Thursday, May 19, 2011

සමලිංගිකත්ව භීතිකාවට එරෙහි වෙමු?

මේ කියන්නේ මගේ අදහසක් ගැනනම් නෙමේ , කොලඹ 7 ජර්මන් සංස්ක්‍රතියට සම්බන්ධ ආයතනයක පල කරල තිබ්බ දැන්වීමක් ගැන. මේකෙන් කරන්නෙ හිතෙන විදියට සමලිංගිකත්වය ගැන තියෙන භීතිකාව , අප්පිරියාව කරනවයි කියන කාරණය අපේ ඔලු වලින් අයින් කරල දාන එකඇත්තටම ලාංකිකයන් වන අපට නම් මේක මහා පිළිකුල් දෙයක් , අපේ සංස්කෘතියට මේ දේවල් ගතකරන්න කරන උත්සාහයන්ට විරුද්ධ විය යුතුයි කියලයි මගේ අදහස , පුලුවන්නම් මේ ඉලක්ක කරල තියෙන ආයතන ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් හොදයි.



15 comments:

  1. ඇයි මචෝ සමලිංගිකයෙක් නිසා උඹට මුකුත් කරදරයක් වුණාද? උන් උන්ගෙ පාඩුවෙ හිටපුදෙන්... උඹ උඹේ පාඩුවෙ කෙල්ලෙක්ගෙන් වැඩේ කරගනින්.

    ReplyDelete
  2. එහෙම දෙයක් නෙමේ , මේව ප්‍රොමෝට් කරන එක එච්චර හොද නෑ , අනික පොඩි උන්ගේ මොලට මේව දාපුවාම උන්ගෙ ඔලු සවුත්තු වෙයි, එහෙම උන් ඉන්නවනම් උන් උන්ගෙ පාඩුවේ හිටපුවාවෙ

    ReplyDelete
  3. මගේ පෞද්ගලික මතය නම් සමලිංගික සේවනය කියන එක ශ්‍රී ලංකාවට ගැලපෙන්නෙ නැහැ ....

    ReplyDelete
  4. සමලිOගිකත්වය කියන්නේ මානසික රෝගයක් නෙවෙයි.
    එහි ගෑටලුවක් මා දකින්නේ නෑහෑ.එය එක් එක් අයගේ කෑමෑත්ත.

    වෑදගත්ම දේ තමයි ලOකාව වගේ දෑඩි සOස්කෘතික නීතීරීති ඈති රටක ඉන්නා තරුණ,තරුණියන්ට නිදහසේ තමන්ගේ ලිOගික හෑගුම් විදීමට අවස්ථාවක් නෑහෑ.
    එමනිසා බෝඩිම්,හොස්ටල් වෑනි තෑන්වල සිටිනා විට එක වර්ගයේ ලිOගිකයන් අතර සම්බන්දතා ඈති වෙනවා....

    (දීර්ඝව සිOහලෙන් ටයිප් කිරීම මට අපහසුයි.ඔබ එළකිරි.කොම් එකේත් මෙය දමා තිබුනා,ඒකයි මම මෙසේ හෝ පිලිතුරක් ලබා දුන්නේ.)

    ඔබට ඉන්ග්‍රීසී තේරේනවාද? එසේනම් මෙම ලිපි කියවා බලන්න.
    http://en.wikipedia.org/wiki/Homosexuality#Mental

    ඔබෙන් තව එක අහන්න කෑමති,ඔබට හා ඔබේ පවුලේ අයට රෑකියාවන් සමග ස්තීර ප්දිOචියට අවස්ථාව ලෑබුනොත් ඔබ තෝරා ගන්නේ කුමන රටද? (A) හෝ (B) ලෙස පිලිතුර හා කෙටි පෑහෑදිලි කිරීමක් දෙන්න.
    (A)ඈමෙරිකා එක්සත් ජනපදය
    (B)ඉරානය

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. A - නිදහස් , ප්‍රජාත්‍රන්ත්‍රවාදය , දේශගුණය ,පාරසරික හා සමාජීය සාදක

    ReplyDelete
  7. මෙතන ටෝක්ස් දෙන කව්ද කැමති තමුන්ගේ පුතා හෝ දුව කවද හරි සමලිංගිකයෙක් වෙනව දකින්න .. ?

