Saturday, March 19, 2011

යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී


ලොකයේ බලවත් රාජ්‍ය කීපය ලිබියාවට පහරදීමේ නින්දිත ක්‍රියාවලියක මේ වන විට නිරත වී තිබේ. ඔවුන්ට කවදත් ඕන ඌයේ ලොව බලවත් රාජ්යයන් ලෙස ජීවත් වීමයි. තමන්ට හිතූමනා සෑම දෙයක්ම ක්‍රියාත්මක් කිරීමයි. ඊට අමතරව තමන්ට අවැසි රූකඩ සෑම රාජ්‍යයකම සකසා ගැනීමයි. නමුත් මේ කටයුත්ත සෑම දාම ක්‍රියාත්මක කල හැකිද? ලිබියාවට පහරදීම යුරෝපා කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටීමක් වැනිය. දැන් ඌ නිසැකවම හොට පටලෝගෙන ඇත. ලිබියාව නිසැකවම ඔය කියන්නාවූ යුරෝපා රටවලට දරුණු පහරක් එල්ල කරනු ඇත. එය 2001 සැප්තැම්බරයට වඩා දරුණු වනු ඇත. යූරෝපා රටවල් සේම අනිකුත් රටවලද ශක්තිමත්ය. එය ඇමරිකාව ඇතුලු අනිකුත් රටවල් දැන සිටිය යුතුය.

"කොට්ටෝරුවන් සියල්ල සමාදානයේ සැතපේවා"

8 comments:

  1. කොහොම උනත් ගඩාෆි කියන්නෙත් ලෙසියෙන් පරදින කෙනෙක් නෙමෙයි.. ඉරාක යුද්ධයට වඩා මෙ යුද්ධය දරුණු වෙන්න පුළුවන්..

    ReplyDelete
  2. ඉරාකයෙ නායකයට මිනිස්සු ආදරය කල නිසයි යුද්ධෙ අමාරු උනෙ ගඩාෆි ඊට බොහොම කලින් කෙලෝ ගන්නව

    ReplyDelete
  3. @ buwa: ගඩාෆිට උදව් කරන මිනිස්සු නෑ කියලද කියන්නේ , ඔය කැරැල්ල මෙහෙ ජේවීපී කාරයො ටිකක් වගේ ඇති, බීබීසී , සීඇන් ඇන් , අල්ජසීරා ඕක බොරුවට පුම්බල පෙන්නනවා , මතක නැද්ද අපේ රටේ යුද්ධයේ අන්තිම මොහොත, ගඩාෆි ලේසියෙන් ගේම අරින්නෑ , බලමුකො වෙන දේ...

    ReplyDelete
  4. ගඩාෆි කොච්චර වැඩ්ඩෙක් උනත් ලෝකයෙ බලවත් හමුදා කිහිපයක් එක්ක හැප්පෙන්න බැ , අනික ගඩාෆිට සහයට කවුරුත් නැහැ .. ඔය මෙහෙ කට්ටිය පම්පෝරි ගහපු චීනෙ , රුසියාව , ඉන්දියාව ගඩාෆිට සහය දුන්නෙ නැ , පැත්තකට වෙලා හිටිය මිසක්

    ReplyDelete
  5. බලමුකෝ ඉස්සරහට වෙන දේ දැනට නේටෝ ප්‍රහාර වලින් 58 මැරිලා , 250 තුවාල , තව බොඩීස් ගොඩක් නගරයේ තියෙනවලු. මේ සක්කිලි එකතුවෙලා , විප්ලවයේදී මැරුණු ගානට වඩා ගානක් මරයි වගේ , කාලකන්නි හැත්ත

    ReplyDelete
  6. ගඩාෆි ආකර්ශනීය නායකයෙකු ලෙස පෙනී සිටියද නොම්මර එකේ දාමරීකයෙකි.ඔහුගේ වැඩ කිඩ අතර ස්කොට්ලන්තයේ ලොකබි නගරයට උඩ අහසේදී සිවිල් ගුවන්යානාවක් පුපුරුවා හැර සිය ගණනාවක් සිවිල් වැසියන් ඝාතනය කිරීමද වෙයි.
    විරුද්ධ වාදීන් දැඩි ලෙස මර්ධනය කල ඔහු 21 වන ශත වර්ශයේ මුස්ලිම් ආගමේ නායකයා ලෙස පෙනී සිටියේය.නමුත් ඔහුගේ පවුල් ඉතිහාසය පිරික්සීමේදී ඔහු යුදෙව් සම්ප්‍රදායට අනුව යුදා ජාතිකයෙකු බව ඔප්පු විය.ඔහුගේ සමීප ඥාතීන් දැනට ඊශ්‍රායෙලයේ වෙසෙයි.!
    විරුද්ධ දේශපාලන මත ධාරීන් අනුකම්පා විරහිත ලෙස මර්ධනය කල ඔහුට විරුද්ධව අවසානයේ ලිබියානු ජනතාවම නැගී සිටියේය.
    දැනට ලිබියානු ගඩාෆිට එක්සත් ජාතීන්ගේ බලපත්‍රයක් පිට බලවත් ජාතීන් පහර දෙයි.මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේආරක්ෂක මංඩලය හමුවේ ඡංද විමසූ විට කිසිම සාමාජික රටක් එයට විරුද්ධ නොවීය!! බල තන්නහවෙන් වියරු වැටුනු ඒකාධිපති පාලක ගඩාෆි දේශපාලන කුනු කූඩයට විසිවන දිනය වැඩි ඈතක නොවේ!

