Friday, April 8, 2011

අනේ මගේ දරුවට පිහිටවෙන්න















කට්ටිය එක පාරට බලන්න ඇති මේ ඉක්කවැටෙන සීන් එක මොකද්ද කියල. සීන් එක මේකයි , අපේ අය පාරෙ තොටේ යනකොට දකිනවනෙ ටවුන් වල , මිනිස්සු වැඩිය ගැවසෙන තැන්වල වෑන් රථ වල ඉස්සරහින්ම බෝඩ් එකක් එහෙම ගහල

"හ්ර්‍ද රෝගයක් තියෙන අසරණ .... සිගිති පුතුට එහෙම නැත්නම් දියණියට ලක්ෂ වලින් මෙච්චරයි , ආධාරයක් කරන්න."

එහෙම දැකල ඇතිනෙ ,

ඔන්න ඔය වෑන් එකේ එන්නෙ කොන්ත්‍රාත් කාරයයි ගෝලයො ටිකයි , වැඩේට ලක්ෂ 10 යනවනම් මේ අය ඊට වැඩි ගානක් හොයනව , කොන්ත්‍රාත්තුව දෙන්න අසනීප පාර්ශවය පැත්තෙන් , ඒ අය (ක්‍රොන්ත්‍රාත්කාරයා) පොරොන්දු වෙනව ලක්ශ දහයක් එහෙම නැත්නම් යන ගාන හොයල දෙනව ඔය අය අපිට ලක්ශ 2, 3 වගේ ගානක් ගෙවන්න කියල , ඒක නිසා ඊට වැඩි මුදලක් අනිවාර්යයෙන්ම හොයන්න සිදුවෙනව,

බලන් ගියාම මේකෙන් පෝසත් වෙන්නෙ ක්‍රොන්ත්‍රාත්කරු. වෙන විදියකුත් නෑ අසරණයන්ට කරන්න.

මේක මෙහෙම දැම්මෙ දැනගැනීම සදහා පමණයි. අසරණයෙක් දැක්කොත් පිහිට වෙන්න. අපි හිත හොදින්නේ සේරම කරන්නේ.

1 comment: