Friday, February 11, 2011

අනාගත සිහින සහ "මොහිනී & කලුකුමාර"




ඔබත් සිහින දකිනවාද?
මම හිතන විදියට බහුතරයක් කියයි ඔව්  , මමත් බොහෝ විට දැකල තියනවා , මෙහි මොකඛරි විශේෂත්වයක් කාටවත් පෙනිල නැද්ද?  සමහර හීනවල විශේෂ යමක් දැකල තියෙනවා.

* හරියට ඒ හීනේ කාලය හරහා ඉදිරියට ගිහින් යමක් පෙන්වනවා වගේ , මොකද යම් කිසි සිද්ධියක් වෙද්දි මට මතක් වෙනවා මේ සිද්ධිය මම හීනෙන් දැක්ක බව කාලයකට පෙර. සමහර විට ඔබත් දැක ඇති.

තවත් කාරණාවක් ,

* හීනෙන් පේනවා අපේ ඇග උඩ අහෙම නැත්නම් අපි බුදියන ඇද උඩ කවුරුහරි ඉන්නව වගේ ,  ඇග අතගානව වගේ , ඇත්තටම කියනවනම් මම මේ වගේ දෙයක් මාසයක් පුරාම දැක්ක , දැනුත් ඉදල හිටල පේනවා , වැඩිහිටිය අය කියන්නේ මේක ඔය කාලෙට වෙන දෙයක්ලු , එයාල කියන විදියට

පිරිමින්ට " මෝහිනීලු ,
කෙල්ලන්ට පේනවනම් "කලුකුමාර" , 


මට කෙල්ලෙකුත් ඔය කතාව කිව්ව , එයාටත් ඔය වගේම වෙලා තියෙනව , විස්තර දන්නවනම් බෙදාගන්න .

ඔයාලත් දකින සිහින හැමෝටම කියමු..

19 comments:

  1. කාලයේ සීන් එක නම් මටත් වෙලා තියෙනවා....
    ඒත් හැබැයි මොහිනීගේ සීන් එක නම් වෙලා නෑ... අදවත් ට්‍රයි කරන්න ඕනි මෝහිනී දකින්න... :D

    ReplyDelete
  2. මොහිනී කියන්නේ ඇද උඩ නගින කේස් එකක් නෙවෙයි..
    ඒත් කළු කුමාර දිෂ්ටියනං එහෙම එකක් තමයි...
    විවාහ වෙන්න ප්රමාද වෙන..ඒ වගේම ඔසප් චක්රයේ විෂමතා ඇති කාන්තාවන්ට..වගේම ලිං තොට පැන් තොට ආදායේදී මේ දිෂ්ටියට හසුවීම නිසා කලු කුමාර බැල්ම වැටුනු කාන්තාවන්ට මේ දොඹය යෙදෙනවා..ඒ වගේම මල්වර දෝෂත් බලපානවා..
    සිහිනෙන් කළු කැමාර දිෂ්ටියත් සමග යහන් ගත වීමත් ඒ සෑම විටම කරනු ලබන සෑම දෙයක්මත් සැබෑවක් ලෙස දැනීමත්..එහි සලකුණු පසුවදාත් දකින්නට හැකි වීමත් මෙහි තිබෙන විශේෂත්වයක්..
    ඒ වගේම පුර පක්ෂයට එක් ආකාරයකුත් අව පක්ෂයට තවත් ආකාරයකුත් වශයෙන් කළු කුමාර දිෂ්ටියේ විධි දෙකක්ද තිබේ...

    මෙවන් දෝෂ ඇති අය තනි කිරීම කනාකිරීමත්..අවිවාහක නම් විවාහ කරදීමෙනුත් සමහර විට ශාන්ති කර්ම මගිනුත් සුව කිරීම කල හැකියි..
    හැබැයි මා දන්නා කාන්තාවන් කිහිප දෙනෙක් එයට ඇබ්බැහී වී ඇති අතර එයින් මිදීමක් අපේක්ෂා කරන්නේත් නැහැ..ඒ හැමෝම වාගේ
    විවාහ වී දීගය අතෑරැන අය වීමත් විශේෂයි.
    තවත් මේ සම්බන්ධ බොහෝ කාරණා ඇතත් වචන පරිස්මෙන් පාවිච්චි කරමින් ලියන එක තරමක් අපහසුයි.

