Wednesday, March 9, 2011

හැමනිකා



නූතන ලොව බලවත්ම රට හැමනිකාවයි, දැනටමත් ඔබ දන්නවා විය හැක. උන්ට හොරා මෙලොව කුරුල්ලෙකුටවත් පියාබා යා නොහැක. එනමුදු අපිට හොරා හෝ දැන දැනම  උන්ට ඕනෑම සක්කිලි වැඩක් කල හැක. අර එන් මේ එන් , ඩොට් ඩොට් ජාත්‍යන්තර අධිකරණ නීති මාලා සියල්ලන්ගේම එහෙම නැත්නම් පොදුවේ රාජ්‍යන්ගේ උවමනාව මත පිහිටවා ගත්තද සැබවින්ම ඒව පාලනය කරනු ලබන්නේ හැමනිකාවයි. ඔයිල් ගන්නට ඇෆ්ගන් , ඉරාක් වැනි රටවල්වලට පහර දෙන්නේ මුලු ලොවම දැන දැනය. ඒවා දකින පිප්පී මූන් කියුන්ලා , එහෙම නැත්නම් බන්කිමූන්ලා , සියල්ල වසාගෙන නොදැක්කා සේ සිටී.එයට හේතුව නම් ඔය කියන්නාවූ මෙකී නොකී හැම ආයතානයක්ම = හැමනිකාව වීමයි.බලන් සිටිදී මුස්ලිම් රට වල මහා විප්ලව හට ගැනිනි, ගඩාෆිට ගහන්නට ආයුධ හා පුහුනුව සපයන්නේ ඇමරිකා කොන්ත්‍රාත් වලට අනුවය. මේ වෙනකොට ගාඩිෆි රටේ ඉහල අහස තහනම් කලාපයකි. හැමනිකාව කියන්නේ එය එක්සත්ජාතීන්ගේ උවමනාවක් විනා උන්ගේ උවමනාවක් නොවන බවයි. මේවා අසද්දී හිනා යන්නේ කොයින්දැයි හිතා ගත නොහැක.

හනේ මුන්ට කෙල වෙන දිනක් උදාවන්නේ කවද්දැයි අරින්නට පුලුවන් සියල්ල හැර අපි බලාසිටින්නෙමු...

2 comments:

  1. happa patta sira kathawa! ela ela

    Dreams .

    ReplyDelete
  2. නියම පොස්ට් එක බ්‍රෝ...

    ReplyDelete