    දීඝ ජන්තු

    ReplyDelete
  7. ගඩාෆි කියන්නෙ මහින්දගේ හොද යාලුවෙක් නිසා විමල් විරවංශ ගඩාෆි පැත්තට කතා කරනකොට, ලංකාවෙ ජනමාධ්‍ය ඇත්ත විකෘති කරනකොට ලංකාවෙ ඉන්න ඔහේලා වගේ මෝඩයන් හිතන්නෙ ඇත්ත තත්වය ඒකයි කියලයි. ගඩාෆි විදෙස් ජනමාධ්‍යට දීපු අවසන් සම්මුඛ සාකච්චාව දැක්කද?

    අනෙක් අතට දැන් පහර දීමට තීරණය කරද්දි කොයි රටද ඒකට විරුද්ධ වුනේ? මම අහන්නෙ ගඩාෆි තමුන්ගෙම මිනිස්සුන්ට එරෙහිව පහුගිය මාස 2-3 කරපු ක්‍රියා හරිද?

    ලොකර්බි ප්‍රහාරය ඉඳන් මේ දක්වා කරපු අපරාධ සාධාරණද?

    තාමත් ඔහේලා වගේ මෝඩයෝ ඉන්නවනේ ඇත්තටම.... :P

    ReplyDelete
  8. විමල් වීරවංශ කෑ ගැහැව්ව කියලවත් , මහින්දගෙ යාලුවා නිසාවත් මේක දැම්මේ නෑ , ගඩාෆි කියන්නේ ඒකාධිපතියෙක් වෙන්න පුලුවන් , එහෙමනම් ඒක ලිබියාවෙ මිනිස්සු තීරණය කරයි , මිලියන ගානක් ඉන්න රටේ ඔය ගඩාෆිට ගහල ආණ්ඩු බලය ගන්න බැරිද? ඊජිප්තුවේ ලක්ශ 20 විතර පාරට බැස්සාම , ඒකෙ ආමි එකටයි ජනාධිපතිටයි කර කියාගන්න දෙයක් නැතුව ගියා , ඔය අයින් වෙලා ගියෙ අපූරුවට , එකත් ඇමරිකාවෙ බාල්දියක කියන එක වෙනම කථාවක් , ඉතින් ඒවගේ පිරිසක් ගඩාෆිට විරුද්ධනම් එක රැයින් පාලනය අතට ගන්න පුලුවන් , එහෙම දෙයක් නෑනෙ පේන්න , ගඩාෆිට ගහන කැරලිකරුවන් ඉතා සීමිතයි , ඒකයි උන් පැරදීගෙන ගියේ , අන්තිමට බැලුව ඇමරිකාව වැඩේ හරියන්නෑ , ගහන්න ගත්ත
    ඇයි ඒ ඔච්චර වියදම් කරන්න ලිබියාවට ගහන්නෙ , එහෙ ඉන්න මිනිසුන්ට ඇමරිකන් කාරය හරි ආදරේ නිසාද? ඔහෙල වගේ ලංකාවෙ දේශපාලන පක්ශයක් බදාගත්තු පිරිසක් හැම දේකටම විරුද්ධවෙන එක තමා කරන්නේ , බැරිවෙලාවත් ගඩාෆි රනිල්ගෙ හරි ටිල්වින්ගෙ හරි කරේ එල්ලිලා පින්තූර ගත්තනම් අපූරුවට ගඩාෆිට හුරේ දානව බලාගන්න පුලුව්න් වෙයි , ඇමරිකන කාරයට ඕන ඔයිල් ටික ගන්නයි , ආයුධ විකුනගන්නයි , තමන්ට ඕන කරන රූකඩ පාලකයෙක් රටක් ඇතුලෙ පත්කරගන්නයි, ඒකනෙ රනිල්ට ඇමරිකන් කාරයා බොක්කෙන්ම සප් එක ,

    ReplyDelete