අනවශ්‍ය අතපෙවීම්ය , මේවාට විරුද්ධව කටයුතු කිරීමට රජය මීටවඩා ශක්තිමත්ව සිටිය යුතුබවනම් පැහැදිලිවම පෙන්වදිය යුතුය.


වීඩියෝව මෙතනින් බලන්න

[CODE]http://www.youtube.com/watch?v=Rz_eCLcp1Mc[/CODE]

6 comments:

  1. ෂිහ් මොකද දුන්නද යුධ බිමට මොබයිල් ෆෝන් අරං යන්න, අපරාදේ.
    සමහර කෑලි 1989 දී ගත්තු ඒවාද මන්දා?

    ReplyDelete
  2. මහත්මයා,
    ඔය වීඩීයෝව ඈත්තද කියලා මම දන්නේ නෑහෑ.
    ඒ උනාට මගේ හිතට ඔය වීඩීයෝව බෑලුවම ආපු අදහස තමයි,

    1)ලේ වෑගිරුනු යුද්ධයට නායකත්වය දුන් ජෙනරාල් ෆොන්සේකා අද හිරේ දමා සිටින්නේ ඔහු පසුගිය යුධ සමයේ කළ වOචා නිසා බව රජයේ මාධ්‍ය වලින්ම ප්‍රකාශ විය.
    ඒසේම මෙම ජෙනරාල් වරයාගේ ගතිගුණද ඉතා පහත් බවත්,ගෑණු සොඩෙකු බවත්,දරුණු ගතිගුන ඈත්තෙකු බවත් පෑවසුනි.
    ඉදින් යුද්ධයට අණ දුන් ජෙනරාල්වරයාගෙ චරිතය එසේ නම් ඔහු යටතේ සිටි සෙබලුන් ගෑන කවර කතාද?

    2)මීට වසරකට දෙකකට පෙර දේශයේ මුර දේවතාවා යෑයි කියමින්,කිරිබත් කවමින් තමුන්ව කරේ තියාගෙන ගිය ජනතාවටම මෙම මුර දේවාතාවන් වෙඩි තබති.බෑටන් ප්‍රහාර දී අත් පා කඩා දමති.
    ඉතින් මෙසේ තමුන්ව කරේ තියාගෙන ගිය දකුනේ සින්හල ජනයාට මොවුන් සලකන්නේ මේසේ නම් උතුරේ දෙමළා ගෑන කවර කතාද?

    ReplyDelete
  3. හැක් හැක් සිකේ අර විකීලීක්ස් වලින් අච්චර ඒවා එලියට දාද්දිත් මේ චැනල් 4 එකේ උන්ට බැරි වුනානෙ ඈමරිකාවෙ හමුදාව කරපුවා ගැන වීඩියෝ එකක් හදන්න මුන්ටත් ඕනෙ මේ පුංචි රටටම කෙලවන්න.... ඈයි බොල ඈමරිකාව යුද අධිකරණය ඉස්සරහට යවන්න කියන්නෙ නැත්තෙ උන් කරපු යුධ අපරාද ලොකු සයිස් නිසාද... නැත්තං ඇමරිකාව ලොකු සයිස් නිසාද...

    @ දෙවෙනි ඈනා, මචං රට ඈතුලේ පාලනය කරන උන්ගේ ප්‍රශ්න තියෙන්න පුලුවන් ඒත් ඒවා පිටට දෙන්න නරකයි පිට උන් ඒවට අත දාන්න එනවනං අපි ඔක්කොම මුලු රටක් හැටියට ඒකට විරුද්ද වෙන්න ඕනෙ... මේකට මෑතකාලීන උදාහරණ ඕනෙතරං තියනවා..

    හරි පොඩි උදාහරණයක් ගමු, හිතන්න අපි ජාත්‍යන්තරයට අපේ වැඩ වලට අත දාන්න දීලා කට වහගෙන (ඕනෙ නං උන්ට සපෝට් කරලා, අපේ රටට කෙලවෙන්න පුලුවන් ඕනෙම දෙයක් කරලා උන්ට සප් එක දෙන්න පුලුවන්) ලංකාවත් නිකන් ලිබියාව වගේ කරා කියලා... ඔන්න ඉතින් එකපාරට ලංකාවට මිසයිලයක් වගේ එකක් ආවයි කියමුකෝ දැන් ඒකට අහුවෙලා උබේ අම්මල තාත්තලා මැරුනයි කියමුකෝ... දැන් උබ දන්නවද බොගේ අම්මයි තාත්තයි මරන්න මුල්වුනේ ඒකට සප් එක දුන්නේ කවුද කියලා.... වෙන කවුරුත් නෙවෙයි ඒ උබ.. උබ තමා උබේ දෙමව්පියන්ගේ මිනීමරුවා...

    ඉතින් මේ මම කිව්ව දේ ඇත්තටම වෙන්න ඉඩදෙන්න තරං බොලට බොලගේ අම්මලා පොවපු කිරි විස වෙලානං බොලත් මේකට එකග වෙයල්ලා බොලගේ දෙමවුපියන්ගේ මිනීමරුවෝ වෙයල්ලා...

    අර උබ දෙවනි එකෙන් කියලා තියෙන්නෙත් උබේ අම්මව මරාගන්න සප් එක දෙන විදිහක් තමා (මම කිව්වේ බන් උද්ගෝශන කිරීම ගැන)

    ප.ලි.
    මෙතන්ට අම්මා කියන එක ඈදලා ගත්තේ කෙනෙක්ගෙ හිතට වදින්න මේ වගේ දෙයක් කියනකොට දෙන්න පුලුවන් හොදම උදාහරනෙ තමන්නේ අම්මා නිසා (අම්මාගේ ආදරය දන්නේ නැති අයට අදාල නැත)

    ReplyDelete
  4. well said keeda n buddhika kasun!!!

    ReplyDelete