    ReplyDelete
  3. මට හිතෙන විදිහට නම්, සිහින වල කිසිම ඇත්තක් නැහැ...අපේ මනස,අපි එදිනෙදා දකින අසන දේවල්......

    ReplyDelete
  4. මාර අයියා කිව එකට තව ඔනතරම් දෙවල් තියනවා එකතු කරන්න

    එවගේම මෙයාලා කලුපාට සහ දුබුරු පාට ඈදුම්වලට රුචිකත්වයක් දක්වනවා.එවගේම කළු කුමාර හෝ කඩවර දොස ඈති කානතාවන්ට බොහෝ වෙලාවල් වලට දරුපළ පිහිටන්නේ නෑ.. මම් අදන්න තරමින්.එවගේම මෙම කන්තවන් උදේ නෑගිටිද්දී ඈගේ අමරුකම් එවගේම තුනටිය රිදීම් අවගේ දෙවල් ඈතිවෙනවා... සමරය අය ත්මන් කෑම කන්නත් පෙර කෑම වලින් පොඩි කොටසක් හෝ එලියට් අදෙමීම කරනවා... බොහෝ දේනා මේ ගෑන් අවෙනස් මත දෑරුවත්.. මට් අකියන්න තියෙන්නේ.මේ කතාව ඈත්තක්... එවගේම ශන්තිකර්ම කරලා මෙය ඉවත් කරගෑනීම කරගන්න පුලුවන් වෙන ක්‍රමවලින් ඉවත් කරගන්න් අපුලුවන්ද දන්නේ නෑ... එවගේම මෙමෙ දොස්වලට වෙනම යන්තර බෑදීමකුත් සිදුකරනු ලබනවා සමහර අයට මෙවා කොච්චර කලත් ..උදේ වෙද්දී ආරක්ශවට දාල තියනෙවා ගලවගෙන..
    එයා ම දන්නේනෑ කොහොමද උනේ කියලා.. මෙකට හත්කටුවේ දොශය කියලත් කියනවා,මෙවෑනි දොසහ තිබඉන් අකාන්තාවක් විවහ කරගන්නවනම් කියන්නතියෙන්නෙ දෝෂය ඉවත් කරගෙන කසද බදින එක හොදයි කියලයි..
    නෑත්නම් අර මාර අයියා කිවා වගේ දීගේ ඈරෙන්න ත් පුලුවන්...

    ReplyDelete
  5. හීන ගැන කියනවනම් මට නම් පේන්නේ මල් හතේ හීන. හීන අතින් නම් මම මා..................ර මල් හතේ වාසනාවන්තයෙක්....මොකද පේන්නේම මාර ෆන් සෙක්සි හීන... :D

    ඊට අමතරව කියනවනම් දැනට අවුරුදු 2ක විතර කාලයක සිටන් මාසයකට 2 තුන් පාරක් මගේ කුඩා පාසල් කාලයේ ළගින්ම ඇසුරු කරපු යෙහෙලියක් පේනවා. අවුරුදු 13 කින් විතර මම එය ගැන කිසිම තොරතුරක් දන්නේ නැහැ. ඉන්නේ කොහේද මොනාද කරන්නේ කියාලා දන්නේ නැහැ. මම තාමත් උත්සහ කරනවා එයා ගැන විස්තර හොයා ගන්න. මම කරපු කිසිම පර්යේක්ෂණයකින් තවම තිසිදු තොරතුරක් හොයා ගන්න බැරි වුනා එයා ගැන. පේන්නෙත් අපි ඉස්කෝල් සෙල්ලම් කරපුවා රනුඩු උන ඒවා....බොරුවට තරහ වෙන ඒවා....ඒ දවස්වල කර කියපු ඒවා තමා..නරක දෙයක් පේන්නේ නැහැ...
    ඒත් මට තියෙන ප්රඒශ්ණය. ඇයි එයාවම පේන්නේ කියලා...මම ආශ්ර.ය කරපු ආලවන්තියන්වත් පේන්නේ නැහැ. ඒත් මේ යෙහෙලිය පේනවා දිගටම. ලංකාවට ඇවිත් පුළුල් දීප ව්යාැප්ත සෝදිසි මෙහෙයුමක් ක්රියයාත්මක කරන්න ඉන්නේ එයාව හොයන්න.