    ReplyDelete
  8. මම පෞද්ගලිකව සමලිංගික සේවනයට අකමැති උනත් ඒකට කැමති අය සමලිංගික සේවනය කරාට මම නම් වැරැද්දක් දකින්නෙ නෑ.

    ReplyDelete
  9. සමලිංගිකත්වය යනු පිළිකුල් කළ යුතු දෙයක් ලෙස මා දකින්නේ නැත. සමලිංගිකත්වය යන්න ලෝකයට ආගන්තුක දෙයක් නොවෙි මන්ද බයිබලය ඇතුලු බොහෝ පුරාණ ලේකන වල සමලිංගිකත්වය ගැන සදහන්ව ඇත. වෛද්‍ය විද්‍යාත්මකව සමලිංගිකත්වය යනු තවත් එක් මානසික තත්වයකි. එහෙයින් සමලිංගිකයන් කොන් කිරී්ම කොතරමි දුරට සාධාරණදැයි කල්පනා කර බැලිය යුතුය. අනෙක් කාරණයනමි, මෙය ඔිනෑම සමාජයක එළිපිට හෝ රහසිගතව බහුලව පවතින තත්වයක් වන අතර එවන් මානසිකත්වයක් නොමැති පුද්ගලයෙක්ව බලෙන් පොළබවා ගත හැකි තත්වයක් ලෙස මා විස්වාස කරන්නේද නැත. සදාචාරය නැමති වචනය ඉදිරියට දමා මෙි පිළිබද විවෙිචන ඉදිරිපත් කරන අයහට යමක් මතක් කර දිය යුතුව ඇත. එනමි, කිසියමි දිනක ඔබ නැරඹූ නිල් චිත‍්‍රපටියේ අඩංගු කාන්තා සමලිංගික දර්ශනය අනෙක් දර්ශන වලට වඩා ඔබ රස නොවින්දේද යන්න ඔබෙ සිතට තටිටු කර බලන්න. තවද තම දරුවන් සමලිංගිකයන් වනවාට ඔබ කැමතිද යන පැණයට ඇත්තේද එවන් පිළිතුරකි. ඔබ ඔබෙි, බිරිය, පෙමිවතිය, නැගණිය හෝ දියණිය අඩ නිරුවත් විලාසිතාවකින් සැරසී මහමග ගමන් කීරීමට ඉඩ ලබා නොදෙන නමුත් එවන් ළදක් පාරේ දුටුවිට රහසින්වත් නෙත් යොමන්නෙ නැද්ද? සත්‍යනමි අප බොහෝ දෙනා අප තුළ සත්‍ය හැගීමි විවිධාකාර කඩතුරා වලින් වසාතබා ගැනීමට උත්සාහ දැරීමයි. සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ, මෙම කඩතුරා ක‍්‍රමාණුකූලව අප සමාජයෙන් තුරන් කිරීමය. මන්දයත් බොහොදෙනා නොදන්න කරුණ නමි, අප සංස්ක‍්‍රුතිය යැයි කතා කරන බොහෝ දෑ සැබෑවටම අප සංස්ක‍්‍රුතිය නොවන අතර, බටහිර වැඩවසමි යුගහෙන් ආනයනය කළ දෑ වීමය.

    ReplyDelete
  10. ආර්තර් සී ක්ලාක්, රචඩ් දී සොයීසා, ලයනල් වෙන්ට්, ජෝජ් කීට් වාගේ සමලිංගිකයන් පිලිකුලක්ම වන්නේය. ඉංදියාව වාගේ බටහිරට ගැතිකම් කරනා ප්‍රාතමික සමාජයන් සමලිංගිකයන්ට විරුද්දව ඇති නීතී රීති ඉවත් කරාට, ලංකාවේ එසේ කිරීමට නොහැකිය. සිංහල බෞද්ධ සමාජයක් වන ලංකාවේ, ලැවටිකස් හී කියා ඇති ලෙසම සමලිංකිකයන් පිලිකුල් කල යුතුය. හිරේ දැමිය යුතුය. යමෙකු ආදරය කරුනාව ලබා ගත යුත්තේ, තමාගේ විරුද්ද ලිංගයේ අයගෙනී. නැතිව සමලිංගිකයේ අයගෙන් හෝ, බල්ලන්ගෙන් හෝ පූසන්ගෙන් නොවේය.

