Tuesday, May 24, 2011

ඇමරිකාවේ මීලග ඉලක්කය ඔබට පැහැදිලිද?

ඇමරිකාවේ මීලග ඉලක්කය ඔබට පැහැදිලිද?



බොහෝ දෙනෙක්ට නම් එය මනාව පසක් වෙමින් පවතී, මෙහි මූලාරම්භය ලෙස ඔසාමා බින්ලාඩන්ව ඝාතනය කිරීම දැක්විය හැකිය. පකිස්ථානයට හොරා භූමියට ඇතුලු වූ ඔවුන් බින්ලාඩන් ඇතුලු පිරිවර මරා නැවත පැමිණ ප්‍රකාශ කලේ " අපිට අවශ්‍ය ත්‍රස්තවාදියෙකු මැරීමට කාගෙන්වත් අවසර උවමනා නොවන බවයි" මෙයින් ඇමරිකානුවා කෙලින්ම අපට පෙන්වාදුන්නේ අවශ්‍ය උවහොත් ඕනෑම රටක් රාජ්‍යයක් ආක්‍රමණය කරන බවයි. ඉන්පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔබාමා කියාසිටියේ පක්ස්ථානය දැනුවත්ව ලාඩන් එහි සැගව සිටිබවයි. තවද දින කීපයකට පෙර ඇමරිකාව විසින් පක්ස්ථානයේ සැගවසිටින ඉතිරි ත්‍රස්තවාදින් ඔවුනට තර්ජනයක් වන බවත් තවත් ත්‍රස්තනායකයෙකු හමුවුවහොත් තමන් පකිස්ථානය ආක්‍රමණය
කරන බවත් ප්‍රකාශ කලේය. 

[CODE]http://www.csmonitor.com/World/Asia-South-Central/2011/0519/With-Al-Qaeda-weakened-US-warns-about-other-Pakistani-terror-groups[/CODE]




පුදුමයකට මෙන් අද උදෑසන වන විට මාධ්‍ය වාර්ථා කරන්නේ , ඇෆ්ගනිස්ථානයේ තලෙයිබානු නායකයා වන මුල්ලහ් ඕමාර් පකිස්තානය තුල සැගව සිටියදී ඝාතනය කර ඇති බවයි.


[CODE]http://www.globalpost.com/dispatches/globalpost-blogs/dispatches-afpak/afghanistan-mullah-omar-dead[/CODE]


නමුත් ඇෆ්ගන් තලෙයිබානුවන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ නමුත් දැන් දැන් අපට පෙනී යන්නේ , මේ ඇත්ත හෝ බොරුව හුවාදක්වමින් ඇමරිකාව තවත් ආක්‍රමණයකට සූදානම් වන බවයි. පක්ස්ථානය න්‍යශ්ටික මිසයිල වැඩිම ප්‍රමාණයක් ඇති රට ලෙස පෙන්වාදිය හැක.

 චීනය වොශින්ටනය වෙත අනතුරු ඇගවීමක් කරමින් කියා සිටින්නේ ඇමරිකාව විසින් පක්ස්ථානය ආක්‍රමණය කලහොත් එය තමන්ව ආක්‍රමණය කිරීමක් ලෙස සලකා කටයුතු කරන බවයි.
 
[CODE]http://paktribune.com/news/index.shtml?239616[/CODE]

3 comments:

  1. පකිස්ථානෙත් ලේසියෙන් අත අරින එකක් නැහැ .....

    ReplyDelete
  2. ඇමරිකාවත් එක්ක බලන කොට පකිස්ථානේ හුණු බිජ්ජක් විතරයි , ඇමරිකාව ගේමට බැස්සොත් ඉන්දියාවෙ සප් එකත් ඇතුව . චීනෙ ඔය කුණු බලි වලට හොට දාන්න යයි කියල මම නම් හිතන්නෙ නැ

    ReplyDelete
  3. මම නම් කියන්නේ ඔක්කොම සෙට් වෙලා US,UK ,Israel france වගේ පරයන්ට දෙන්න් ඔනේ රිදෙන්න . බටහිර එවුන්ව දන ගස්සන්න ඔනේ

    ReplyDelete