    ReplyDelete
  6. අඩේ මට හීන පේන්නෙ නෑ නොවැ... :D :D :D :D ඒත් මම දනව ඇස් අරගෙන හීන දකින විදිය... LSD!!!!

    ReplyDelete
  7. ayya godak asa hitena subject ekak digatama liyanna maxxa

    ReplyDelete
  8. මටත් හීන නම් ඕනි තරම් පේනව. කළු සුදු හින බහුලවමත්, පාට හින අඩුවෙනුත් පේනව..ඒත් හීන පෙනුන බවත් එහි සිටි පුද්ගලයනුත් මතකයේ ඇතත්.. සිද්ධිදාමය මතක හිටින්නේ හරිම අඩුවෙන්..අනික ඒ හින වල කිසිම ගැලපීමක් නැහැ...

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා... විහිළු නෙමෙයි... ඊයේ දැක්ක හිනයක ඉතිරි කොටස අද දකිනව නේද කියල මට හිතුන වාර අනන්තයි...

    සිහින පෙන්නේ ..සිහින දකින්න කැමති අයට විතරයි..ඒ වගේම සිහින දැකීම නිරෝගී මිනිසකුගේ ලක්ෂණයක්...

    ලස්සන පුංචි ලිපියක්... හැමාදාම අපේ කුතුහලය වඩවල තියල...

    ස්තූතියි...

    ReplyDelete
  9. අනිත් කාරණය... මෝහිනි සහ කළුකුමාර ගැන නම් මම කියන්නේ ..ඒ දේවල් තම තමන්ගේ සිත් වල තියෙන මෘදු ගතිය හා දැඩි ගතිය අනුව සිතින් මවා ගන්නා මනස්ගාත කියලයි..ඇත්ත නම් මේවා සමහර මානසික රෝග වල මූලික ලක්ෂණ... ( මගේ මතය පමණි.. අන්අය හෙලා දැකීමේ වුවමනාවක් නැති බව කාරුණිකව සලකන්න )

    ReplyDelete
  10. තමන්ගේ ශරිරයේ ද්විතීක ලින්ගික ලක්ශන පහල වෙනකොට ඔයවගේ සිහින පෙනෙන්න පුලුවන්.එ මොකද කියනවනම් එම වෙනස් වීම ශාරීරිකව හා මානසිකව බලපාන නිසා.

    ReplyDelete
  11. kalu kumaara doshaya gena mamath hoyanawa. mama mary karanna inna kenage horoscome eke thiyanawa ehema doshayak thiyana bawa

    ReplyDelete
  12. මෙලෙස තරුණියන්ට බැල්ම හෙලන කලු කුමාරයා කාන්තාවන්ට සිදු කරන වින ක්‍රම කිහිපයකි. මේවා අනුපිළිවෙලින් නැත. එහෙත් එය ඇති ස්වරුපය අනුව පෙලගස්වා ඇත.


    1. සිහිනෙන් රස මුසු ආහාර කැවීම
    2.කෑමට කැමති හෝ අකැමැති වුවත් ආහාර කැවීම.
    3.ශරීරයේ අවයව ස්පර්ශ කිරීම.
    4.ලිංගික තෘප්තියක් ලබා ගැනීම

    .
    මේ නිසා බොහෝ විට මුල් අවස්ථා දෙකේදී මෙවැනි දෝෂ ඇති කාන්තාවෝ පසු දිනයේ ආහාර අරුචියෙන් පෙලෙති. කැම බීම ගැනීම ප්‍රතික්ෂේප කරන අතර අජීර්ණය වැනි රෝග වලට ගොදුරු වෙති. ඉන්පසු අවස්ථා වලදී කාන්තාවන්ගේ ශරීරයේ තුවාල සහ ලප කැලැල් ඇති වන්නට පටන් ගනී. විශේෂයෙන්ම කලවා උකුළ සහ පියයුරු වල මෙම තුවාල ඇති වේ. සොයා ගන්නට හේතුවක් නොමැතිව අත් පා වල තුවාල සිදු වීම නිසා මෙවැනි නිවෙස් වල ඇද ඇතිරිලි වෙනස් කිරීම, සුරතල් සතුන් ඉවත් කිරිම, මැසි මදුරු නාශක ඉසීම වැනි කාර්යන් ට පෙලබේ. එහෙත් ඒවායින් ප්‍රතිඵලයක් නොලැබු විට චර්ම රෝග වෛද්‍යවරුන් වෙත හොමු වේ.