    මාගේ දරුවෙක් සමලිංගිකයෙකු වූ වෝතින්, Pyotr Ilyich Tchaikovsky වාගේ බියගුලුව, සමාජයෙන් බැට කමින්, දුක් විදමින් ඉද මිය යා යුතුය. අපේ බෞද්ධ සංස්කෘතිය විනාස කිරීමට බලා ගෙන ඉන්නා ජර්මන් අන්තවාදීන්ගෙන් අපේ රට බේරා ගත යුතුය. බුදුන් සමලිංගිකයන් ගැන කිසිම නරකක් කියා නැති නමුදු, අපි අනෙක් ආගම් වල හොද දේ ඇත්නම් ඒ වා අපේ ආගමට ගත යුතුය. එංගලන්තේ කතෝලිකයන් ඔසකාර් වයීල්ට සූකරයෙකු වශයෙන් සලකා දඩුවම් කරා සේ, ඒ උදවියගේ හොද දේ ඉගෙන සිංහල බෞද්දයනුත්, සමලිංගියකන් අලුයම හූ කෙල පහරක් සේ, අසූජී සේ, පිලිකුලු යුතිය. ලමනු නැති ගැහැනුන්ද, වඳ ගැහැනුන්ද, දික්කසාද වූ වන්ද, බදින්න පෙර පෙට්ටිය කඩා ගත්ත ගව රාජයන්ට ද එලෙස සැලකිය යුතුය.

    ReplyDelete
  11. මචං අපෙ සංස්කෘතියට නොගැලපුණු ගොඩක් දෙවල් අද මහාපරිමාණයෙන් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව රට පුරාම දියත් කෙරෙනවා. අපෙ සංස්කෘතිය තියන්නෙ කුඹුරෙයි පංසලයි බැදුනු ජිවින රටාවෙ... උදැල්ලක් අරන් කුඹුරකට බැහැලා මහන්සිවෙලා ලැබෙන කැමටිකෙන් සැහිමක පත් වෙලා ඉන්න කැමති නැහැ, එත් සංස්කෘතිය රකින්න ඔනා. කොළබ අද වැඩ දාන ගොඩක් ගමෙ මහත්වරු ගමෙ තමන්ට තිබුන කුඹුර අක්කර 4, 5 අතහැරලා සංස්කෘතිය රකින්න කොළබට ආපු උන්.

    මචන් මෙක ගැන කියවන්න, විරුද්ද වෙන්න , උන්ව කොන් කරන්න, උන් දිහැ අමුතු විදියට බලන්න අවශ්‍ය නැහැ.

    ඔයාට ඔයාගෙ ලිංගික අනන්‍යතාවය ගැන හොද ආත්ම විස්වාසයක් තියනවානම් සමලිංගික භිතිකාව ගැන මතුකරන්නෙ නැහැ. එක එච්චර දෙයක් නෙමෙ. උනුත් උන්ගෙ ජිවිත උන්ට පුළුවන් විදියට ලස්සන කරගත්තු දෙන්. අපි අපෙ විදියට ඉමු.
    වැඩි යමක් නෙමෙ මෙච්චරයි වෙන්න ඔනා.. ඔයා කෙනෙක් එක්ක කතා කරද්දි ඔයාට දැනුනොත් මෙ කෙනා සමලිංගිකයෙක් කියල කිසිම වෙනසක් පිළිකුලක් නොකර කතා කරන්න.එච්චරයි. මනුස්සයෙකුට දෙන ගෞරවය දෙන්න.
    බුදුහාමුදුරුවන්ගෙ ධර්මය පිළිගන්න මිනිස්සු සමලිංගිකයන් ව පාගන්න කටයුතු කරන්නෙ නැහැ. හැබැයි ඉතින් සිංහල බෞද්ධ මිනිස්සු නම් ගැන මම දන්නෙ නැහැ.