    ReplyDelete
  13. කලු කුමාර දෝෂ අනෙක් භුත දෝෂ මෙන්ම ඉවත් කිරීම අපහසු ය. වෙනත් දෝෂ සදහා නුල් මැතිරීම හෝ භුතයන් සිර කිරීම සිදු කලත් කලු කුමාර දෝෂය ඉවත් කිරීමට ප්‍රතමයෙන් කලු කුමාරයා සතුටු කිරීම වැදගත්ය. කලු කුමාරයාට විශේෂයෙන් සුදු සහල්වලින් පිසු කිරිබත් සහ කලු කුකුළෙකුගේ මස් ආහාරයට දීම වැදගත්ය. පසුව නුල් හතක් ගැට හතක් ගසා කාන්තාව රක්ෂණය කල යුතුය.

    මේ අනුව කලු කුමාරයාට පුජා කර ඔහුගේ දෝෂ ඉවත් කල යුතු වුවත් කලුකුමාර දෝෂය ඉවත් වන්න තරුණියට කල හැකි පිළීවෙත් කීපයකි. කලු සහ රතු ඇදුම් ඇදීමෙන් වැලකී ලා වර්ණ ඇදුම් ඇදීම වඩාත් සුදුසුය. 'එසේම දෙමාපියන් තම දරුවන්ට දුන් උපදෙස් මෙහි දී සිහි ගැන්වීම සුදුසුය. "පිස්සියෝ වගේ කොණ්ඩෙ කඩා ගෙන අවේලාවේ නාන්න එපා." මෙහි අවේලාව යනු සවස 6න් පසු කාලයයි. විශේෂයෙන්ම ඉර බැස යන කණිසමයි. එසේම ගෙයි දොර කඩ, ගේ පිටු පස, මල් පැල අසල තොණ්ඩෙ කඩාගෙන සිටීම නුසුදුසුය. කොණ්ඩය ගොතා හෝ ගැට ගසා සිටීම මේ දෝෂය අඩු කරන්නට ඇති එක් ක්‍රමයකි...

    ReplyDelete
  14. kadawara doshayath e wage ekakda? ekath godak bayanaka ekakda?

    ReplyDelete
  15. - රති කඩවර පිදේනිය පුදදීම -

    අයිලයට යාදිනි ගයා දෙවියන්ට කන්නලව් කොට දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරති. රතිකඩවර, රතිකම් කඩවර, රතිකාම කඩවර යනාදී විවිධ ස්‌වරූපයෙන් පෙනී සිටින රති කෙළියෙහි ඇලී ගැලී වාසය කරන රති කඩවර කිල්ලක්‌ දුටු සැණෙකින් දිෂ්ටි හෙළා බැල්ම හෙළා කාන්තාවන් ලෙඩ කරවන යක්‍ෂයෙකි.
    ග්‍රාමීය පරිසරය තුළ බොහෝ දුරට අඹුසැමියන් වශයෙන් එකතු වන්නේ නිවස තුළදී නොව වනයේදී ය. එබඳු අවස්‌ථාවලදී යම් හෙයකින් බිරිඳ මොහොතකට හෝ තනි වුවහොත් මෙම රතිකම් දෝෂයට ගොදුරු විය හැකි බව ඇඳුරන්ගේ පිළිගැනීමයි.
    රති කඩවරට වෙන්වූ "රතිකඩවර පිදේනිය" දිෂ්ටි මන්ත්‍ර කියා යාදිනි ගයා කුකුල් සිරි (ලේ) පිදේනියට දමා පිදේනිය ආතුරයාගේ නිවසට සමීපව ඇති "තුංමංසලක" කැප කොට පිදිය යුතුය.

    ReplyDelete
  16. ගැහැනුන්ට වින කරන යක්ෂ දේවතාවෝ
    "ගැහැනුන්ට වින කරන යක්ෂ දේවතා."ගැහැනුන්ට වින කරන යක්ෂ දේවතා.
    මොනතරම් දියුණු සමාජයක ජීවත් වුණත් තාක්ෂණය අතින් කෙතරම් ඉහළට ගියත් මිනිසුන් කවදාවත් අතීත බැඳීම්වලින් අෑත්වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි 'දෙයියන්ගේ ලෙඩට කොහොඹ අතු එල්ලලා දේව සාත්තුවක් කරලා පිහිටක් පතන්නේ. නමුත් අපි ඇත්තටම පිහිට ඉල්ලන්නේ දෙවියන්ගෙන්ද? මිනිසුන්ගෙන් පුද පූජා ලබන්නේ දෙවියන් පමණක්ද කියන කරුණ මේ දියුණු සමාජයට ගැටලුවක්.

    ගැමි ජීවිතය තුළ නිවුණු සැකසුණු නිස්කලංක සිත බිඳ දමන බලවේග තිබුණු බව නොරහසක්. එදා පුරාණයේ අපේ ආතලා, අත්තම්මලා ගැහැනු දරුවන්ට නාන තොටට, තුන්මංසලට, සොහොන් පිටිවලට යන්න එපා කිව්වෙත් මේ නොපෙනෙන බලවේග කෙරෙහි තිබුණු ගෞරව සම්ප්‍රයුක්ත බිය නිසාමයි. එය බයකට වඩා තිබුණු භක්තියක්, ගෞරවයක් කියන්න පුළුවන්.
    කළු යක්ෂයා, මදන යක්ෂයා, කඩවර යක්ෂයා, කම්බිලි යක්ෂයා වගේ බොහෝම තෙද බල පිරුණු චරිත කිහිපයක් එදා වගේම අදත් වන්නියේ අරක්ගෙන ඉන්නවා. ගැමියන් මේ යක්ෂයන් පිරිස දෙවියන් විදියට අදහනවා. නමුත් මොවුන් සතුව දේව ලක්ෂණ කිසිවක් නැහැ.

    ගැමියන්ට ලෙඩ රෝග ඇති කිරීම, පවුල් ආරවුල් ඇති කිරීම, වැඩිවියට පත්වූ දැරියන්ට හානි කිරීම තමයි මේ යක්ෂයන්ගේ කටයුත්ත. කාලි අම්මා දෙවඟන හෙවත් කාලි මෑණියන් පවා මෙතැනදී ප්‍රධාන වෙනවා.
    තම අණසකට පිටුපා යන ඕනෑම නරයකුගේ ඉදිරි ජීවිතය තීරණය කිරීමේ අරුම පුදුම බලයක් පවා ඇයට තිබෙන බවයි ගැමියන් අතර විශ්වාසය.
    කළු යක්ෂයා හෙවත් කළු කුමාරයා වැඩි වශයෙන් බැලුම් හෙළන්නේ අලුත වැඩිවිය පැමිණි සොඳුරු යුවතියන් වෙතයි. විවිධාකාර රෝගාබාධ ඇති කිරීමට හා යුවතියන්ගේ සොඳුරු නාරි දේහය දැක ගැනීම සඳහා නාන තොටවල සැඟවී සිට යුවතියන්ට ආරූඪ වීමටත් වැඩි කැමැත්තක් දක්වනවා.

    එසේම මදන යක්ෂයා ලෙස හඳුන්වන මේ කළු කුමාර යක්ෂයා සමඟම එකට වෙසෙන තවත් යක්ෂයන් සිටිනවා. ඔහු යම් ස්ත්‍රියකට බැල්ම හෙළුෑ විට ඇගේ සැමියා ලෙස පෙනී සිටිමින් හීනයෙන් ආහාර පාන ගෙන ඒම සහ සයනයේ නිදා ගැනීම මෙන්ම ස්ත්‍රිය හා සංසර්ගයේ යෙදෙමින් ඇගේ ශරීරය දිරාපත් කිරීමත් සිදු කරනවා. මින් දරුඵල පමා කිරීම, විවාහයට බාධා ඇති කිරීම, පවුල් අවුල් කිරීම සිදුකරනවා.

    ReplyDelete
  17. mama th hina nam dakinawa,eth man dakina hina godak ewa anagaththaye wena siduwim,welawakata pudumai .eth man dakina hina saba wena ewa.

    ReplyDelete
  18. මට නං පෙනුනොත් පේන්නෙ මහ කුප්ප හීන මෝහිනී විතරක්ම නෙවේ උදේට මතක තියන්නෙ දැකපු ඩබල් ටික විතරයි කාලෙ සීන් එකනම් සිරා බං සමහර ඒව හොදටම මීටර් කලින් වෙච්ච දේවල් කියල

    ReplyDelete
  19. Kalu kumara distiya wahunu aya kiyana ata kiyawanna link ekak dannawada

    ReplyDelete