    ReplyDelete
  12. ඇත්තටම මෙය නරක දෙයක් නමුත් එම සමලිංගික තත්වයට යමෙකු පුරුදු කරවන්නේ සමාජයේ එවන්නක් සිදුවූවෙකු විසිනි. අපි කොහොම එකි නෙකාට බැන ගත්තත් ලංකාවෙ මේ වන විට සම ලිංගිකත්වයට පත්ව දුක් හො සතුට විදින අය කොච්චර සිටිනවද?

    මෙය මානසිකත්වයක් නිසා එය අනිවාර්යෙන්ම වෙනස් කල හැකියි.

    මෙම මානසිකත්වය වෙනස් කරන්නේ කොහොමද?
    මේ ප්‍රශ්ණයට පිලිතුරක් ඔය ලොකුවට කතා කරන අයට දෙන්න පුළුවන්නම් විසදුම එයයි. එතුලින් මෙම මානසිකත්වයෙන් මිදෙන්න කැමති අයට එයින් මිදෙන්න පුළුවන්...?

    ReplyDelete
  13. අවාසනාවට සමලිංගික වෙච්ච අය එහෙමම ඉදපුවාදෙන්,මොකද ඇබ්බැහීවීම්(addictions) වලින් කෙනෙක් මුදවාගැනීම අසීරුයි.හැබැයි අලුතෙන් කෙනෙක් ඒ නාරාවලට ඇද දැමීමට "ජර්මන් සංස්ක්‍රතියට සම්බන්ධ ආයතනය"ට ඉඩ නොදිය යුතුයි.කොටින්ම මෙය promote නොකළ යුතුයි.

    ReplyDelete
  14. මේක promote කිරීමක් නෙවෙයි. සමලිංගික පුද්ගලයන්ට ගොඩක් ගැටළු වලට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඊට විරුද්ධව නැගී සිටීමට ඔවුන්ට අයිතියක් තිබිය යුතුයි.

    සමලිංගිකයන්ට තමන්ගේ ලිංගිකත්වය හංගන්න සිද්ධ වෙලා තියෙනවා, ඒ නිසා පවුල් කීයක් විනාශ වෙන්න ඇතිද? අපි සමාජයක් වශයෙන් විවෘත විය යුතුයි, අනික මේව "ළමයින්ගෙන් හංගන්න" ඕනා නැහැ. අපේ ළමයි බුද්ධිමත්. සමාජයේ සුලුතර ජන කොටස් ගැන ඔවුන් දැන ගත යුතුයි, එවිටයි ඔවුන්ට එකිනෙකා තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙන්නේ. අනික සමලිංගිකත්වය "බෝවෙන" දෙයක් නෙවෙයි, පුද්ගලයෙකුගෙන් ඉවත් කරන්න පුළුවන් දෙයකුත් නෙවේ, එහෙනම් අපි ඔවුන් ගැන බිය වෙන්න ඕනා ඇයි? බොහොම දෙනා සමලිංගිකයින් ගැන බිය ඔවුන් කිසි දිනක ධනාත්මක සමලිංගික පුද්ගලයන් ඇසුරු කර නැති නිසයි. සමහර විට ඇසුරු කරලත් ඇති, ඒත් ඔවුන් ඒ බව හංගන් ඉන්න ඇති, මේ "සංස්කෘතිය" නිසා.

    ReplyDelete
  15. මෙතන කොළුකාරයො දෙන්නෙක් දරුකමට හදාගත්තු අනාථ කුකුළෙක් කෙකර ගානවා උඹට මේවා දැක්කම අනාථ හැගීම් ඇතිවෙනවා ඇති නේද කුකුළෝ පවු නොදී කූඩුවට පලයන්. උඹ මෙතන උඹ කොළුකාරයා නෙවේ කිව්වට තේරෙනවා උඹ කොළුකාරයා කියලා එහෙම නෙවේ කියං ඇවිත් ඒ පැත්තට කතා කරනවා පොන්ස් උඹට මහ කුකුළා කටට දෙන්න ඇති නේ ඒ දවස්වල ඉදංම

    ReplyDelete